ලෝක ප‍්‍රකට ඇමසෝන් (්පද‘දබ* සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ජෙෆ් බෙසොස්, මේ වන විට සැලකෙනු ලබන්නේ ලොව අංක එකේ ධනවතා ලෙසය. පසුගිය වසරේදී ඔහු එම ස්ථානයට පත්වූයේ එතෙක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වුණු මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්ද අබිබවමිනි.

දශක දෙකකට අධික කාලයක් පුරාම ලොව සුපිරි ධනවතුන්ගේ ලයිස්තුවේ ඉහළම තැනක වැජඹෙන බෙසොස්, ඇමසෝන් සමාගමේ වත්කම් ප‍්‍රමාණය මේ වන විට ඇ.ඩො. බිලියන 90 ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් මෙම සුපිරි ධනවතාට ගණිත පාඩම් කියා දුන්නේ ශ‍්‍රී ලාංකිකයකු යයි ඇසුවහොත් නම් ඇතැම් විට ඔබ මවිතයට පත්වනු ඇත. නමුත් එය සත්‍යයකි. ජෙෆ් බෙසොස් විසින්ම පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් හි පැවති ඔයැ ෑජදබදපසජ ක්‍කමඉ සම්මුඛ සාකච්ජාවේදී මේ බව ලොවක් ඉදිරියේ අනාවරණය කළේය.

”අපිට විසඳන්න ගණිත ගැටලූවක් ලැබී තිබුණා. ඒක හරිම දුෂ්කර එකක්. පැය ගණනාවක් මම මගේ තවත් යාළුවෙක් එක්ක ඒ ගැටලූව විසඳන්න උත්සහ කළා. ඒත් බැරි වුණා. ඊට පස්සෙ අපි තීරණය කළා ”යසන්ත” හම්බ වෙන්න. එයා තමයි ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ හිටිය දක්ෂතම ශිෂ්‍යයා,” යැයි ජෙෆ් බෙසෝස් මෙම සම්මුඛ සාකච්ජාවේ එක් තැනකදී තම විශ්වවිද්‍යාල ජීවිතය සිහිපත් කරමින් සඳහන් කළේය.

තම ගණිත ගැටලූ විස`දීමට සහාය වුණු මෙම ‘යසන්ත’ නම් තරුණයා ගැන තවදුරටත් විස්තර කරමින් බෙසොස් මෙහිදී මෙසේද සඳහන් කළේය.

”යසන්ත, ශ‍්‍රී ලාංකිකයෙක්. එයාගෙ නමට පේළි තුනක් තිබුණා. එයා බොහොම නිහතමානී, හොඳ කෙනෙක්. අපි අර ගණිත ගැටලූව එයාට පෙන්නුවා. එයා ටික වෙලාවක් ඒක දිහා බලාගෙන ඉඳල පිටු තුනක් පිරෙන්න ලියල, ගැටලූව විස`දුවා. අපිට ඒක පැහැදිලි කරලත් දුන්න. මම ඒ වෙලාවෙ පුදුම වෙලා ඇහුව – යසන්ත ඔයා මේක ඔයාගෙ ඔළුවෙන් ද හැදුවෙ කියල. අපිට හිතාගන්නවත් බැරි වුණා එයා පෙන්වපු දක්ෂකම” වසර තිහකට පමණ පසුව තම විශ්වවිද්‍යාල ජීවිතයේ රසමුසු තැන් සිහිපත් කරමින් බෙසොස් කළ කතාව ජාත්‍යන්තර ජනමාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය තුළද අතිශයින් ප‍්‍රචලිත විය.

එසේම විශේෂයෙන් බෙසොස්වද පුදුමයට පත් කළ මෙම ශ‍්‍රී ලාංකික ගණන්කාරයා කවුදැයි සොයන්නටද ජාත්‍යන්තර මාධ්‍ය උනන්දු විය.

රිවිරේ අපත් ශ‍්‍රී ලංකාවට ආඩම්බරයක් වූ මෙම සුවිශේෂී ගණංකාරයා ගැන සොයා යන්නට අදහස් කළෙමු. මේ වන විට මෙම ගණන්කාරයා සිටින්නේ ඇමෙරිකාවේය. නමුත් කෙසේ හෝ අප අන්තර්ජාලය ඔස්සේ ඔහු හා සම්බන්ධ වී ඔහු හා සංවාදයක යෙදුණේ, මෙම ගණන්කාරයා හෙවත් යසන්ත රාජකරුණානායක පිළිබඳව සියලූ දෙනාට හඳුන්වා දීමේ අරමුණිනි.

”බෙසොස් කියන ඔය සිද්ධිය මට මතකයි. ඒ කාලේ මම ඇමෙරිකාවේ ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් හිටියේ. ඒ කාලේ මම මගේ වියදම් හොයාගන්න සිකියුරිටි රැුකියාවක් පවා කළා මට මතකයි” යසන්ත අප වෙත පැවසුවේ අපව තවදුරටත් මවිතයට පත් කරමිනි.

