සිද්ධ වුණු  දේශපාලන පෙරළිය ගැන ඔබ දැනුවත්ව සිටියාද?

අපි ලැබෙන පළවෙනි අවස්ථාවේදීම බලය වෙනස්විය යුතුයි කියන එක ස්ථාවරයක හිටියා. පරක්කු වන සෑම මොහොතකම රට අගාධයට යන බව අපි දුටුවා. පහුගිය ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණනවා. ජනතාව බදු බරින් මිරිකෙනවා. කෘෂිකර්ම ක්ෂේත‍්‍රය කඩා වැටිලා. හෙට දවස ගැන විශ්වාසයක් නැති තත්ත්වයක් තිබුණේ. තවත් රට වැටියන් කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලේ අපි හිටියා නම් සමහර විට නැවත බලය ලැබීමෙන් පසුව රට ගොඩ ගන්න බැරි තත්ත්වයක් ඇති වෙයි කියලා අපිට හිතුණා. හැකි පළවෙනි අවස්ථාවේදීම රනිල් වික‍්‍රමසිංහ පාලන ක‍්‍රමය හා ඔහුගේ දරද`ඩු ක‍්‍රියාකලාපයට තිත තියන්න කටයුතු කළ යුතුයි කියන තැන එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් සිටියා.

මෙලෙස බලය ගැනීම ව්‍යවස්ථාවට පටහැනියි කියලා එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනාවක් එල්ල වෙනවා?

අපි දෙපැත්තට බෙදලා අදහස් දක්වනවා. අපේ පාර්ශවය කියනවා ව්‍යවස්ථානුකූලයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා ව්‍යවස්ථාවට පටහැනියි කියලා. එක්සත් ජාතික පක්ෂයට කරකියා ගන්න දෙයක් නැතිව ඔවුන් කළේ නම් විහිළු වැඩක්. අරලිය ගහ මන්දිරයට සෙනග ගෙනත් දාගෙන අරලිය ගහ මන්දිරය අද විකාරයක් කරලා. නමුත් මේකට විකල්ප දෙකක් අගමැතිවරයාට තිබුණා.

පළවෙනි විකල්පය නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ව්‍යවස්ථාව පිළිබ`දව අර්ථ නිරූපනයක් ලබා ගැනීම. රනිල් වික‍්‍රමසිංහ මහතා නිතිඥවරයෙක් විදියට පැහැදිලිවම දන්නවා එවැනි විකල්පයක් තියෙන බව. නිතිඥවරයෙක් නිසාම මේ වැඩපිළිවෙළ හා ජනාධිපතිවරයා විසින් ගෙන තිබෙන තීන්දු නිත්‍යානුකූල බව ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා. එ් නිසයි ඔහු උසාවි යන්නේ නැත්තේ.  දෙවැන්න බහුතරයක් පෙන්වන්න කියන එක. නමුත් දින 10ක් පාර්ලිමේන්තුව කල් දැම්මා කියන්නේ ලෝක විනාශයක් නෙවෙයි. පහුගිය යම් හේතු නිසා පහුගිය වසර හැත්තෑවක කාලය තුළ අනන්තවත් පාර්ලිමේන්තුව කල් දැමීම් සිදුවෙලා තියෙනවාද? සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ තාත්තා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මාස ගාණක් පාර්ලිමේන්තුව කල් තබා තියෙනවා.

ඔබලා බහුතරය පෙන්වන්න සූදානම්?

ඔව්. අපිට බහුතරය පෙන්වීමේ හැකියාව තියෙනවා.

ඇත්තටම ඇයි පාර්ලිමේන්තුව කල් දැම්මේ?

