මහබැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියයස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 21 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් පෙබරවාරි 4 වැනිද් අත්අඩංගුවට ගනු ලැබු අතර මේ දක්වා ඔවුන්් රිමාන්ඞ් භාරයට පත්කර තිබේ.

ඉෂාර රත්නකාර