කුඩා කාලයේ යසන්ත සිය දෙමාපියන් සමග පදිංචිව සිට ඇත්තේ, රත්මලාන – කඳවල පාරේ නිවසකය. ඔහු මුලින්ම පාසල් ගොස් ඇත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයටය. කෙසේ වෙතත් පෞද්ගලික පාසලක් වූ එහි මාසික වාරිකය වූ රු. 35ක මුදල ගෙවීම, පාසල් ගුරුවරියක වූ යසන්තගේ මවට අපහසු කාරියක් වී ඇත. ඒ අනුව කෙසේ හෝ ශිෂ්‍යත්ව විභාගය සමත් වී රජයේ හොඳ පාසලකට යාමට උත්සාහ කරන ලෙස යසන්තගේ මව, ඔහුට පවසා ඇත. කුඩා කාලයේ සිටම ධෛර්යවන්තයකු වූ යසන්ත ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත.”

යසන්ත රාජකරුණානායක, සිසුවා පරිගණක විද්‍යාව දෙසට යොමු වූ ආකාරයද සුවිශේෂී වේ.
”ලේ දකින්න තියෙන අකමැත්ත නිසා මට වෛද්‍යවරයෙක් වෙන්න  ඕන වුණේ නැහැ. ඒ වගේම මට පොඩි කාලෙ ඇදුම තිබුණ නිසා ¥විලි එක්ක ඉන්න වෙන නිසා සිවිල් ඉන්ජිනේරුවරයෙක් වෙන්න එපා කියල තාත්තා කිව්වා. තාත්තා තමයි මට කිව්වෙ පරිගණක පැත්ත ටිකක් බලන්න කියල” යසන්ත අප සමග පැවසීය.

කොළඹ, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වූ යසන්ත එවක කටුබැද්ද විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වුණු මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබ ඇත. එහෙත් කෙසේ හෝ ඇමෙරිකාවේ ලෝක ප‍්‍රකට ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ සිහිනයක් ඔහු තුළ මතුව තිබිණ. ඒ සඳහා වියදම් කිරීමට තරම් ඔහුගේ දෙමාපියන් ධනවත්තු නොවූහ.

එහෙත් තම ඉලක්කය වෙත කෙසේ හෝ ළඟාවීමේ ශක්තිය හා ධෛර්යයෙන් යුත් යසන්ත අවසානයේ ඇමෙරිකාවේ ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට සමත්ව ඇත.

ශ‍්‍රී ලංකාවේ යසන්ත රාජකරුණානායකට ඇමෙරිකාවේ ජෙෆ් බෝසෙස් හමුවන්නේ ඒ අයුරිනි. එනම් ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේදීය. නන්නා`දුනන දේශයක තනි වූ යසන්තට මුල් කාලයේ මිතුරන් සිට නැත. එබැවින් මිතුරන් සොයා ගැනීම සඳහා යසන්ත කුඩා උපක‍්‍රමයක් භාවිත කර ඇත. එනම් විෂය දැනුම අඩු සිසුන්ට පාඩම් කියාදීමයි.

මේ උපාය නිසා ක‍්‍රම ක‍්‍රමයෙන් යසන්ත රාජකරුණානායකට මිතුරු මිතුරියන් බොහෝ දෙනකු ලැබී ඇති අතර ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස නමක් දිනා ගැනීමට අවස්ථාව ලැබී ඇත. ජෙෆ් බෙසෝස්ම පවසන පරිදි ඔහු යසන්ත සොයා ගොස් තිබෙන්නේ එම පසුබිම තුළය.

”ජෙෆ් මගෙ ළඟට ගෙනාව ගණිත ගැටලූව වගේ එකක් ඊට කලින් මම විසඳලා තිබුණා. ඒ මතකයෙන් තමයි ඒක මම විසඳුවෙ.” යසන්ත තිස් වසරකට පෙර මතකය අවදි කළේය.

”බෙසොස් බොහොම නිහතමානී, ප‍්‍රියමනාප තරුණයෙක් බව මට මතකයි. එසේම ඔහු බොහොම සුහදශීලී පුද්ගලයෙක්.” ඒ යසන්තගේ මතකයේ බෙසොස් රැු`දී ඇති අයුරුය.

විශ්වවිද්‍යාල දිවියෙන් පසුව ඔබට ජෙෆ් බෝසෙස් යළි මුණගැහුණේ නැතිද?” අප යසන්තගෙන් ප‍්‍රශ්න කළෙමු.
”නැහැ. ඊට පසු අප හමුවුයේ නැහැ. හරියටම කිව්වොත් අවුරුදු තිස් හතරකින් අප හමුවී නැහැ.” යසන්තගේ පිළිතුර විය.

