ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථන්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ”ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝබර් මස 17 වැනිදා කොළඹ ”වෝටර්ස් එජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ප‍්‍රදීප ප‍්‍රණාම උළෙලට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය, සංගමයේ ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර  සහ සංගමයේ ජාතික සංවිධායක රන්ජිත් ඉද්දමල්ගොඩ මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

”ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම, කලාකාර අභිනන්දන” ලෙස නම් කෙරුණු මෙවර ප‍්‍රදීප ප‍්‍රණාම උළෙලදී කලාව, සාහිත්‍ය සහ මාධ්‍ය වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් ආදී විද්‍යාර්ථීන් 40 දෙනා සම්මානයෙන් පිදුම් ලදහ.

Untitled-23

Untitled-31 Untitled-30 Untitled-29 Untitled-28 Untitled-27 Untitled-26 Untitled-25 Untitled-24 Untitled-15 Untitled-16 Untitled-17 Untitled-18 Untitled-19 Untitled-20 Untitled-21 Untitled-22 Untitled-14 Untitled-13