සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ සිහින මාලිගය වූ ඇඩිසම් බංගලාව අද සිල්වෙස්ටර්-බෙනඩික්ෂන් රෝමානු කතෝලික සභාවේ තාපසාරාමයකි. ඇඩිසම් බංගලාව පිහිටා තියෙන්නේ හපුතලේ. හපුතලේ නගරයේ ඉ`දලා වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 2ක් විතර ගිහිල්ලා ග්ලැනෝර් වතුයාය ආසන්නයේ වමට ඇති තංගමලේ අභයභූමිය මාර්ගයේ, තංගමලේ අභයභූමිය මැදින් වැටී ඇති මාර්ගය ඔස්සේ ඇඩිසම් බංගලාවට ළ`ගා වෙන්න පුළුවන්. මෙම මාර්ගයේ ගමන් කළ හැක්කේ කුඩා ප‍්‍රමාණයේ වාහනවලට පමණයි. බස් රථ වැනි වාහන හපුතලේ වැලිමඩ මාර්ගය ආසන්නයේ නතර කර ඇඩිසම් දක්වා තංගමලේ අභයභූමියේ සුන්දරත්වයද වි`දගනිමින් පා ගමනින් තමයි යන්න වෙන්නේ.

සර් තෝමස් ලිස්ටර් විලර්ස් බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්. ඔහු 1869 ඔක්තෝබර් 31 දින එංගලන්තයේ ඇඩිසම්හි උපත ලබලා තියෙන්නේ. ඔහු ලංකාවේ බෝගවන්තලාවේ එල්බැද්ද වත්තේ වතු සහකාරවරයකු වශයෙන් සේවයට පැමිණෙනවා. පසුව ඔහු 1896 දී උතුරු පුණ්ඩලූ ඔය වත්තේ වතු අධිකාරිවරයා වූ ඩබ්ලිව්. එච්. වෝකර් මහතාගේ දුව එවන්ලී හෝප් සමග විවාහ වුණා. විවාහ උත්සවය නුවරඑළියේ ශූද්ධ වූ ටි‍්‍රනිටි දේවස්ථානයේ තමයි පැවැත්වුණේ.
සර් තෝමස් ලිස්ටර් විලර්ස්, ජෝර්ජ් ස්ටුවර්ඞ් සමාගමේ සභාපතිවරයා වී සිටින කාලයේදී ඇඩිසම් බංගලාව සෑදීම ආරම්භ කරලා තියෙන්නේ හපුතලේ තංගමලය අභයභූමිය ආසන්නයේ මෙම ඉඩම මිලයට ගැනීමෙන් පසුවයි. ඇඩිසම් බංගලාවේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ 1929 වර්ෂයේදී.

දේශීය කළු ගල් යොදා ගෙන බිත්ති නිම කරලා තියෙන අතර මෙම බංගලාවේ වහලය ටියුඩර් සම්ප‍්‍රදායට නිම කරලා තියෙන්නේ. වහලය ස`දහා බුරුම තේක්ක පතුරු භාවිතයට ගෙන තියෙනවා. දොර, ජනේල සහ බිමටද භාවිත කරලා තියෙන්නේ බුරුම තේක්ක දැවයි. කාමර උණුසුම් කිරිම ස`දහා සහ උණු වතුර ලබා ගැනීමට තාප උදුන් භාවිත කරලා තියෙනවා. බංගලාව ගොඩනැගීම ස`දහා ඉන්දීය පෙදරේරුවන් යොදාගත් බව පැවසෙනවා.

ඇඩිසම් බංගලාව නිර්මාණය වන්නේ එංගලන්තයේ කේන්ට් මාලිගයේ ආකෘතියට අනුවයි. ඇඩිසම් බංගලාවේ ප‍්‍රධානතම කාමර දෙකකි. එකක් නිල් කාමරය සහ අනෙක අශ්වලාඩම් කාමරය වශයෙන් නම් කරලා තියෙනවා. එම කාමර දෙක සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ ඔහුගේ භාර්යාව එවන්ලී හෝප් විසින් භාවිතයට ගෙන තියෙනවා.
මෙම බංගලාවට අවශ්‍ය ගෘහභාණ්ඩ පාපිසි, පි`ගන් භාණ්ඩ සහ වීදුරු භාණ්ඩ ඇතුළු අනෙක් සියලූම භාණ්ඩ එංගලන්තයෙන් ගෙනල්ලා තියෙන්නේ. ඇඩිසම් බංගලාව සාදන කාලයේදී එංගලන්තයේ ඉ`දලා ගෙනාපු භාණ්ඩ, දුම්රිය මගින් හපුතලයට ගෙනල්ලා දැනට ග්ලැනෝර් වතුයායට අයත්, ග්ලැනොර් වතු දුම්රිය වේදිකාවෙන් මේ බඩු භාණ්ඩ දුම්රියෙන් බාගෙන එතැන් සිට ගැල් මගින් ආඩිසම් බංගලාව ඉදි කරන ස්ථානයට රැුලෙන ගිහිල්ලා තියෙන බව දැනගන්නට ලැබෙනවා.

ඇඩිසම් බංගලාවේ වැඩ කටයුතු 1931 වර්ෂයේදී අවසන්වෙලා තියෙනවා. ඉන්පසු එම දෙපොළ ඇඩිසම් බංගලාවේ පදිංචියට ඇවිල්ලා තියෙනවා.  මෙම බංගලාව ඇඩිසම් ලෙසට නම් කරලා තියෙන්නේ සර් තෝමස් ලිස්ටර් විලර්ස් උපන්ගම වූ ඇඩිසම් සිහිවීම ස`දහාය. සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ ආදරණීය බිරි`ද එවන්ලී හෝප් දක්ෂ චිත‍්‍ර ශිල්පිනියක්. ඇයගේ චිත‍්‍රවලින් ඇඩිසම් බංගලාවේ බොහෝ බිත්ති අලංකාර වෙලයි තියෙන්නේ.

මෙම දෙපොළ 1948 වර්ෂයේදී එංගලන්තයට පදිංචිය ස`දහා ගිය නිසා 1948 දී ඇඩිසම් බංගලාව විකුණලා තියෙනවා. (සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1959 වර්ෂයේ දෙසැම්බර් 21 දින එංගලන්තයේ කේන්ට් නගරයේදි තමයි මිය ගිහිල්ලා තියෙන්නේ* මෙම බංගලාව ප‍්‍රථම වශයෙන් 1948 දී රුක්මණී බෙලිගම්මන මහත්මිය විසින් මිලදී ගෙන තියෙනවා. 1951 අපේ‍්‍රල් මාසයේදී ඇය විසින් සේදවත්ත වතු සමාගමට විකුණලා තියෙනවා. ඉන් අනතුරුව විමලා කන්නංගර මහත්මිය මිලදී ගත්තා. විමලා කන්නංගර මහත්මියගෙන් රෝමානු කතෝලික සභාව විසින් මිලදී ගත්තා. 1962 දී ඇඩිසම් බංගලාව සිල්වෙස්ටර්-බෙනඩික්ෂන් රෝමාණු කතෝලික සභාවේ තාපසාරාමයක් බවට පත් කරලා සංවර්ධනය කරන්න පටන් ගත්තා.

අද ඇඩිසම් බංගලාව සිල්වෙස්ටර්-බෙනඩික්ෂන් රෝමාණු කතෝලික සභාවේ තාපසාරාමයක් වශයෙන් රෝමානු කතෝලික දේවගැතිවරුන් පුහුණු කරනු ලබන  අතර ඇඩිසම් බංගලාව හපුතලේ නගරයට පැමිණෙන කාගේත් සංචාරක තෝතැන්නක් ලෙසට ලෝ පතළ ස්ථානයක්. සති අන්තයේත්, රජයේ නිවාඩු දිනවලත් ඇඩිසම් බංගලාව සංචාරකයන්ට නැරඹීම ස`දහා අවස්ථාව උදා කරලා තියෙන්නේ.

ඇඩිසම් වත්තේ වගා කරන කාබනික එළවළු සහ පලතුරුවලින් ජෑම්, කෝඩියල් සහ සෝස් වර්ග නිෂ්පාදනය කර විකිණීමද සිදු කරනවා. ඒ වාගේම ඇඩිසම් හි රාත‍්‍රියක් දෙකක් විවේකයෙන් ගත කිරීමට නවාතැන් පහසුකම් වුණත් ලබා ගන්න පුළුවන්.

ඇඩිසම් බංගලාව තියෙන තැනට පැමිණෙන ඔබට ඉදල්ගස්හින්න කන්දත්, දුම්රිය ස්ථානයත්, අඹේවෙල, හග්ගල ක`දු වැටියත්, පිදුරුතලාගල ක`දු වැටියත්, නාරංගල කන්ද සහ නමුනුකුල ක`දුවැටියත්, වැලිමඩ සානුවේ බොහෝ ප‍්‍රදේශත්, දියතලාව සහ බණ්ඩාරවෙල නගරත් මැනවින් පෙනෙනවා.

ඉන්දක කරුණාදාස

Untitled-5 Untitled-4 Untitled-3 Untitled-2