එසේනම් අවුරුදු තිස් හතරකට පසුව යසන්ත පිළිබඳව මතකය බෙසොස් විසින් ප‍්‍රසිද්ධ සම්මුඛ සාකච්ජාවකදී යළි අවදි කළ බව දැන ගත් විට ඔහුට ඇති වූ හැ`ගීම ගැනද අප ඔහුගෙන් විමසුවෙමු.

”මම ඇත්තටම පුදුම වුණා ජෙෆ් බෙසෝස් මං ගැන කියපු කතාවක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් තියෙනව දැකල. ජෙෆ් ඉතාම නිහතමානී වගේම, හොඳ මතකයක් තියෙන කෙනෙක්. ඒ නිසයි ඔහු අවුරුදු 34කට පස්සෙ මං ගැන මතක් කළේ. ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා.” යසන්ත, ජෙෆ් බෙසෝස් ගැන දක්වන ප‍්‍රතිචාරය එසේය.

මෙම සිද්ධියෙන් පසු යසන්ත රාජකරුණානායක, තමන් පිළිබඳව කළ සඳහනට ස්තූතිය පළ කරමින් විද්‍යුත් තැපැල් පණිවුඩයක් බෙසොස් වෙත යවා තිබේ. ජෙෆ් බෙසෝස්ද එය කියවා බෙහෙවින් සතුටට පත්ව තමන්ට පිළිතුරක් එවා තිබූ බව යසන්ත පැවසීය.

”ජෙෆ් ගොඩක් සතුටු වෙලා තිබුණ මගේ පණිවුඩය දැකල. එයා මගේ විස්තර අහල මටත් විද්‍යුත් පණිවුඩයක් එවල තිබුණ.” යයි යසන්ත පැවසුවේය.

එදා ජෙෆ් බෙසෝස්ට ගණන් ඉගැන්වූ යසන්ත රාජකරුණානායක යනු අද ලොවම පිළිගත් මහාචාර්යවරයෙකි. මේ වන විට ඔහු පරිගණක ඉන්ජිනේරු සහ දුරකථන සන්නිවේදන ඉංජිනේරු අංශවල පේටන්ට් බලපත‍්‍ර 54ක හිමිකරුවෙකි. තවත් පේටන්ට් බලපත‍්‍ර 40ක් සඳහා ඔහු අයැදුම් කර තිබේ.

ලෝකයේ මුල්ම කේබල් මෝඩම් උපාංග නිර්මාණයටද දායක වී ඇති යසන්ත ඒ හරහා ලෝක අන්තර්ජාල විප්ලවයේද කොටස්කරුවකු බවට පත්ව සිටී.

එසේම යසන්ත මේ වන විට ඇමෙරිකාවේ ”සිලිකන් වැලී ” හි ලෝකප‍්‍රකට තාක්ෂණික උපාංග නිෂ්පාදනායතනයක් වන මීඩියාටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කරමින් සිටී.

ඔහු මේ වන විට පර්යේෂණ සිදුකරමින් සිටින්නේ කෘති‍්‍රම බුද්ධිය නිර්මාණය කිරීම සම්බන්ධ ව්‍යාපෘතියක බවද අපට දැනගන්නට ලැබිණ.

මේ වන විට දරුවන් දෙදෙනකුගේ පියෙකු වන යසන්ත රාජකරුණානායක විවාහ වූයේ අමෙරිකාවේ පදිංචි ශ‍්‍රී ලාංකික යුවතියක සමගය.

”දරුවන් දෙදෙනා මගේ අඩි පාරේමයි යන්නෙ. දුව පරිගණක ඉංජිනේරුවෙක්. පුතා රොබෝටික් තාක්ෂණය හදාරමින් ඉන්නවා.” යයි ඔහු පවසා සිටියේ ආඩම්බරයෙනි.

විදෙස් රටක පදිංචි වී සිටියත් යසන්ත තමා උපන් ශ‍්‍රී ලංකා භූමියට අතිශයින් ආදරය කරන්නෙකි. තමාගේ දැනුමින් ප‍්‍රයෝජනයක් ගන්නට ශ‍්‍රී ලංකාව සූදානම්  ඕනෑම මොහොතක යළි මව් රටට පැමිණ එම යුතුකම ඉටු කිරීමට යසන්ත සූදානමින් සිටී.

”ශ‍්‍රී ලංකාවේ නව නිපැයුම් කරන දක්ෂයින් සිටිනවා. එහෙත් ඔවුන්ට ආර්ථිකමය ශක්තියක් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි” යසන්ත ඒ ලෙස පැවසුවේ රට ගැන ඇති ”කැක්කුම” නිසාමය.

”මම හැකි සෑම අවස්ථාවකදීම ශ‍්‍රී ලංකාවට උදව් කරන්න කැමතියි”  අපගේ සංවාදය නිමාවෙන්නට ආසන්නව තිබියදී ආචාර්ය යසන්ත රාජකරුණානායක සඳහන් කර සිටියේ හැ`ගීම්බරවය.

පැතුම් වික‍්‍රමරත්න
44165090_553493478421173_4843343789730824192_n