සමනොල කියූ සැනින් සිහිපත් වෙන්නේ උතුම් සිරිපාද පද්මයයි. මේ පුණ්‍ය භුමියේ අසිරිය වි`ද ගන්නට  බැතිමත් මිනිසුන්ට මාස හයක් වූ වන්දනා කාලයක් තමයි හිමිවෙන්නේ. අනෙක් මාස හය කියන්නේ සිරිපා වන්දනා අවාර සමයයි. මිනිසුන් වන අපට සිරිපා වාරයක් තිබුණත් ඒ උතුම් පුදබිමේ සරන්නට වගේම තමන්ගේ පැවැත්ම සහතික කර ගන්නටත් වන සතුන්ට නම් කාලයක් මේ යැයි වෙන් වන්නේ නෑ. සමනල වන පෙත තිඹිරිගෙය කොටගෙන උපදින සියලූ සත්ත්වයින් මියැදෙන්නෙත් මේ පුණ්‍ය භුමිය තුළමයි. ශ‍්‍රී සම්බුද්ධ ගෞතමයාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් සහ උතුම් සද්ධර්මයෙන් නිවී සැනහුණ උතුම් භූමිය ආශ‍්‍රිතව තිරිසන් අත්භවයක් ලැබ වුවත් ජීවත් වන්නට තරමේ මේ සත්ත්වයන් භාග්‍යවන්තයි.

උඩුදුම්බරින් හමුවුණු සුදු ගෝනා වාගේම හරිම අපූරු සත්ත්වයෙක් සමනල වනපෙත තුළ දී නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් අනිල් විතානගේ මහතාට උදා වුණා. මේ සත්ත්වයාත් සුදු පැහැතියි. නියෝජනය කරන්නේ පක්ෂි පවුලයි. විශේෂත්වය වන්නේ අපේ රට තුළ පමණක් ජීවත් වන පක්ෂි විශේෂයක සාමාජිකයෙක් ලෙස මේ කුරුල්ලා වාර්තා වීමයි. නමින් කහ කන් කොණ්ඩයා කියන පක්ෂි විශේෂයට තමයි මේ පක්ෂියාත් අයිති වෙන්නේ. ඒත් පැහැදිලි ලෙසම මේ විශේෂයට අයත් සෙසු කුරුල්ලන්ගෙන් මේ කුරුල්ලා වෙන් කර හ`දුනා ගත හැකිවන්නේ ඔහුගේ සිරුරේ ඇති වර්ණ සංකලනය මතයි. සමනොල වන පෙත ආශ‍්‍රිතව සිදු කළ රාජකාරියක් අතරතුරදී අහම්බයෙන් හදි ගැහුණු මේ කුරුල්ලාගේ පැහැයේ ඇති සුවිශේෂිතාව නිසාවෙන්ම අනිල් විතානගේ මහතාගේ අවධානය මේ පක්ෂියා වෙත යොමු ව ඇත. වහා ක‍්‍රියාත්මක වූ ඔහු තමන්ගේ අත රැු`දුණු පුංචි කැමරාවෙන් මේ පක්ෂියාගේ සේයාරුවක් ගැනීමට උත්සාහ කර ඇති අතර යම්තාක් දුරකට පැහැදිලි දසුනක් ලබා ගැනීමට ඔහු සමත් ව ඇත. දැනට මේ පක්ෂියා ගැන කතා කිරීම ස`දහා ඇති එකම නිදර්ශකය බවට පත්වන්නේ ඒ සේයාරුව පමණි.

කහ කන් කොණ්ඩයා, පීතකන්කොණ්ඩයා වගේම ගුරු කොණ්ඩයා කියන සිංහල නාමකරණයෙන් හ`දුන්වන මේ පක්ෂි විශේෂය ශ‍්‍රී ලාංකේය කුරුල්ලන් අතරේ හ`දුන්වන්නේ ඔටුනු පලන් කුමාරයා කියන පටබැ`දි නමිනුයි.

