බි‍්‍රතාන්‍ය රජ පවුලේ කුමරු හැරී සහ මේගන් මාර්කෙල්ගේ පළමු ලෝක සංචාරය අරඹමින් ඔවුන් දෙපළ  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ නිරතවෙනවා. දින 16ක් පුරා සිදුවන මෙම සංචාරයේ අපූරු අවස්ථා පසුගිය සතිය පුරාම විදෙස් මාධ්‍ය තුළ කහාබහට ලක්වීම විශේෂත්වයක්. ඊට හේතුවක් වී තිබුණේ බි‍්‍රතාන්‍ය රජ පවුලේ කිරුළ හිමි කුමරකු ඔස්ටේ‍්‍රලියාවේ මෙලෙස සංචාරයේ නිරත වී තිබුණේ වසර 64කට පසුව වීමයි.  ඕස්ටේ‍්‍රලියා, නවසීලන්තය, ටොංගා සහ ෆීජි වෙත මෙම සංචාරය සැලසුම් කර තිබුණත් නිල වශයෙන් අවස්ථා 35කට සහභාගිවීමට හැරී සහ මේගන්ට නියමිතව තිබුණා.

එ් අතර සුවිශේෂී වුණේ හැරී කුමරු විසින් පිහිටුවූ ෂබඩසජඑමි ඨ්පැි තරගාවලියයි. යුද්ධයෙන් තුවාල වූ සන්නද්ධ හමුදා ආබාධිත සාමාජිකයන් මෙහිදී රෝද පුටු ආදියෙන් තරගවලට සහභාගි වනවා. හැරී කුමරුගේ සංචාරය සැලසුම් කෙරුණේ ද අනිවාර්යයෙන්ම මේ සඳහා සහභාගි විය හැකි පරිදි බව රජ පවුලේ ආරංචි සඳහන් කර තිබුණා.

මාස 4ක ගැබිනියක් වන මේගන් මෙම දීර්ඝ සංචාරයට එක්වුණත් ඇතැම් ස්ථාන වෙත ළඟාවීමට ඇයගේ ගැබිනි බව හේතුවෙන් මේගන්ට හැකිවූයේ නැහැ. කෙසේවෙතත් මෙම සංචාරයට මේගන්ගේ හොඳම යෙහෙළිය වූූ ජෙසිකා මුල්රොනි ද සහභාගි වනවා. හැබැයි නිල නොවන මට්ටමෙන්. එ් කියන්නේ ඇයට ඇයගේ වියදම දරාගන්නට සිදුවනවා. කෙසේ වෙතත් ඇයට මේ සංචාරයට එකතුවීමට හේතුව මේගන්ට දිනකට රාජකීය සංචාරය වෙනුවෙන්ම ඇඳුම් 3 වරක් මාරු කිරීමට සිදුවීම බවයි පැවසෙන්නේ.

සංචාරයේ මුලින්ම මේගන්-හැරීගේ රාජකීය දරුවා වෙනුවෙන් පළමු තෑග්ග දුන්නේ නිව්සවුත්වේල්ස් ආණ්ඩුකාර ජනරාල්වරයායි. ටරොංගා සත්වෝද්‍යානයට ගිය මේ දෙපළ එහි කෝලා සත්වයින් සමඟ ඇතිවෙන්නට විනෝද වී තිබුණා. එ් නිසාම එහිදදී ඔවුුන්ට සෙල්ලම් කෝලා බෙයාලා දෙන්නෙක් තෑගි ලැබුණා.

වසර දෙකක් තිස්සේ නියඟයෙන් පීඩා විඳි ඩබෝ ගොවි ගම්මානයට ගිය හැරී සහ මේගන් එහි වැසියන්ට කවදාවත් අමතක නොවන තෑග්ගක් දී තිබුණා. හැරී එහි ගොවීන් අමතන අවස්ථාවේදී මේ ප‍්‍රදේශයට වැසි පතිත වන්නට පටන් ගැනීම නිසා ගොවීන් අත්පොළසන් දෙමින් ‘දෙව්ලොවින් ආ කුමරු කුමරිය වැසි ගෙන ආවා’ යැයි සතුටින් ඉපිල යන්නට වුණා. නියඟය නිසා එහි සිටින ගොවි පවුල්වලට හරිහැටි කෑම බීමවත්  සරු නොවුණත් මේගන් එහාමෙහා යනවිට ගෙන යන විශාල බෑගයේ දමාගෙන බනානා බ්‍රෙඞ් නමැතිි කෙසෙල්වලින් හදන කේක් වර්ගයක් සාදාගෙන විත් තිබුණා. හැරී කෙසෙල්වලට බොහොම පි‍්‍රයකරන නිසාත් මේගන් බේක් කරන කෑම හදන්න කැමති නිසාත් ඇයම හදාගත් මේ බනානා බ්‍රෙඞ් එක ඩබෝහි තේ මේසයේදී ඇය විසින් එහි සිටි ගොවි පවුල්වලටත් රස බලන්නට දුන් බව සඳහන්. රාජකීය පවුලේ අය  යන යන තැන ඔවුන්ගේ ආහාර පාන වෙනම ගෙන ගියත් ඇය මෙය ගෙනගොස් ඇත්තේ එහි ගොවීන්ට දෙන්නට බව එරට වාර්තා සඳහන් කර තිබෙනවා.

කින්ග්ෆිෂර් වෙරළට ගිය හැරී  හා මේගන් සාම්ප‍්‍රදායික නර්තන හා පිළිගැනීම්වලට සහභාගි වී තිබුණු ඡුායාරූප සමාජ ජාලවල වේගයෙන් ව්‍යාප්ත වුණා. කෙසේවෙතත් ෆේසර් ¥පතේ ආදිවාසීන් හමුවෙන්නට ගිය හැරී වනයට ඔවුන් හා ගියේ මේගන්ට විවේක ගැනීමට ඉඩහරිමින්. මෙම සංචාරයේදී හැරී හා මේගන් සාම්ප‍්‍රදායි ජන කොට්ඨාස, ආදිවාසීන් සොබාදහම හා බැඳුණු බොහෝ දේ සමඟ කල්ගත කිරීම විශේෂත්වයක්. ජනතාවගෙන් ලැබෙන බොහෝ සුවිශේෂී දේ මෙන්ම වසර 64කට පසුව රජ පවුුලේ ආගමනය එහි ජනතාවට අපූරු මතකයන් එක්කරමින් හැරී සහ මේගන් දීර්ඝ  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ අසිරිය තවමත් විඳින බවයි වාර්තා වන්නේ.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-5 Untitled-6 Untitled-7 Untitled-8