මේෂ ලග්නය – මිශ්‍රපල සහිත වේ

බලා‍පොරොත්තු ඔබ සිතූ තරමට සඵල නොවේ. රැකියා ස්ථානයේ විවිධ දුෂ්කරතා මතු වේ. ආදායම් මාර්ග නොයෙක් ආකාරයෙන් මතු වේ. දුෂ්කර සහිත දුර ගමන් යෙදේ. තම දරුවන්ට අපල සහිත වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට  ශුභඵල ළඟා කර ගත හැක. ආගමික කටයුතුවලට බොහෝ දුරට සහභාගි විය හැකිය. පපුවේ වේදනාවන් හෝ සිරුරේ ස්ථාන කිහිපයක වේදනා සහගත විය හැකිය.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය – ශුභාශුභ මිශ්‍රපල සහිත වේ

මුදල් ලැබිම අතින් යහපත් වේ. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. දරුවන්ට යහපත් වේ. අධ්‍යාපන කටයුතුවලට ප්‍රමුඛතාවක් ලබාදේ. බොහෝ ක්‍රියාවන්හිදී පසුගාමීව කටයුතු කරයි. අලංකාරය සඳහා නිකරුණේ මුදල් වියදම් කරයි. තනතුරු නම්බු නාම ලැබිමට හේතුයි. උෂ්ණ රෝග සාදයි. ‍ලේ විෂවීම් අනතුරු ආදියෙන් ප්‍රවේශම් වන්න.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන ලග්නය – මිශ්‍රඵල සහිත වේ

පවු‍ලේ අය සමග සහයෝගය අඩු වේ. නොගැළපෙන අය සමග කටයුතු කිරීමෙන් ගැටලු ඇති කර ගනී. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් යහමින් ලැබේ. නිශ්ඵල වියදම් සහිත වේ. තැන්පත් ධනය වියදම් වේ. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ශුභඵල ළඟා කරගත හැකිය. උත්සව අවස්ථාවන් සඳහා සහභාගි වේ. සෙම් රෝග පීනස් රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය – මිශ්‍රඵල උදා කරයි

උත්සාහය කැපවීම මත සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වේ. රැකියා ක්ෂේත්‍රයේ සාර්ථක ප්‍රතිඵල ලැබේ. කටයුතු සඳහා අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. ආදායම් ලැබිම අතින් යහපත් වේ. අනපේක්ෂිත අයුරින් වියදම් උදා වේ. මුදල් වියදම් කිරීමේදී ප්‍රවේශම් විය යුතුයි. නොඑසේ නම් ණය වීමට සිදුවේ. බොහෝ අවස්ථාවල කලකිරීම් ස්වභාව මතු වේ. පපුවේ මහන්සි ගති ඇති වේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය – මිශ්‍රඵල සහිත වේ

රාජකාරි ස්ථානයන්හි ගැටලු ඇති කර ගනී. ඇසුරු කරන්නන් ඇති වේ. ක්‍රියාකාරකම් ඉවසීමෙන් සිදු කළහොත් පැමිණි ව්‍යසනයන්ගෙන් මිදිය හැකිය. යාන වාහන මිලට ගැනීමට ශුභ වේ. සමාජ සත්කාර කටයුතු ‍පොදු සේවාවලට හේතු වේ. ආදායම් ඉහළ තත්ත්වයක තිබුණත් නිශ්ඵල වියදම් ඇති වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය – මිශ්‍රඵල සහිත වේ

තම අරමුණු ඉටු කර ගැනීමට හැකි වේ. දැකීමට ප්‍රිය උපදවයි. කලකිරීම් මතභේද ඇති වේ. නෑදෑයන්ට සලකයි. මිතුරන් බහුල වේ. විදේශ ගමන් සඳහා ශුභ වේ. චංචල දේපළ මිලට ගැනීමට ශුභ වේ. නැදෑයන්ට සලකයි. නිශ්ඵල වියදම් ඇති වේ. තර්කානුකූලව වචන හුවමාරුවෙන් ප්‍රවේශම් වන්න. උදරයේ කිසියම් ආබාධයකට හේතුයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය – මිශ්‍රඵල සහිත වේ

නිවාස අලුත්වැඩියා කටයුතු සිදු කරයි. නිශ්චල හෝ චංචල දේපළ මිලට ගැනීමට හේතුයි. විනෝද ජනක කටයුතු සඳහා සහභාගි වේ. සම්මුඛ පරීක්ෂණ හෝ සම්මුඛ සාකච්ඡාවලින් ඉහළ ප්‍රතිචාර ලැබේ. රැකියාවේ ස්ථාන මාරුවීම් හෝ උසස්වීම්වලට හේතු වේ. වැයපස අධික වේ. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආහාර අරුචිය ආමාශගත රෝගවලට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය – මිශ්‍රඵල සතියකි

විනෝද ගමන් සඳහා හේතු වේ. ආර්ථික තත්ත්වය ඉහළ යා හැකිය. නිශ්ඵල ගමන් බිමන්වලට හේතු වේ. සටන් තුළින් ජය ලැබේ. කටයුතුවලදී ක්‍රියාශීලී බවක් පෙන්වයි. නපුරු සිතුවිලි වර්ධනය වේ. පැණි රස කෑමට ප්‍රිය වේ. දුක් කරදර සහිත ගමන්වලට හේතුයි. රෝගීන්ට උපස්ථාන කිරීමට අවස්ථාව උග්‍ර වේ. පාදයේ අධික දැවිල්ල හෝ දද කුෂ්ට රෝග ඇති වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය – මිශ්‍රඵල සහිත වේ

ප්‍රීති උත්සව සඳහා සහභාගිවීමට හැකි වේ. පැවැති ක්‍රියාවන් වෙනස් මගකට යොමු කරයි. එක් සිතුවිල්ලකින් කටයුතු නොකරයි. ඉගෙනීමට යහපත් කාලයකි. තරග විභාගවලින් ජය ලැබිමට හැකි වේ. වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලැබේ. තහර පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වය හේතුවෙන් අවුල් සහගත තත්ත්වයන් උදාවිය හැකියි.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය – මිශ්‍රඵල සහිත වේ

හවුල් කටයුතුවලින් ලාභ ලැබේ. අවිවේකී කාලසීමාවකි. අධ්‍යාපන කටයුතුවලට උනන්දුවක් දක්වයි. තරග විභාග තුළින් ජය ළඟා කර ගත හැකි වේ. ධනය රැස් කරයි. සිත් රිදීම් ඇති වේ. කලකිරීම් සහිත වේ. දිනුම් සහිත ක්‍රීඩාවන්ට සිත් යොමු වේ. බෝ වන රෝග සාදයි. ආමාශගත රෝගවලට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය – මිශ්‍රඵල සහිත වේ

හදිසි ධන ලාභ ලැබිමට හේතු වේ. පිට පළාත්හි සංචාරයට අවස්ථාව ලැබේ. නැදෑයන්ට සිත් වේ. ශරීර ශක්තිය පිරිහීමට ලක් වේ. රෝගීන්ට උපස්ථාන කිමට අවස්ථාව ලැබේ. හදිසි ධන ලාභයන්ට හේතු වේ. දිනුම් සහිත ක්‍රීඩාවන්ගෙන් ජය ලැබේ. ආහාර අරුචිය ඇති වේ. ආමාශගත වේදනා සහිත රෝග සාදයි.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය – ශුභ අශුභ මිශ්‍රපල සහිත වේ

උසස් අධ්‍යාපනය සඳහා ශුභ කාලයකි. දුර ගමන් සඳහා ආරාධනා ලැබේ. නිශ්චල වියදම් සහිත වේ. මව් පාර්ශ්වයේ හොඳ හිත දිනා ගනී. සැහැල්ලුවෙන් කාලය ගත කරයි. උත්සව හෝ ප්‍රීති සම්භාෂණ සඳහා සහභාගි වේ. සූදු කෙළිය ප්‍රිය කරයි. ඉක්මන් කෝපය හේතුවෙන් ගැටලු ඇති කර ගනී. පපුවේ සෙම් රෝග උදරාබාධ සෑදීමට ඉඩ කඩ වැඩිය.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ayiranganee