රටේ දේශපාලනය උණුසුම් වූ මොහොතක ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක් කර මුල තිබියදී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම්ගේ නායක්ත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හා පා.ම. රිෂාද් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග‍්‍රස් පක්ෂ සාමාජිකයන් මක්කම වන්දනාව වෙනුවෙන් සෞදි අරාබිය බලා පිටත්වී තිබේ.

දින ගණනාවක් පුරා පූජාවිධි පැවැත්වෙන උම්රාහ් පූජෝත්සවයට සහභාගි වීම සදහා මෙලෙස ඔවුන් පිටත් වී ඇත්තේ ඊයේ දිනයේදීය.

රවුෆ් හකීම් මහතා සමඟ එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 7 දෙනෙක් මෙම වන්දනාවට සහභාගි වී තිබේ.

රිෂාද් බදියුදීන් මහතා සමඟ එම පක්ෂයේ 5 දෙනකු පමණ මෙම වන්දනාව වෙනුවෙන් සෞදි අරාබිය බලා පිිටත්ව ගොස් ඇත.

14 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ තීරණය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාද් බදියුදීන් යන අයගේ තීන්දුව ‘වැට උඩ’ බව ඇතැම් මාධ්‍ය වාර්තා පළකර තිබුණි.

45543126_2339589639607704_25353376631881728_n 45668789_2339589649607703_2742380281133531136_n 45494996_768975976776324_2372639178119708672_n-696x522

45671322_2247389462157874_3484331930147618816_n

45804438_2339589842941017_8769993201734909952_o 45511798_2339589936274341_6797630879519735808_n