දැල්වූ රතිඤ්ඤවක් මුව තුළ පුපුරා යාම හේතුවෙන් තුන් හැවිරිදි දැරියක් තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

දිවාලි සැමරුම් උත්සවයකදී තරුණයින් පිරිසක් තුන් හැවිරිදි දැරියකගේ මුව තුළට මෙලෙස දැල්වූ රතිඤ්ඤවක් දමා තිබේ.

දැරිය නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිට ඇති අතර අසල්වැසි තරුණයන් පිරිසක් මෙය සිදුකර ඇතැයි ඉන්දියාවේ මිලාක් ප‍්‍රදේශයේ පොලීසියට පැමිණිලි ලැබී ඇත.

දැරියගේ ගෙල ප‍්‍රදේශයට මැහුම් 50කට වැඩ සංඛ්‍යාවක් යොදා ශෛල්‍යකර්මයක් කර ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද එරට වාර්තා පවසයි.