යක්ෂයගේ පඩිපෙළ දිගේ එක්කෝ ඔහිය ඉ`දලා පහළට කළුපහනට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් කළුපහනේ ඉ`දලා ඔහියට යන්නත් පුළුවන්. ඔහියට එන්න තියෙන්නේ කෝච්චියෙන්, එහෙමත් නැත්නම්, වැලිමඩට ඇවිල්ලා බස් එකකින්. කළුපහනට කොළඹ ඉ`දලා බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ හෝ මොනරාගල (මාර්ග අංක 99 හෝ 98* යන බස් එකකින් එන්න පුළුවන්.  යක්ෂයාගේ පඩිපෙළ දිගේ යන්න පහසුම ගමන් ආරම්භය තමයි ඔහිය දුම්රිය ස්ථානය කියලයි මට දැනගන්න ලැබුණේ. එහෙමත් නැත්නම් කළුපහන ඉ`දලා බඹරකන්ද දියඇල්ල හරහා ඔහිය එන්නත් පුළුවන්. ඒක ක`දු නැග්මක් නිසා තරමක් විඩාව සහ අපහසුව වැඩි වැඩියෙන් දැනෙනවා කියලා මිතුරන්ගෙන්ම මම දැනගත්තා.

යක්ෂයාගේ පඩිපෙළට යන පාර ගැන කිව්වාට යක්ෂයාගේ පඩිපෙළ කියන්නේ මොකක්ද? යක්ෂයාගේ පඩිපෙළ පොඞ්ඩක් බයත් හිතෙනවා නේද?

යක්ෂයාගේ පඩිපෙළ අද එතන නෑ, යක්ෂයාගේ පඩිපෙළ කියන්නේ ක`දු දෙකක් අතර බොහෝම අසීරුවෙන් යන්න පුළුවන් විදිහට බි‍්‍රතාන්‍ය යුගයේ දී හදලා තිබුණ ගල් පඩි 73ක් සහිත ගල් පඩිපේළියක්. මේ කියන යක්ෂයාගේ පඩිපෙළ තියෙන ක`දු ගැටයෙන් තමයි ඔහියත්, වේස්ට් හහුතලේ කියන තේ වත්තත් වෙන්වෙන්නේ.  1948 වර්ෂයේදී ඒ පඩිපේළිය ගලවලා එතැන වාහනවලින් යන්න පුළුවන් විදිහට පාරක් හදලා තියෙනවා.

යක්ෂයාගේ පඩිපෙළ ඇතුළත්ව කිලෝමීටර් 24 පමණ වන ඔහිය-කළුපහන මාර්ගයම අද යක්ෂයාගේ පඩිපෙළ කියලා තමයි සංචාරකයන් විසින් හ`දුන්වන්නේ. ඒ පාර ඔහිය දුම්රිය ස්ථානයේ ඉ`දලා උඩවේරිය වත්ත, වෙස්ට් හපුතලේ වත්ත හරහා කළුපහන දක්වාම තියෙනවා. දැනට සංචාරකයන් විසින් හ`දුන්වාගෙන තියෙන විදිහට යක්ෂයාගේ පඩිපෙළ ලෝකයේ  තියෙන සුන්දරතම ධෙෙ ඍද්ා ඔර්ජන එක ලෙසට හ`දුනාගෙන තියෙනවා. කොහෙම වුණත් බි‍්‍රතාන්‍ය සමයේදී මෙම මාර්ගයේ කළුපහන ඉ`දන් වේස්ට් හපුතලේ දක්වාම වන මාර්ගයේ කොටසක් මෝටර් කාර් තරග පැවැත්වීම ස`දහා භාවිතයට අරගෙන තියෙනවා. ඒවා සංවිධානය කරලා තියෙන්නේ ලංකාවේ ඔටෝ මොබයිල් සංගමය විසින්. අදත් මෙම මාර්ගය ධකා ඵදඑදර ක්‍රදිි ඔර්ජන ලෙසට විදේශිකයන් විසින් හ`දුන්වනවා.

දැන් අපි ගොඩක් දේවල් කතා කරා. දැන් අපි යක්ෂයාගේ පඩිපෙළ දිගේ යන්න ගමන් ආරම්භ කරමු නේද? මමයි, මගේ යාළුවෝ කට්ටියයි යක්ෂයාගේ පඩිපෙළ දිගේ ඇවිදගෙන යන්න, රාත‍්‍රී බදුල්ල තැපැල් දුම්රියෙන් තමයි ඔහියට ආවේ. ඔහිය දුම්රිය ස්ථානයට කෝච්චිය එනකොට පාන්දර 4. 30 වාගේ වුණා. අපි දුම්රිය ස්ථානයේ මගී විවේකාගාරයේ පාන්දර වෙනකල් ඉ`දලා එතන ඉස්සරහා තිබුණ කඩයකින් රොටියක් කාලා ටී එකක් බීලා තමයි ගමන පටන් ගත්තේ. අපේ ගමනට අවශ්‍ය සියලූම දේවල් අපි කලින්ම සුදානම් කරගෙන ඒ සියල්ලම ඇරගෙන තමයි ආවේ. මොකද  දන්නවාද  ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ අවශ්‍ය අඩුමකුඩුම මීලදී ගැනීම ස`දහා සුදුසු කඩයක් නොමැති කමයි.