මුදල් ඇමැතිවරයෙක් දිවුරුම් දීලා තවම පැය කීයද? මුදල් ඇමැතිවරයා දිවුරුම් දීලා අයවැයක් ගේන්න බැරි නම් නියත වශයෙන් අතුරු ගිණුම් ප‍්‍රකාශනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න  ඕනේ. අඩුම තරමේ එ් ස`දහා සති දෙකක කාලයක්වත් දෙන්න අවශ්‍යයි. බැලූ බැල්මට එ්ක සාධාරණ බව  ඕන කෙනෙකුට පේනවා. ඊළ`ග මාස තුනේ රටේ ආර්ථිකය හසුරුවන ආකාරයයි එයින් සාකච්ඡුා කෙරෙන්නේ. ජනාධිපතිතුමා ඉතා සාධාරණ කාලයක් එ් ස`දහා ලබාදුන්නේ. දවස් 10 වෙනසක් තියෙද්දියි මේ ලොකේ පෙරළන්න කෑගහන්නේ. ඔවුන්ට විකල්ප තිබුණත් හෘද සාක්ෂිය දන්නවා ව්‍යවස්ථානුකූලව කටයුතු සිදුවෙලා තියෙන බව. එ් නිසයි විකල්පවලට නොගිහින් අනවශ්‍ය ප‍්‍රශ්න හදලා ජාත්‍යන්තරයට වැරදි පණිවිඩයක් දෙන්න හදන්නේ. සාම සාධක හමුදා ගේන්න කියනවා. රනිල් දන්නේ එ් වගේ දේවල් තමයි. එ් උත්සාහය මේ වන විට අසාර්ථක වෙලා. ඔවුන්ට අකුලගෙන යන්න සිද්ධවෙලයි තියෙන්නේ.

එ් කියන්නේ මේ වෙන කොට ජාත්‍යන්තරය පිළි අරන්ද බල පෙරළිය වුණේ ව්‍යවස්ථානුකූලව කියලා?

කවුද මේ ජාත්‍යන්තරය කියන්නේ. ජාත්‍යන්තරය කියලා අලූත් අර්ථකථනයක් දෙනවා. ලෝකේ රටවල් 193ක් තියෙනවා. මේ ජාත්‍යන්තරය කියන්නේ මොකක්ද? ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව යුරෝපීය සංගමය ඇතුළු රටවල් කිහිපයක් හා ඔස්ටේ‍්‍රලියාව. තව රටවල් ගණනාවක් තියෙනවා. මෙ අය ජාත්‍යන්තරය කියලා එකක් අලූතෙන් හදාගෙන තියෙනවා. මේ අයයි ජාත්‍යන්තරය කියන්න හදනවා. නෑ ඔවුන් තමයි ඩයස්පෝරා එකේ ඡුන්ද පදනම තියෙන රටවල්. එ් රටවලට වහල්වෙලා ඔවුන්ගේ ඩයස්පෝරාවට  ඕන විදියට කටයුතු කරන්න හදනවා.

ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. මේ වෙද්දි මහ මැතිවරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන තියෙනවාද?

එන සිදුවීම් අනුව එය කි‍්‍රයාත්මක වෙයි. මොන මැතිවරණයක්ද එන්නේ කියලා අපිට කියන්න බැහැ. සිදුවීම අනුව එය තීරණය වෙයි. අපි  ඕනම මැතිවරණයකට සූදානම්. අදාළ සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡුා කරලා රටට යහපතක් වෙන විදියට තීරණ ගනියි.

මැතිවරණයකට යන තෙක් වත්මන් රජයේ වැඩපිළිවෙළ මොකක්ද?

මේ වන විට අපේ වැඩපිළිවෙළ ආරම්භවෙලයි තියෙන්නේ. අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා  ආර්ථික කටයුතු ඇමැතිවරයා විදියට පැය 48 ක් යන්න කලින් ආහාරපාන සංගම් සිය කැමැත්තෙන්ම ආහාරපානවල මිල අඩු කළා. පාසල් ප‍්‍රවාහන සේවා මුදල් වැඩි නොකරන්න තීන්දු කළා. පෙට‍්‍රල්වලින් ගහපු අසීමිත බද්ද අඩු කරලා රටේ ජනතාවට සහන ලබා දුන්නා. ටෙලිකොම් එකේ මහා දැවැන්ත බද්දක් ගත්තා. ෆී‍්‍ර වයිෆයි දෙනවා කියලයි බලයට ආවේ. තිබුණ වයිෆයි එකත් නැති කරලා මිනිස්සුන්ට අමාරු තත්ත්වයක් ඇති කළා. එයත් මේ වන විට නිවැරදි කරලා තියෙනවා. කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට ගහලා තිබුණු මරු පහරවල් ටික ඉවත් කළා. පොහොර සහනාධාරය ලබා දෙමින් රුපියල් 2500ට වැඩිවුණු පොහොර මිටිය රුපියල් 500ට බැස්සුවා. පිටරටින් හාල් කුරක්කන් පිටි වගේ හැමදේම ගේන තත්ත්වයට රට පත්වෙලා තියෙන නිසා ගොවියා වහාම නගාසිටුවා අපේ රටේ ආහාරපාන අපිම හදා ගන්න තත්ත්වයක් ඇති කළ යුතුයි. අපේ රජය භාරදෙන අවස්ථාෙවේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ. සහල් ගබඩා කරන්න තැනක් නැතිකමට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළත් මේ ආණ්ඩුව ගබඩාවක් කරගත්තා. පිටරට ශ‍්‍රමිකයින්ගේ මුදල්වලට ගහපු බදු ඉවත් කළා. දරුවන්ගේ තැන්පතුවලට ගහලා තිබුණු බදු ඉවත් කළා. එ් වගේම ආනයන රෙදිපිළිවලට දාලා තිබුණු වැට් බද්ද ඉවත් කළා. එ් වගේම ලොකු ලූනු, රතු ලූනු වැනි දේශීය නිෂ්පාදන ගොවියා දිරිමත් කරන්නට පිටරටින් ගේන දේවලට බදු වැඩි කළා. පිටරටින් ගේන දේ අධෛර්යමත් කිරීමටයි එහෙම කළේ. රටේ ජනතාවගේ හ`ඩට කන් දෙන, ජනතාවගේ හ`ඩට සංවේදී පුද්ගලයෙක් හැටියට, ජනතාවගේ සිතුම් පැතුම් හො`දාකාරව තේරුම් ගන්න හදවතක් තිබෙන නායකයෙක් විදියටයි පැය 48ක් යන්න මත්තෙන් රටේ ඉදිරි අනාගතය භාර ගන්න තමන් සූදානම් බව ඔප්පු කරලා පෙන්නුවේ.

