සයිෆ් අලී ඛාන් නැවත සාර්ථක වේද ?

සයිෆ් අලී ඛාන් පසුගිය කාලය පුරාම අතිශය අසාර්ථක වූ නළුවෙක්. 2000 – 2010 දශකය පුරා අති සාර්ථක නිර්මාණ හරහා පේ‍්‍රක්ෂකයා හමුවට පැමිණි ඔහු මෑත කාලයේ පේ‍්‍රක්ෂකයන් විසින් ප‍්‍රතික්ෂේප කරන්නේ ඔහු නිරූපණය  කරන ඒකාකාරී චරිත නිසාම කිව්වොත් නිවැරදියි. කෙසේ නමුත් Kaalakkandi චිත‍්‍රපටයෙන් පසුව ඔහුව සිනමාවෙන් නැවත දකින්නට ලැබුණේ නෑ. නමුත් මේ මස අගදී ඔහුගේ මීළග චිත‍්‍රපටය වන Baazaar තිරගත වීමට මේ වන විට සියල්ල සූදානම්.  නිකිල් අද්වානි නිෂ්පාදනය කරන Baazaar චිත‍්‍රපටයේ සයිෆ් සමගින් රාධිකා ආප්තේ ප‍්‍රධාන චරිත නිරූපණය කරනවා. වාණිජ ලෝකයත් කොටස් වෙළෙඳපොළත් ගැන කියවෙන මෙම චිත‍්‍රපටය ගෞරව් චාව්ලා අධ්‍යක්ෂණයක්.  ”මෙහි සල්ලි දෙවියන් ද නොවේ.. එහෙත් දෙවියන්ට දෙවැනිද නොවේ..” යන සිත් ඇදගන්නා අපූරූ තේමාව ඔස්සේ දිවෙන මෙම චිත‍්‍රපටය හරහා සායිෆ්ට නැවත බොලිවුඩයේ සිය ස්ථාවරත්වය ර`දවා ගැනීමට හැකිවනු ඇතැයි ඔහුගේ රසිකයින් නම් බලාපොරොත්තු ර`දවා තිබෙනවා.

Untitled-1
ඓශ්වර්යාගෙන් කරීනාට  කනේ පහරක්

තයිමූර් ඛාන් සහ අර්ධ්‍යා බච්චන් කියන්නෙ මේ වෙනකොට බොලිවුඩයේ ඉන්න ජනප‍්‍රියම පුංචි තරු යුවළ කිව්වොත් හරියටම හරි. කරීනා නම් බොහෝ වේලාවට තයිමූර් සමග දකින්නට නොලැබුණත් ඓශ්වර්යා නම් නිතරම සිටින්නේ අර්ධ්‍යා සමග බව මාධ්‍යට නොරහසක්. පසුගිය දිනෙක මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඓශ්වර්යා, කරීනාට පොඩි කනේ පහරකුත් එල්ල කළා කිව්වොත් හරි. මාධ්‍යවේදියා නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස ඓශ්වර්යා තමන් හැම විටම දරුවා සමග සිටින බවත් කිසිම විට ඈ දරුවා සිය කාර්ය මණ්ඩලය සමග තනි නොකරන බවත්  පවසා සිටියා. එසේම තමන්ට ව්‍යායාම කිරීමට වඩා තම දරුවා පාසල් ගෙනයාම මෙන්ම පාසලෙන් ආපසු ගෙන ඒමත් තමන් විසින්ම සිදු කිරීම වැදගත් බවයි ඈ පවසා සිටියේ. ඍජුව කරීනාගේ නම ප‍්‍රකාශ නොකළත් තම කාර්ය මණ්ඩලය සමග දරුවා තනිකර ව්‍යායාම ස`දහා යන්නේ කරීනා බව කාටත් නොරහසක්. මාධ්‍ය මගින් මේ ප‍්‍රකාශය උලූප්පා දක්වමින් කරීනා සහ ඓශ්වර්යා  අතර ගැටුමක් ඇවිළීමට උත්සාහ කළත් කරීනා තවමත් නිහ`ඩව සිටීම පුදුමයක්.

Untitled-2
කුච් කුච් හෝතාහේ 20 වෙනි සංවත්සරය සමරයි

බොලිවුඩයට නොමැකෙන මතකයන් එක් කළ kuch kuch hotha hai චිත‍්‍රපටය පසුගිය දා සිය 20 වැනි සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් මුම්බායි හි උත්සවයක් සංවිධානය කර තිබුණේ කරන් ජොහාර් විසින්. ඒ ස`දහා කුච් කුච් හෝතාහේ චිත‍්‍රපටයට රංගනයෙන් දායක වූ ෂාරුක් ඛාන්, කාජල්, රාණි මුඛර්ජි මෙන්ම සෙසු නළු නිළියන්ද, එවකට ළමා චරිත නිරූපණය කළ ශිල්පීන් මෙන්ම නිර්මාණ හා තාක්ෂණික කාර්ය මණ්ඩලයද එක්ව සිටීම විශේෂත්වයක්. චිත‍්‍රපටයට දායක වූ පිරිසට අමතරව කරීනා කපූර්, අභිෂේක් බච්චන්, ශ්වේතා නන්දා, වරුන් ධවන්, ට්වින්කල් ඛන්නා, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා වැනි ආරාධිත ශිල්පීන් ද එක්ව සිටීම විශේෂත්වයක්. ප‍්‍රධාන රංගන ශිල්පීන් මෙන්ම ආරාධිතයන්ද කුච් කුච් හෝතාහේ චිත‍්‍රපටය පිළිබ`දව තම තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම බොහොම සංවේදී අවස්ථාවක් වුණා. මේ අවස්ථාවට සහභාගි නොවුවත් නිර්මාණයේ ආරාධිත රංගනයක් ඉදිරිපත් කළ සල්මාන් ඛාන් ද පිරිසට සුබපතමින් විශේෂ වීඩියෝ පටයක් නිකුත් කර තිබුණා. සල්මාන්ට අමතරව ආලියා භාට් ද මේ අවස්ථාව වෙනුවෙන් වීඩියෝ සුබපැතුම් එක් කර තිබීම විශේෂත්වයක්.

චරිත් මොරගොඩ

Untitled-3