රටේ පොදු ජනතාව ආර්ථික පීඩාවන් රැුසකට මුහුණ දෙමින් සිටින මෙවන් අවස්ථාවක හදිසි සහන රැුසක් ලබාදීමට රජය පියවර ගැනීම  කාලෝචිත කටයුත්තක් බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක මිල අඩු කිරීමට ගත් පියවර හරහා ඉහළ ජීවන වියදම හේතුවෙන්  ජනතාව මත පැටවී තිබූ බර යම් තරමකට හෝ සැහැල්ලූ වේ. එසේම සමස්තයක් ලෙස මෙම සහන දෙස බැලූ විට ඒවායේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක‍්‍රමය සරල කිරීම බව පැහැදිලිය. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහායක් වනු ඇත.

මෙම සහන අතර විශේෂයෙන් සඳහන් කළ යුතු හා කැපී පෙනෙන කරුණු කිහිපයක්ම ඇත. දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර මේ අතර  ඉතා වැදගත්ය, ඒ තුළින්  කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන ඉහළ යනු ඇති අතර ගොවි ජනතාව අත මුදල් ගැවසීමද ඉහළ යනු ඇත. නිෂ්පාදනය ඉහළ නැංවීමට ගන්නා පියවර හේතුවෙන් දේශීය ආදායම ඉහළ යන බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ලූනු සහ අල සඳහා සහතික මිල ක‍්‍රමවේදයක් හඳුන්වා දීම තුළින්ද ඔවුන් දිරිමත් වීම අනිවාර්යයෙන්ම සිදු වේ. අස්වනු නෙළන සමයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවන පියවර ද ඍජුවම දේශීය ගොවීන් ආරක්ෂා කර ගැනීමට අදාළ වේ. ඇත්ත වශයෙන්ම   මෙලෙස  කෘෂි නිෂ්පාදන තුළින් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා රට සූදානම් කිරීම ඉතා වැදගත් ක‍්‍රියාවලියකි .

පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජීවිකා වෘත්තිය කරගෙන යාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවිය. ඔවුන්ගේ ණය කපා හැරීමට ගත් පියවර හරහාද ඔවුන්ට යළි තම ගොවිතැන් හා ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් ලෙස ආරම්භ කිරීමට අවස්ථාව ලැබේ.

එසේම  ප‍්‍රවාහන, කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියලූම ස්ථරවල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල පහත හෙළීම හා ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප‍්‍රායෝගික මිල ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමට ගත් තීරණය හරහාද පොදු ජනතාවට සහනයක් ලැබෙනවා සේම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාව තුළද  ශක්තියක් හා විශ්වාසයක් ගොඩනැගේ. අත්‍යවශම කරුණ වන්නේ එයයි.

මේ වනතෙක්  සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන කාණ්ඩය යටතේ සියයට 14ක  සහනදායි ආදායම් බදු අනුපාතය අදාළ වූයේ  සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියලූ තැනැත්තන්ට අදාළ කිරීමට ගත් පියවර හරහාද එම සේවා අංශ වඩාත් ශක්තිමත් වීම සිදු වේ.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදුවලින් නිදහස් කිරීමට ගත් පියවර තුළින්ද ව්‍යාපාරික ප‍්‍රජාවට දිරිගැන්වීමක් ලැබේ.

දේශීය ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කිරීමද එවැනි ප්රෙෂණයන් ඉහළ නැංවීමට සෘජු ලෙසම දායකත්වය ලබා දේ.

වක‍්‍ර බදු  අවම කර ඍජු බදු ඉහළ නැංවීම සඳහාද නව යෝජනා ඉදිරිපත් වී ඇත. එය මෙරට පොදු ජනතාවට විශාල සහනයකි. පොදු ජනතාව මත පැටවී ඇති බදු බර සැහැල්ලූ වීම හරහා ඔවුන් අත මුදල් ගැවසීම තවදුරටත් ඉහළ යනු ඇත.

තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව  වැඩි කරලීම හරහාද කුඩා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයින් ස`දහා සහන සැලසේ.

දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලූම් නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහාද යෝජනා නව සහන තුළ ඇතුළත්ය. එසේම දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු අඩු කිරීම ඍජු ලෙසම  බලපානුයේ මෙරට පොදු ජනතාවගේ ජීවන බර සැහැල්ලූ කිරීමේ ක‍්‍රියාවලියටය.

මෙම යෝජනා හරහා ආර්ථිකය තුළ සිදුවන වෙනස්කම් හේතුවෙන් ව්‍යාපාරික ප‍්‍රජාව තුළ රටේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගේ. එසේ විශ්වාසය ගොඩනැගුණු විට ව්‍යාපාරික ප‍්‍රජාව තම ව්‍යාපාරික කටයුතු සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවීමට පෙළඹේ. ආයෝජනයන් ඉහළ යාම හා නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉහළ යාමද මීට එක්වූ විට රටේ ආදායම් තත්ත්වය ඉහළ යාම අනිවාර්යයෙන් සිදු වේ. එවිට ජනතාව මත පටවන බදු බර අඩු කළද, රජයට  ආදායම ලැබීම අඩුවකින් තොරව සිදුවනු ඇත. එනම් බදු ආදායම අඩුවුවද නිෂ්පාදන හා ආයෝජන ක‍්‍රියාවලිය හරහා රජයේ ආදායම ඉහළ යනු ඇත.Untitled-12

කෙසේ වෙතත් මෙම සහන යෝජනා දේශපාලනික වාසි අරමුණු කර ගත්  තාවකාලික පැලැස්තර නොවී දීර්ඝ කාලීනව ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්තිමය  සැලසුම් බවට පත්විය යුතුය. ජනතාවටත් රටටත් සැබෑ ප‍්‍රතිලාභ හිමිවන්නේ එවිටය.

(කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග සිල්වා මහතා සමග කළ සාකච්ජාවක් ඇසුරෙනි.*

Untitled-10