ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධාය කරන සම්මේලන එබොනි හෝලිඩින්ස් කුසලාන (ජ්ඒ ඛිභන) පාපන්දු තරගාවලියට මෙවර 2018 වසර වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්  වීමත් සමග එය මෙතනැ සිට වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය බවට පත්විය.

විලාසිතා අගයන තරුණයන් අතර අතිශය ජනප්‍රිය පිරිමි නිමි ඇඳුම් වෙළෙඳනාමය සමගින් පාපන්දු ක්‍රිඩාවට  එබොනි හෝල්ඩින්ස් ආයතනය සම්බන්ධ වීමෙන් එෆ්.ඒ. කුසලාන  පාපන්දු තරගාවලියට ලැබෙන ජනතා ආකර්ශනයද සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි විශ්වාස කළ හැකිය.

එබැවින් එබොනි හෝල්ඩින්ස් ආයතනයේ මෙම දායකත්වය පාපන්දු ක්‍රීඩාව තව තවත් රට තුළ ව්‍යාප්ත කිරීමට ද පිටිවහලක් වනු ඇත.

කෙසේ වුවත් මෙවර එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට වැන්ටේජ් අනුග්‍රහය ලැබි ඇත්තේ එම තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 සහභාගිවන තරගාවලියේ සිටය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පිලිමළුන් පිටු දැකීමේ තරගාවලියක් ලෙස සංවිධානය කරන පැරණිම පාපන්දු තරගාවලිය ලෙස සැලකෙන මෙම එෆ්.ඒ. කුසලාන  පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතර තරගාවලියේ සිටය. ජාවා‍ලේන්, කලම්බු එස්.සී, සෝන්ඩර්ස්, එවරෙඩි ගුවන් හමුදාව, රිනවුන්, ‍පොලිසිය, රෙඩ් සන්, නිව් යංග්ස්, නිගම්බු යූත්, බන්ධනාගාර ක්‍රී.ස., ශාන්ත නිකලස්, ගමනා ගමන මණ්ඩලය, උරුතිරපුරම් එස්.සී, යුද හමුදාව හා  නිව් ස්ටාර් යන කණ්ඩායම් සහභාගි වෙති.

පාපන්දු ලිග 60කට අනුයුක්ත ක්‍රීඩා සමාජ 715ක සහභාගිත්වය ඇතිව   පසුගිය අප්‍රේල් 22 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතර තරග පසුගියදා  ආරම්භ කෙරුණි.

මේ වනවිටත් ශ්‍රී ලංකා යුද හමුදාව හා නිව්ස්ටාර් පිල අතර පැවැති තරගයෙන් යුද හමුදාව ගෝල 3-0ක් ලෙස ජයගනිමින් හා නිව් යංග්  පිල හා රෙඩ් සන් පිල අතර පැවැති තරගයෙන් නිව් යංග් පිල ගෝල 4-0 ජයග්‍රහණයක්ද හිමි කර ගනිමින් අවසන් කණ්ඩායම් 8 අතරට පැමිණ සිටිති.

මෙම අවසන් කණ්ඩායම් 16 අතර තරගාවලින් නොවැම්බර් 4 වැනිදා සෝන්ඩර්ස් පිල හා එවරෙඩි පිල අතර තරගයෙන් හා ජාවා‍ලේන් හා කලම්බු එස්.සී. අතර තරගයෙන් අවසන් වෙයි.

ජයග්‍රාහී පිලට රුපියල් ලක්ෂ 7ක මුදලක් සමග වැන්ටේජ් කුසලානය ප්‍රදානය කරන අතර අනුශූරයින්ට ප්‍රදානය කරන මුදල රුපියල් ලක්ෂ 5කි.

සීවලී එදිරිවීර