ඔහිය-හෝර්ටන් තැන්න පාර දිගේ අපි කිලෝමීටර් 2. 5 ක් විතර ආවා. ඒ මාර්ගය දෙපසම වාගේ යුකැලිප්ටස් වගාවන් තමයි දැක ගැනීමට පුළුවන් වුණේ. අපි අපේ ගමන පුළුවන් උදෙන්ම ආරම්භ කරේ කිලෝමීටර් 24ක් පා ගමනින්ම යන්න තියෙන නිසාත්, නිතරම වෙනස් වන කාලගුණික තත්ත්වයත් සැලකිල්ලට ගනිමින්. මේ පාරේ කිලෝමීටර් 2.5 ක් විතර ආවාම හමුවන හන්දියෙන් වම් අත දෙසට ඇති මාර්ගයේ තමයි අපිට යන්න තියෙන්නේ. අනෙක් පාර හෝර්ටන්තැන්න දක්වාම යන්න පුළුවන්.  මේ හන්දියේ ඉ`දලා යක්ෂයාගේ පඩිපෙළ දක්වාම තියෙන මාර්ග කොටස ඉතාම අපහසු මෙන්ම අලංකාරත්වයෙන් යුත් විවිධ උස් මට්ටම්වලින් සහ විවිධ භූ ලක්ෂණවලින් හෙබි දර්ශන තලයන් ඇති පාරක් ලෙසට හ`දුන්වන්න පුළුවන්.

උඩවේරිය වතුයාය මැදින් ගමන් කළ අපි යක්ෂයාගේ පඩිපෙළ තිබුණු තැනට මද නැග්මක් තිබුණු නිසා අපි තරමක් හෙමින් තමයි ගමන් කළේ. සුන්දර වූ දසුන් පේළිය වචනයෙන් කියන්න බැරි තරමටම සුන්දරයි. තව තව ඈතට යන විට උඩවේරිය වතුයායේ ලයිම් කාමර ගිනි පෙට්ටි තරමට තමයි පෙනෙන්න ගත්තේ.  උඩවේරිය වත්තේ විනාශ වී ගිය තේ කර්මාන්තශාලා දෙකක් තියෙනවා. ඒ වාගේම සෑම හිස් බිමකම ඉතාමත් සාර්ථක ලෙස උඩරට වැවෙන එළවළු වගා කරලා තියෙනවා. උඩවේරිය වත්ත ආසන්නයේ නාගදෝව, උඩුවර සහ බූමූර කියලා දියඇලි තුනක්ම දකින්ට තියෙනවා. මෙම දියඇලි ආසන්නයට යාම ටිකක් අපහසු වුණත් සුන්දර දියඇලි තුනක්.

වංගු සහිත නැග්මක් සහිතව කඳු දෙකක් අතර ආගාධයක් වැනි තැනකට තමයි මේ යක්ෂයාගේ පඩිපෙළ කියලා කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වාගේ අද ඒ පඩිපෙළ මෙතැන නෑ. දෙපැත්තේ තියෙන කන්ද අමුතුම භයංකර ගුප්ත බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඈතට වුණත් මෙම කන්ද මීදුමෙන් වැසී ගිය බියකරු හැ`ගීමක් තමයි ඇති කරන්නේ.

යක්ෂයාගේ පඩිපෙළ ඉවර වුණ සැනින්ම අපි ඇතුළු වන්නේ වේස්ට් හපුතලේ තේ වත්තටයි. මෙම තේ වත්ත 1925 ඉ`දලා 1930 වෙනකම් අයිතිකරු වුණේ නොල්තිනියස් ඒ. සී. යුටින් කියන විදේශිකයාට. ඔහු ශ‍්‍රී ලංකාවේ වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කර ගැනීම ස`දහා අසහාය කාර්යයක්, සහ සේවයක් කරන ලද අයෙකි. ඔහු මියගිය පසු ඔහු වෙනුවෙන් ඔහුගේ මිතුරන් විසින් සිහිවටන ඵලකයක් හපුතලේ ශූද්ධ වූ ඇන්ඩු දේවස්ථානයේ ස්ථාපනය කරලා තියෙනවා.

