ආක්ෂේගේ පාරේ යන ජොන්

ආක්ශේ සහ ජෝන් බොහෝ කලක පටන්ම මිතුරන්. පසුගිය දිනෙක ඔවුන් දෙපළගේ නිර්මාණ දෙකක් එකිනෙක ගැටුණත් එය ඔවුන්ගේ මිතුදමට නම් බාධාවක් වෙලා නෑ. ජෝන් තවමත් කියන්නෙ ඔහුගේ පරමාදර්ශී සිනමා චරිතය ආක්ශේ බවයි. ආක්ශේ කුමාර් යන මග යමින් ජෝන් ඒබ‍්‍රහිම් තවත් සත්‍ය කථාවක ප‍්‍රධාන චරිතයට පණ පොවන්නට සූදානම් වන බවයි අපට දැන ගන්නට ලැබෙන්නේ.

මීට දශකයකට පමණ පෙර මුම්බායිහි ත‍්‍රස්ත ක‍්‍රියාවන්හි නිරත වූ ත‍්‍රස්තවාදීන් පිරිසක් ලූහුබැ`ද යන ආරක්ෂක අංශ නිලධරයෙක් පිළිබ`දව කියැවෙන මෙම කථාව සිනමාවට නගන්නේ ප‍්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වන නිකිල් අද්වානි විසිනි. චිත‍්‍රපටයේ නම Batla House’

ඉන්දියාව තුළ මෙතෙක් වැඩිම වීර සම්මාන හා ගෞරවයක් ලබා සිටින  ඞී.සී.පී. සංජේ කුමාර්ගේ මෙම චරිතය තමන්ට ඉතා ප‍්‍රබල අභියෝගයක් වනු ඇති බවයි ඔහු පවසන්නෙ. මේ දිනවල මෙහි රූගත කිරීම් මුම්බායි, ජායිපූර්, දිල්ලි, ලක්නව් සහ  නේපාලයේදී සිදු කෙරෙනවා. ජෝන්ට අමතරව මෙහි Alok Panday” Abdul Qadir ඇතුළු නවක නළු නිළියන් කිහිප දෙනකුම රංගන දායකත්වය ලබා දෙනවා. චිත‍්‍රපටය ලබන වසරේ මැද භාගයේ තිරගත වීමට සියලූ කටයුතු සූදානම් බව තමයි දැන ගන්නට ලැබෙන්නේ.

Untitled-1 Untitled-2
Dostana – 2 සමගින් රාජ් කුමාර්

රාජ් කුමාර් රා ඕ මෑත කාලීන බොලිවුඩයේ බිහිවූ සාර්ථකම චරිතාංග නළුවෙක් ලෙසයි සැලකෙන්නේ. ඔහුගේ විශිෂ්ට රංගනයන් නිසාම ඔහුට විචාරක පැසසුම්, සම්මාන මෙන්ම ඔහු වටා විශාල පේ‍්‍රක්ෂක පිරිසකුත් මේ වන විට බිහි වෙලා.

පසුගිය වසරේ හො`දම සහාය නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය පවා ඔහුට හිමිවුණේ ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන්. පසුගිය දා තිරගත වූ ස්ත‍්‍රී චිත‍්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 100 ආදායම ඉක්මවමින් තිරගත වීමත් සමග ඔහුගේ ජනප‍්‍රියත්වය තවත් වැඩිවෙලා කිව්වොත් නිවැරදියි. කෙසේ නමුත් මේ වන තුරුත් ඔහුට වාණිජ චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතය නම් හිමිව තිබුණේ නැහැ. නමුත් මේ ප‍්‍රවෘත්තිය නම් ඔහුගේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත්වන ප‍්‍රවෘත්තියක් වනු නො අනුමානයි. බොලිවුඩයේ සුපිරි වාණිජමය සිනමා අධ්‍යක්ෂවරයෙක් වන කරන් ජෝහාර් ඔහුගේ මීළ`ග චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ස`දහා රාජ් කුමාර් රා ඕ තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. 2008 වසරේ අති සාර්ථක වූ Dostana චිත‍්‍රපටයේ දෙවැනි කොටස ලෙස දිගහැරෙන මෙම නිර්මාණයෙහි අනෙක් ප‍්‍රධාන චරිතය නම් තවමත් රහසක්. කෙසේ නමුත් චිත‍්‍රපටයේ තිර පිටපත මේ වන විට නිම වෙමින් පවතින අතර ලබන වසරේ මැද භාගයේදී මෙහි රූගත කිරීම අරඹන්නට කරන් සූදානම් වෙනවා. කෙසේ නමුත් මෙය නම් රාජ් කුමාර්ට ලැබෙන හො`දම අභියෝගයක් වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.


අර්ජුන් රාම්පාල්ට අපලයි

අර්ජුන් රාම්පාල්ට මේ ගෙවෙන්නේ එතරම් හො`ද කාලයක් නම් නෙමෙයි. පසුගිය දිනවල ඔහුගේ විවාහය දෙදරා ගියා. එපමණක් නෙවෙයි ඔහු මෑත කාලයේ ර`ගපෑ නිර්මාණත් අතළොස්සක් තරම්. ඉනුත් සාර්ථක වූ නිර්මාණ අතේ ඇ`ගිලි ගණනටත් අඩු තරම්. කෙසේ නමුත් මේ ප‍්‍රශ්න අතරටම ඔහුට තවත් කරදරයකට මුහුණ පාන්නට සිද්ධ වෙලා.
කාලයක් තිස්සේ පියයුරු පිළිකාවකින් පෙළුණු ඔහුගේ මව ග්වෙන් රාම්පාල් පසුගියදා ජීවිත ගමනට සමුදුන්නා. ඇගේ අවසන් කටයුතු පසුගියදා මුම්බායිහි පැවති අතර ඒ සඳහා ඇගේ දියණිය මෙන්ම ඔහුගේ කලින් බිරි`ද වූ මෙහෙර් ජෙසියා ද සහභාගි වී සිටියා. නමුත් කාගේත් අවධානය යොමු වුණේ  ඔහුගේ නව පෙම්වතිය වන Gabriella Demetriades වෙතයි. ඇය ඔහුගේ දියණිය සමගත් ඉතා කුළුපගව කථා බස් කරනු මාධ්‍යට ඇස ගැටී තිබුණා.
පවුලේ සාමාජිකයන්ට අමතරව කිම් ශර්මා, හර්ශ්වර්ධන් රානේ වැනි ක්ෂේත‍්‍රයේ මිතුරු මිතුරියන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණා.

චරිත් මොරගොඩ

Untitled-3