තාක්ෂණයේ ඉහළම ඥනය භාවිත කරමින් වසර 9ක් තිස්සේ මුහුද හරහා ගොඩනැගී මුහුද දෙසට යා හැකි පරිදි නිර්මාණය කරන ලද ලොව දිගම පාලම පසුගිය දා චීන ජනාධිපති ෂි ජින්ග් පින්ග් අතින් විවෘත විය. ජනාධිපතිවරයා පසුගිය 23 වැනිදා නිල වශයෙන් පාලම විවෘත කළ අතර එය මගීන්ට විවෘත වූයේ පසුගිය 24 වැනිදා සිටයි.

හොංකොං සිට මැකාඋ දක්වාත් එතැනින් චීනයේ ෂුහායි නගරයත් යා කරමින් තැනූ මෙම පාලමේ දිග කිලෝමීටර් 55කි. කෘත‍්‍රිමව සැකසූ ¥පත් දෙකක් යා කරමින් මුහුද මැදට වන්නට කෘත‍්‍රිමව ඉදිකළ ¥පතක් වෙත යා හැකි පරිදි සකස් කළ මෙම පාලම වෙනුවෙන් වැයවූ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 6.92ක් වනවිට එය යාකිරීම සඳහා තැනූ කෘත‍්‍රිම පාලම සහ උමං මාර්ගය සඳහා ඩොලර් බිලියන 20ක් වැය වූ බව එරට වාර්තා පළ කළේය.

මෙම දැවැන්ත මුහුදු පාලම මුහුදට වන්නට සැකසීම නිසා නිරන්තරයෙන් එල්ල විය හැකි භූ කම්පන, සුළිකුණාටු ආදියට මනා ලෙස ඔරොත්තු දෙන පරිදි පාලම සකස් කොට ඇත. එ් නිසාම පාලමට ටොන් ලක්ෂ 4ක වානේ, ලෝහ සහ අයිෆල් වැනි කුළුණු 60ක් මතින් මෙය ඉදිකර තිබේ. පර්ල් ගංගාව මුහුදට ගලාබසිනා ඩෙල්ටාවේ මෙම පාලම ඉදිකර ඇති අතර එ් ආශ‍්‍රිත වෙරළ ප‍්‍රදේශය ලොව වඩාත් කාර්යබහුල වේගයෙන් නාගරීකරණය වූ ප‍්‍රදේශය ලෙසට ද හඳුනාගෙන ඇත.

මෙම පාලමේ තාක්ෂණ ඥනය අතින් වඩාත් විශේෂිත වී ඇත්තේ එහි වර්ග අඩි මිලියනයක ප‍්‍රදේශයක් ආවරණය කරමින් මුහුද යට පිහිටි කෘත‍්‍රිම ¥පත් දෙක යා කරමින් තැනූ උමං මාර්ගයයි. මීටර් 40ක් ගැඹුරු එම උමං මාර්ගය කිලෝමීටර් 6.75ක දිගකින් යුක්තය. මිලියන 68ක ජනතාවක් පදිංචිව සිටින මෙම ප‍්‍රදේශයේ ඉතා කාර්යබහුල ඩෙල්ටාවක් වන මෙහි නිතර භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ගමන් කරන බැවින් පාලම හා මුහුද යට පිහිටි උමඟ අතර පරතරය එම සියලූම විශාල නෞකාවලට පවා ගමන් කළ හැකි පරිදි සකස් කර ඇත. මෙය එක්තරා ආකාරයකින් මුහුදේ නිර්මාණය කළ කෘත‍්‍රිම වරායක් වෙත ගමන් කිරීමට සැකසූ පාලමක් වැනි බව පාලම විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා පැවැසීය. සාමාන්‍යයෙනන් ෂුහායි සිට හොංකොං දක්වා යාමට ගතවන පැය 4ක කාලය මෙම පාලම නිසා පැය බාගයකින් යා හැකි පරිදි නිිර්මාණය කොට ඇත.

