කොරියානු ජනාධිපති මූන් ජාඊ-ඉන් ඉන්දීය අගමැතිවරයා තමාට දුන් ‘මෝදි ජැකට්’ තෑග්ගට ස්තූතිය පළකළ ට්විටර් පණිවුඩය සමාජ ජාල තුළ මහත් විවාදයකට තුඩු දී තිබේ.

ඊට හේතුව ‘මෝදි ජැකට්’ 2014 වසරේ මෝදිගේ ආගමනයට පෙර ‘නේරු ජැකට්’ බවට ඇතැමුන් අදහස් පළකිරීමයි.

කොරියානු අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් පවසා තිබුණේ ‘මම ඉන්්දියාවේ ගිය වෙලාවේ මෝදිට කිව්වා ඔබ ඔය ජැකට් එකට හරිම පෙනුමයි කියලා. ඔහු මට මගේ මිම්මට ගැළපෙන එ් වගේ ජැකට් කිහිපයක් තෑගි කර එවලා. එ්කට ඔහුට ස්තූතිවන්ත විය යුතුයි.

මේක නවීන තාලෙට හදපු ඉන්දීය ඇඳුමක්. එ්කට කියන්නේ ‘මෝදි ජැකට්’ එක කියලයි. කොරියාවෙත් මේ ඇඳුම අඳින්න පහසුයි. එ්ක හොඳින් ගැළපෙනවා’ යනුවෙනි.

මෙම පණිවුඩයේ සඳහන් ‘මෝ්දි ජැකට්’ යන වචනය විවේචනය කරමින් මේ වනවිට එය විවාදයට තුඩුදෙන ආකාරයට කතාබහට ලක්ව ඇත.

modineru jacket