පයික්නොනෝටිඬේ (ඡුශක්‍භධභධඔෂෘ්ෑ* ලෙසින් හ`දුන්වන කොණ්ඩ කුලයට අයත් මේ පක්ෂීන් විද්‍යාත්මකව පයික්නොනෝටස්පෙනිසිලාටස් (ඡුහජබදබදඑමිචැබසජසකක්එමි* ලෙස ලතින් වහරින් හ`දුන්වනවා. අපේ සංචාරෙදි අද හ`දුන ගත් අලූත් විහ`ග මිතුරා පැහැදිලි ලෙස ස්වේත පැහැයෙන් දිස්වුවත් මෙයා අයිති වෙන පක්ෂි පවුලේ සෙසු සාමාජිකයින්ගේ ශාරීරික වර්ණය වෙන්නේ අ`දුරු ගොම පැහැ හරිත පැහැයයි. ප‍්‍රධාන ශාරීරික ලක්ෂණ වන හිස දෙපස ඇස්වලට පිටුපසට වෙන්නට පිහිටා ඇති ගිනි සිළු දෙකක් හා සමැව කහ වර්ණයෙන් බබළන පිහාටු ගොමු දෙකක් දැක ගන්න පුළුවන්. සමහරු මේවා සවන් පිල් ගොමු දෙකක් ලෙස වරදවා වටහා ගත් අවස්ථාද තියෙනවා. අපේ විහ`ග මිතුරාගේ නම් මේ කියන පිහාටු ගොමු දෙක සුදු පාටයි.

කහ කන් කොණ්ඩයන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ තෙත් සිසිල් ක`දුකර පෙදෙස් ඇසුරේදීයි. ඒ කියන්නේ මධ්‍යම ක`දුකරයේ ඉහළට වෙන්නට පිහිටලා තියෙන වන වැසුම් ඇසුරේදී දැක ගන්න පුළුවන්. මේ පක්ෂීන් වැඩිපුරම කැමති හපුතලේ තංගමලේ, හෝර්ටන්තැන්න, සමනල, සිංහරාජ, නකල්ස්, ගැල්වේස්ලෑන්ඞ්, හක්ගල ආදී වනගත පෙදෙස්වලදී තමන්ගේ පැවැත්ම යහපත්ව පවත්වාගෙන යනවා.

ඉතින් බලන්න එකම කුරුලූ විශේෂයට අයිති වුණත් ඒ අය අතරත් ඉන්නවා ශාරීරික වර්ණයෙන් වෙනස් අය. මේ කියන සුදු පැහැති කුරුල්ලා එවැනි වූ ශාරීරික වර්ණයක් දරන්න හේතු වුණු කාරණාවන් කෙබ`දුද? එම තත්ත්වය මිනිසාටත් සතාටත් පොදු වුණු ජීව විද්‍යාත්මක හේතු කාරණා මුල්වෙලා තමයි ඇතිවන්නේ.  මෙයා තමන්ගේ සනුහරේ සෙසු සත්ත්වයින්ට හිමි වූ වර්ණයන් නොපිහිටන වර්ණ විකෘතිතාවක් ලෙසටත් හැ`දින්විය හැකියි. ඒ කියන්නේ සමනල විහ`ග මිතුරාගේ සිරුරේ එක් වර්ණයක් මුල් වෙලා මුළු සිරුර පුරාවටම පැතිරයාමක් තමයි නිරීක්ෂණය වන්නේ. විහ`ග සමාජයේ අපේ රට තුළ ජීවත්වෙන කුරුලූ විශේෂ අතරේ දී මෙවැනිම වූ වර්ණ විකෘතිතාවට ලක් වෙමින් වුවත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන සිටින කුරුලූ සාමාජිකයින් කිහිප දෙනෙක් පිළිබ`දව විවිධ කාලවලදී වාර්තා වී තියෙනවා. ඒ අතරට පසු ගිය වසරේ උඩවලව ජාතික උද්‍යානය ඇසුරේ වාර්තා වූ මාල ගිරවාද අයත්. මේ තත්ත්වය ඇලි භාවයට පත්වීමක් ලෙස වරදවා වටහා නොගත යුතුයි. ඇලි තත්ත්වය, සුදු පැහැ තත්ත්වය කියන්නේ ඊට ඉ`දුරාම වෙනස් වූ තත්ත්වයක්. එනම් තමන්ගේ මා පිය පාර්ශ්වයෙන් උරුම විය යුතු ජානමය අයිතීන් වෙනුවට පැරණි නිලීන ජානයක් මේ සත්ත්වයා හරහා ඉස්මතු වීම තුළින් පරපුරට අයත් ස්වාභාවික වර්ණය සුදුපැහැ වීමෙන් ඇලි තත්ත්වයට පත්වන අතරම එවැනි වූ සත්ත්වයින්ගේ ඇස් රතුපාටින් තමයි දැක ගත හැකිවෙන්නේ.