නව  පාලම මතින් දිනකට වාහන 9200ක් පමණ ගමන් කරනු ඇති බවට ගණන් බලා ඇතත් මෙහි  ඕනෑම වාහනයකට ගමන් කිරීමට අවස්ථාව හිමිනොවේ. මෙම පාලම මතින් ගමන් කිරීම සඳහා විශේෂිත බලපත‍්‍රයක් ලබාගත යුතු වන අතර එය ලබාදීම ද සිදුකරනුයේ සලාක ක‍්‍රමයකටය. ෂුහායි වෙත ගමන් කිරීමට අවශ්‍ය හොංකොං පදිංචිකරුවන් 10,000කට මෙම විශේෂ බලපත‍්‍රය ලැබේ. පොදු  ප‍්‍රවාහන සේවයක් මෙහි භාවිත නොවන අතර පෞද්ගලික බස් රථ කිහිපයක් තම සේවා මගීන්ට සපයනු ඇති බව සඳහන් වේ. මෙහි ගමන් කරන රියැදුරන් දැඩි විනයකින් යුතුව ගමන් කළ යුතු අතර, රියැදුරන් තුන්වරකට වඩා ඈනුම් හරී නම්  එය ද පාලමට යෙ¥ අධිතාක්ෂණික කැමරාවලින් හා සංවේදනවලට හසුවන අතර එය අධීක්ෂකයන්ට සංඥ නිකුත් කරයිි. රුධිර පීඩනය මැනීම පවා මෙහිදී ස්වයංක‍්‍රීයව සිදුවන අතර අනතුරක් සිදුවීමට පෙර වහාම කි‍්‍රයාත්මක වීම වෙනුවෙන් මෙම නවීන තාක්ෂණික පද්ධති ස්ථාපනය කළ  බව පාලමේ ඉංජිනේරුවරුන් පවසා තිබේ. විශේෂයෙන්ම ත‍්‍රස්ත ප‍්‍රහාරවලට පෙර හඳුනාගැනීම් වැළැක්වීම් වෙනුවෙන් වෙනම විශේෂිත ආරක්ෂක පද්ධති ස්ථාපනය කර තිබෙන බව ද ජනාධිපතිවරයා විවෘත කිරීමේ කතාවේදී සඳහන් කළේය. මෙමගින් වසරකට ඩොලර් මිලියන 86ක ආදායමක්  චීන රජය අපේක්ෂා කරයි.

මෙම පාලම  පිළිබඳ චීනය ලෝකයට උදම් අනද්දී ඇතැමුන් මෙය හඳුන්වා තිබුණේ ‘මරණයේ පාලම’ ලෙසයි. ඊට හේතුව මෙම පාලම ඉදිකළ නව වසර පුරා 18 දෙනකු ජීවිතක්ෂයට පත්වී සිය ගණනක් තුවාල සිදුවීම පමණක්ම නොවේ. මෙම මුහුද ආශ‍්‍රිතව සුලභව විසූ දුර්ලභ සුදු ඩොල්ෆින් මත්ස්‍යයින් මෙය ඉදිකිරීම ආරම්භ කිිරීමත් සමඟ දකින්නට නොලැබීමයි. සුදු ඩොල්ෆින් මත්ස්‍යයින් 148ක් මෙම ඩෙල්ටාවේ සැරිසරා ඇති නමුත් මේ  වනවිට ඔවුන්ගේ ගහනය  47 දක්වා අඩුවී තිබේ. බොහොමයක් සුදු ඩොල්ෆින් මත්ස්‍යයින් මේ හේතුවෙන් මියගොස් ඇතැයි පවසන ලෝක වනජීවී අරමුදලේ සමුද්‍ර සංරක්ෂණය පිළිබ`ඳ සහකාර අධ්‍යක්ෂ සමන්තා ලී පවසා ඇත්තේ මෙම පාලම මගින් සාගරයට කරන ලද හානිය කිසිසේත් යථාතත්වයට පත්කළ නොහැකි බවයි.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි