පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු හා තමා විසින් කරන ලද නියෝග සියල්ල ජනාධිපතිවරයාගේ නියෝග යටතේ පමණක් සිදුකරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුුවේදී හෙතෙම මේ බව සඳහන් කළේ ය.

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් මෙහිදී පොලිස්පතිවරයා කරුණු දැක්වූයේ මාධ්‍යවේදීන් නගන වෙනත් කිසිදු ගැටලූවකට පිළිතුරු නොදෙන බව පවසමිනි.

දයා ගමගේ, නලින් බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් හිටපු නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ලිපියක් රැුගෙන පොලිස් මූලස්ථානයට පැමිණ හිටපු ඇමතිවරුන්ට පෙර පරිදි ආරක්ෂාව සපයන්නැයි දැනුම් දීමක් කළ බව පොලිස්පතිවරයා පැවැසීය.

”මා කටයුතු කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අදාළව පොලිස් චක‍්‍රලේඛයට අනුවයි. විධායක ජනාධිපතිවරයා හැටියට ඔහු නීතිය හා සාමය මෙන්ම ආරක්ෂක කටයුතු භාරව සිටින බවට මට දැනුම් දී තිබෙනවා. පොලිස්පතිවරයා හැටියට මම කටයුතු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග ලබාදෙන්නේ විධායක ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂාව භාර කටයුතු කරන මෛත‍්‍රීපාල සිරිසේනන මහතාගේ විශේෂ නියෝග මත පමණයි.”

ජනාධිපතිවරයාගේ නියෝග මත පසුගිය 26 වැනිදා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයට අනුව නව අග‍්‍රාමාත්‍යවරයෙක් හා පසුව අමාත්‍යවරුන් පත්කෙරුණු බැවින් නීත්‍යනුකූල ක‍්‍රමවේදයට අනුව සියලූ නියෝග ක‍්‍රියාත්මක බව ද පොලිස්පතිවරයා සිහිපත් කළේය.

ඒ අනුව හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂාව පෙර පරිදි ලබාදිය නොහැකි බවට ද පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේය.