ගලපිටගල ස්වභාව සෞන්දර්යයේ අපුර්වතම නිර්මාණයක් කියලා හ`දුන්වා දෙන්න පුළුවන්. ඒ වාගේම ගලපිටගල දේශීය හෝ විදේශීය සංචාරකයන් අතර තවම ප‍්‍රසිද්ධියට පත් නොවුණු සංචාරකයන්ගෙන් ජනාකීර්ණ නොවුණු ස්වභාවික පරිසරයක පිහිටලා තියෙනවා.  ගලපිටගල පිහිටලා තියෙන්නේ සුප‍්‍රසිද්ධ එමෙන්ම ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ලට යන පාරේ. බඹරකන්ද දියඇල්ල කොහේද තියෙන්නේ කියල ඔයාලා දන්්නවා ඇතිනේ? බඹරකන්ද දියඇල්ල තියෙන්නේ හල්දුම්මුල්ල, කලූපහනේ වීරකෝන් කියන ගමේ. එහි ළ`ගාවෙන්න කොළඹ-බදුල්ල පාරේ එන්න  ඕන, ඇවිල්ලා කලූපහනින් හැරිලා වීරකෝන්ගම දෙසට එන්න  ඕන.

අද අපි යන්නේ ගලපිටගල බලන්න නිසා බඹරකන්ද දිය ඇල්ල තියෙන පැත්තට යන්න  ඕන නැති නිසා බඹරකන්ද දියඇල්ල පාරේ යන කොට ඉස්සෙල්ලාම හමුවෙන හන්දියෙන් දකුණට ඒ කියන්නේ නිදන්ගොඩ ගම තියෙන පැත්තට යන්න  ඕන. වානර රූපයක් තියෙන ගලපිටගල බලන්න යන්න ගලපිට යාය කියන පුද්ගලික වත්ත හරහා යන්න  ඕනි. ගලපිටයාය වත්ත පුද්ගලික වත්තක් නිසා ඒ වත්තෙන් අවසර දුන්නොත් ඒ හරහා යන්න පුළුවන්. අවසර දුන්නේ නැත්නම් ඔබට වෙනත් විකල්ප මාර්ගයක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. අපිට ගලපිටයාය වත්ත මැදින් යන්න එහි සේවයේ නියුතු කාරුණීක කළමනාකාරතුමා අවසර දුන්න නිසා අපි ඒ හරහා යන්න තීරණය කරා.

ගලපිටයාය වත්ත, සංචාරක බංගලාවක් සහිත තේ, ගම්මිරිස්, කුරු`දු වැනි වගාවන් සහිත වත්තක්. මේ වත්තේ මායිම දක්වා කිසිම අපහසුවක් නැතිව යන්න පුළුවන්. ඊට පස්සේ කන්ද උඩට නගින්න තියෙන්නේ මානං ගොන්නක් මැදින් ඉතාම අපහසුවෙන්. ගලපිට යාය වත්තේ ඉ`දන් කිලෝමීටර් 2 ක් විතර කන්ද උඩට යන්න  ඕන එතකොට තමයි ගලපිටගල හමුවෙන්නේ.