අලූතෙන් පත්වෙන ඇමැතිවරු අතර එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු දකින්න නැහැ. එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු පහුගිය ආණ්ඩුව බලයට පත් වූ අවස්ථාවේ ඉ`දන් වත්මන් රජය බලයට එනතෙක් විශාල වැඩ කොටසක් ඉටුකළා?
නෑ … නෑ… තව කල් තියෙනවානේ. මේක වන්නේ කොටස් වශයෙන්නේ. එක කොටසක් පත් කළා. ඊට පස්සේ තව කොටසක් පත් කළා. අයෙත් කොටසක් පත් වෙයි. ප‍්‍රශ්නයක් නැහැ. කාලය තියෙනවානේ 16 වැනිදා වෙනකල්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු මේ වෙනකල් විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ කියලා බෙදිලා හිටියා. දැන් ඔවුන් එකම ක`දවුරකට ඇවිත්. මෙහෙම ගියාම කෙටි කාලයකින් ගොඩනැගුණු පොහොට්ටුවට මොකද වෙන්නේ?

පොහොට්ටුව එ් ආකාරයෙන්ම යනවා. පොහොට්ටුව කියන දේශපාලන පක්ෂය මේ රටේ ස්ථිර වෙලා අවසන්. පොහොට්ටුවේ ගමන පැහැදිලියි. ස්ථාවරයි.

එතකොට ඔබලා ඊළ`ග මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්ද? ශී‍්‍රලනිපයෙන්ද? එජනිසයෙන්ද?
ඊළ`ග ඡුන්දෙට තව කල් තියෙනවා. මුහුද හත් ගව්වක් තියෙද්දි අපි සූදානම් විය යුතු නැහැ. අවශ්‍ය වෙලාවට සියලූ දෙනා සමග සාකච්ඡුා කර රටට යහපතක් වෙන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.  ඕනැම තැනකදී ප‍්‍රමුඛස්ථානය දෙන්නේ රට වෙනුවෙනුයි.

මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

එක්සත් ජාතික පක්ෂය උද්ඝෝෂණයකට කියලා මිනිස්සු හත් අට දාහක් කොළඹට ගෙනාවානේ. එ් ආපු කට්ටියගේ බෝඞ් ලෑලිවල තිබුණේ මොනවාද? එ් අය ආවේ රනිල් ආරක්ෂා කරන්න ද පක්ෂ නායකත්වය වෙනස් කරන්නද කියන දේ එ් බෝඞ් ලෑලිවල තිබුණු වැකිවලින්ම පේනවා. එක්සත් ජාතික පාක්ෂිකයින්ට  ඕනේ පක්ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ ඉවත් කරලා එ් තැනට සජිත් පත් කරන්න. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ නායකත්වය සම්බන්ධයෙන් තියෙන අර්බුදය දරුණුයි.

රන්මලී සෝමසිරි