තමන්ගේ සනුහරේට අයත්වුණු වර්ණ සංකලනයෙන් වෙන් වූ අපේ විහ`ග මිතුරා වූ කහකන් කොණ්ඩයාගේ විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාවට අයත් විහ`ගුන් අතරේ මෙවැනි වූ තත්ත්වයකට පත් වූ බවට වාර්තා වූ ප‍්‍රථම පක්ෂියා සමනල වන පෙතේ දිවිගෙවන කුරුල්ලා වීමය. ඔහු තම රැුලේ සෙසු සාමාජිකයින් සමග අන්‍යොන්‍ය සුහදත්වයෙන් දිවි ගෙවයි. අපිට අමුතු ලෙස නිරීක්ෂණය වූවත් මොහු අයත් වන කුරුලූ පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් මොනයම්ම හෝ වෙනස් වූ හැසිරීමක් මේ පක්ෂියා වෙත යොමු නොවෙයි. සැවොම එකාවන්ව සුපුරුදු දින චර්යාවේ නිරත වේ. අනිල් විතානගේ මහතා මේ පක්ෂියා නිරීක්ෂණය කරන විටදි කුරුල්ලා යම් යම් ආහාර හොටින් රැුගෙන යන කැපී පෙනෙන හැසීරීම් ප‍්‍රකට කර ඇති අතර ඒ අනුව මේ කුරුල්ලා පැටවුන් පෝෂණය කරනු ස`දහා ආහාර රැුගෙන යනු ඇතැයි හේ නිගමනය කර ඇත.

අවසන් ලෙස ස`දහන් කළ යුතුව ඇත්තේ වර්ණ සුසංයෝජනයෙන් මෙවැනි වූ සත්ත්වයින් විවිධ කාල වකවානුවල විවිධ ප‍්‍රදේශයන් ඇසුරේ වාර්තා විය හැකි වුවත්, ඒ හේතුව නිසාවෙන් නම් මේ සත්ත්වයින් වෙත අමුතු වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත පැවැත්මට තර්ජනයන් ඇතිවිය හැකි කුමක් හෝ සිදුකිරීමට නම් සිහිනෙන්වත් නොසිතන්න. අපේ රට තුළදී පමණක් දැක ගත හැකි, ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවට ආවේණික කහ කන් කොණ්ඩයන්ද අයත් වන්නේ ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයටයි. එවැනි පක්ෂියකුගේ කැදැල්ලකට හානි කිරීම, බිජු සොරකම් කිරීම, මරණයට පත්කිරීම, නිජබිම් විනාශ කිරීම කියන්නේ ද`ඩුවම් ලැබිය හැකි වැරදි ගණයට තමයි අයිති වෙන්නේ.

ශ‍්‍රී ලංකාවේ හදවත බ`දු ජෛව විවිධත්වයෙන් අනූන වන පෙත් ඇසුරේ දිවි ගෙවන මෙවැනි ජීවීන් තමන්ගේ වාස භූමි විනාශ වී යාමේ භයානක ඛේදාන්තයට මුහුණ දී සිටින බව කනගාටුවෙන් නමුත් සිහිපත් කළ යුතුව ඇත. ඒ ආර්ථික න්‍යායන් මත පදනම්ව කඩිනම් සංවර්ධනය සඳහා මූලිකත්වය ලබා දී ඇති මානව කටයුතු හේතුවෙනි. ඔබ එළැඹෙන වාරයේ සිරිපා වැ`ද පුදා ගන්නට හිතේ තියාගෙන එය වන්දනීය පාරිසරික සංචාරයක් කර ගන්නටත් අමතක නොකරන්න. සිරිපා මාර්ගයේ ගල් පඩි තරණය කරමින් ක`දු තරණයේ නිරත වෙන ගමන් ඔබ පසුකර යන මාර්ගය දෙපස වන පෙත මිනිස් අතින් කිළිටි නොකරන්නට හිතට ගන්න. මොකද මේ වන පෙත නිජබිම් කරගෙන වාසය කරන්නේ හරිම සංවේදී වූ ශාක සහ සත්ත්ව විශේෂයි. ඔවුන්ගේ පැවැත්මට ආගන්තුක මිනිස් අත පෙවීම් නොකටයුතුයි. සිරිපා ක`දු තරණයේ නිරත වන බැතිමතුන් තම තමන්ගේ ආගම් අනුවත් එහි කියැවෙන පරිදි පරිසරය සුරකින්න, පරිසරයට ගෞරව කරන්නටත් හිතට ගන්න. එවිටයි ආගමානුකූල දිවි පැවැත්මක් ඔබට උරුමවන්නේ.

සඳමල් රශ්මි ශ‍්‍රී බුද්ධික
සේයාරූ – අනිල් විතානගේ

Untitled-9 Untitled-8 Untitled-7