වේස්ට් හපුතලේ තේ වත්ත සශ‍්‍රීකව වැඩිලා තියෙන තේ වත්තක්. අපට ඉදිරියෙන් හමුවන තේවතු මාර්ගයේ වමට ඇති ඒ වාගේම පහළට තියන පාරේ තමයි යන්න තියෙන්නේ. මාර්ගයේ සමහර තැන්වල සලකුණු කරලා තිබුණාට පාර සොයා ගන්න ඉතාම අපහසුයි. වෙස්ට් හපුතලේ තේ වත්තේ ම`ද දුරක් ගියාම අපිට බළන්ගොඩ කූරගල කන්ද සහ ඒ අවට ප‍්‍රදේශය ඉතා හො`දින් පෙනෙනවා. අපේ මාර්ගය වැටිලා තිබුණේ වෙස්ට් හපුතලේ ලයිම් කාමර අයිනෙන්, තේ වත්තේ ප‍්‍රජා ශාලාව, තේ දලූ කිරන දලූ මඩුව අයිනෙන්.  ඉතිං අපි ඔහෝම ඔහෝම ඇවිල්ලා අර මම ඉස්සෙල්ලා කියාපු ධකා ඵදඑදර ක්‍රදිි ඔර්ජන වෙත එන්න පුළුවන් වුණා.  අද එහි තියෙන්නේ නටබුන් උනු මං සලකුණු කිහිපයක් පමණයි.

ලංකා ඇල්ල දියඇල්ල සහ ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලට වතුර සපයන දොළ පාර ළ`ගට ඇවිල්ලා අපි බොහෝ වේලාවක් එහි ගිමන් හැරියා. එම ස්ථානයේ පැරණි පාලමක නටබුන් දකින්නට ලැබෙනවා. එහි එක් පුද්ගලයකුට පමණක් ගමන් කරන්න පුළුවන් පාලමක්. වැසි කාලයේදී නම් මෙම දොළ පාර උතුරා යනවා. එවිට වතුර අඩුවෙනකම් වාහනයක් නම් එතැනින් එගොඩ වෙන්න බොහෝ වේලාවක් ඉන්න වෙනවා. ඒ ස්ථානයේ අවට බොහෝ වයසැති දේවදාර ගස් කිහිපයක්ම තියෙනවා. යක්ෂයාගේ පඩිපෙළ තරණයේදී ලංකා ඇල්ල දිය ඇල්ල බලන්න යනවා නම් වෙනමම යන්න වෙනවා. මොකද ලංකා ඇල්ල දියඇල්ල යක්ෂයාගේ පඩිපෙළ මාර්ගය ආසන්නයේ ඉ`දලා කිලෝමීටර් 1.5 ක් 2ක් පමණ කැලය මැදින් යන්න  ඕනි.

අපි කොහොම කොහොම හරි ගාට ගාටා ප‍්‍රසිද්ධ ඪ-ක්‍මඑ නම් ස්ථානයට ආවා. එතැනින් අපි කළුපහන පැත්තට ගියාම නැවත වෙස්ට් හපුතලේ පැත්ත පෙනෙන්නේ නෑ, ඒ වෙනුවට අපට පෙනෙන්නේ කූරගල, බලංගොඩ, දඩයම්පොළ, හම්බේගමුව ආදි ප‍්‍රදේශයි. මෙතන ඉ`දලා තව කිලෝමීටර් 7ක් විතර ආවාම තමයි බඔරකන්ද දියඇල්ල තියෙන තැනට එන්න පුළුවන් වෙන්නේ.

බඹරකන්ද දියඇල්ල තියෙන තැන ආපනශාලා කිහිපයක්ම තියෙනවා. ඒ වාගේම නවාතැන් කිහිපයක්ම තියෙනවා. එතැන ඉ`දලා වීරකෝන්ගම හරහා නැවත කිලෝමීටර් 5ක් විතර ගියාම තමයි කොළඹ-බෙරගල ප‍්‍රධාන මාර්ගයට එන්න පුළුවන් වෙන්නේ. අපි හවස 5.30 විතර වෙනකොට කොළඹ-බෙරගල ප‍්‍රධාන මාර්ගයට ආවා. එතැන ඉඳලා අපි කොළඹ බස් එකකින් කොළඹ යනවා කියලා හිතුවාට අපි කරේ එතැන ඉ`දලා හපුතලයට ඇවිල්ලා රාත‍්‍රිය හපුතලේ නිවාඩු නිකේතනයක නතරවෙලා උදේ කොළඹ බලා යන කෝච්චියෙන් කොළඹට පැමිණීමයි.

ඉන්දික කරුණාදාස

Untitled-11 Untitled-12 Untitled-13 Untitled-14