මම ඉස්සෙල්ල කිව්වා වාගේ ගලපිට ගල කියන්නේ ස්වාභාවික පරිසරයේ අපුර්වතම නිර්මාණයක්. වසර දහස් ගණනක් අව් වැසි, සුළං වැනි තාඩන පීඩනවලට මුහුණ පාලා ඒවායෙන් ආරක්ෂාවෙලා අදටත් අපිට බලන්න ඉතිරි වෙලා තියෙන ගලපිට ගල,  විශාල ප‍්‍රමාණයේ ගලක් උඩ අ`ගල් කීපයක ඝන තට්ටුවක් මත පිහිටලා තියෙන ගෝලාකාර හැඩයක් ගත් විශාල ප‍්‍රමාණයේ තවත් ගලක්. මෙම ගලෙහි හැඩය වානර මුහුණක් වාගේ ස්වභාවයක් තමයි ගන්නේ. එහි ඇස්, මුඛය සහ නාසය මෙන්ම නළලද පැහැදිලිවම හ`දුනාගන්න පුලූවන්. බටහිර දෙසින් මෙම ගල දෙස බැලූ විට පෙනෙන්නේ නාග පෙනයක් ලෙසිනි. ඒ වාගේම නැගෙනහිර දෙසින් බැලූවිට මෙම ගල පැහැදිලි ලෙසටම වානර මුහුණක් ලෙසට පෙනෙනවා. මෙම මුහුණ බටහිර දෙසට තියෙන ඔහිය කන්ද දෙස බලා සිටින ආකාරයක් තමයි පෙනෙන්නේ.  මෙම ගලපිට ගල අඩි 30 පමණ උසකින් යුක්ත වන අතර අඩි 10 හෝ 15ක් පළලින් යුක්ත බව බැලූ බැල්මට පේනවා.

මෙම ගලපිට ගල හැර වෙනත් විශාල තනි ගලක් මේ අවට සොයා ගැනීම අපහසුයි. නමුත් විශාල ගල් තලා සහ ගල් පර්වත නම් බහුලයි. කුඩා ප‍්‍රමාණයේ ගල් විශාල ප‍්‍රමාණයක් අවට තිබුණත් ඒවායේ මෙලෙස මුහුණක් දිස්වෙන්නේ නෑ.  මුළු ප‍්‍රදේශයම වෙලාගෙන තියෙන්නේ මානං සහිත කන්දක්. ගලපිට ගල ආසන්නයේ නිදන්ගල කන්ද නගින විට අවට තියෙන ක`දු පංති සහ පහත් ප‍්‍රදේශ ඉතා අලංකාරව පෙනෙනවා. වංගෙඩිගල කන්ද, බලතුඩාව කන්ද, ගොන් මොල්ලිය කන්ද, බෙරගල කන්ද, හොර්ටන් තැන්නේ මායිම, සහ කූරගල කන්දත් එහෙම පෙනෙන ක`දු අතර තියෙනවා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙම ගලපිට ගල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් විසින් නිර්මාණය කරන්න ඇතැයි විශ්වාස කරන මානව මුහුණක් බවයි. මෙවැනි මුහුණු සහිත පිළිරූ චිලි රාජ්‍යයට අයත් පැසිපික් මුහුදේ තියෙන  ඊස්ටර් දුපත්වල දක්නට ලැබෙන බවත් හෙතෙම පවසනවා. එහෙත් මෙම ගලපිටගල වානර රූපය  සහිත ගල හැර වෙනත් ආකාරයේ ප‍්‍රාග් ඓතිහාසික මානව රූපයක් තියෙන ගලක් ලංකාවේ වෙනත් කිසිම තැනකින් මේ වනතුරු සොයාගෙන නොමැති බවත් දැනගන්නට ලැබෙනවා.

මෙම ගලපිටගල කිසිදු ආකාරයකින් සෙලවිය නොහැකි නමුත් ඇ`ගිල්ලෙන් පමණක් එය සෙලවිය හැකි බව නිදන්ගොඩ ගමේ ගම් වැසියන් පවසනවා. එහෙම කරන්න මගේ අතේ ඇ`ගිලිවල සවි ශක්තිය මදි වුණා. ඒ වාගේම ගලපිට ගල තියෙන නිදන්ගොඩ කන්ද අද්භූත ගතියක් දැනෙන පාළු ස්වභාවයකින් යුක්ත වටපිටාව තමයි තියෙන්නේ. එක් පැත්තකින් තියෙන සුවිසල් ක`දු ගැටය මහත් අද්භූත බවක් මෙන්ම බියකුරු බවකුත් ගෙන දෙන්නක් වුණා.

ඉන්දික කරුණාදාස

Untitled-12 Untitled-11