ඔබ දන්නවාද? පෘථිවියට සැතපුම් මිලියන ගණනක් ඈතින් පිහිටි ග‍්‍රහලෝකවලට අපගේ ලෝකයේ කාලගුණික තත්ත්වය මුළුමනින්ම වෙනස් කළ හැකි බව.

මෑත කාලීනව ලෝකය පුරා දහස් ගණනින් මියයන ස්වභාවික ව්‍යසන මාලාවක් සිදුවෙමින් තිබේ. හිටිහැටියේ මෙන් ඇතිවූ මේ වෙනස්වීම ලෝකවාසීන්ට තදින්ම දැනෙන්නේ පෙර නොවූ විරූ තරමට වෙනස් මෙන්ම අඛණ්ඩව සිදුවීම නිසයි. නියං, මහවැසි, සුළිකුණාටු, භූ කම්පන මෙන්ම අප කලාතුරකින් මුහුණදුන් සුනාමි ද දැන් සිදුවන්නේ එක දිගට ය. මේ සියල්ලට අප දන්නා හේතූන් ද තිබේ. එහෙත් අතීතයේ විද්‍යාත්මකව තහවුරු නොකළ, එහෙත් මේ වනවිට තහවුරු වෙමින් තිබෙන කරුණු බරපතළ ලෙස මෙම ව්‍යසන සඳහා හේතුවන බවට දැන් දැන් අනාවරණය වෙමින් පවතී.

මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී ද කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් හෙළිවූ නවතම වාර්තාවකින් දැක්වුණේ මුළුමහත් පෘථිවියේම කාලගුණික තත්ත්වය අඩුම තරමින් මීට වසර මිලියන 215ක අතීතයට ගොස් ඇති බවයි. එනම් එම කාලය හැඳින්වූ ටි‍්‍රයාසික් යුගයේ පැවැති කාලගුණික තත්ත්වය යළිත් වර්තමානයේ පෘථිවියට බලපෑමට පටන් ගෙන ඇති බවයි.

ටි‍්‍රයාසික් යුගය යනු ජුරාසික් යුගයට පෙර යුගයයි. මෙම කාලගුණික විපර්යාසයට හේතුවී ඇත්තේ බ‍්‍රහස්පති හා සිකුරු ග‍්‍රහයාගේ පිහිටීම නිසා ඇතිවූ ගුරුත්වාකර්ෂණ බලයෙහි බලපෑමෙන් බව එම වාර්තාවෙන් අවධාරණය කර තිබේ. රටවල් කිහිපයක විශ්ව විද්‍යාල ගණනාවක පෘථිවි හා ග‍්‍රහතාරකා අධ්‍යයන, භූ කාලානුක‍්‍රම, භෞතික විද්‍යා, භූ විද්‍යා ආදී ඊට අදාළ විෂයයන් කිහිපයක විශේෂඥයින්, විද්‍යාඥයින් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක් අවසානයේ මෙම වාර්තාව නිකුත් කර තිබුණි.

සෑම වසර 4,05,000කටම වරක් බ‍්‍රහස්පති හා අඟහරු ග‍්‍රහලෝක විසින් පවත්වාගෙන යනු ලබන ගුරුත්වාකර්ෂණ හැසිරීම පෘථිවියට බලපෑම් ඇතිකරන බව එම වාර්තාවේ දැක්වේ. පර්යේෂණය සඳහා දායක වූ කොළොම්බියා සරසවියේ මහාචාර්ය ඩෙනිස් වී කෙන්ට් පවසා ඇත්තේ ”වසර 4,05,000ක කාලයක් පුරා සිදුවූ කාලගුණය, පරිසරය, ඩයිනෝසරයන්, මැමත් සහ පොසිල චක‍්‍රයේ වෙනස්විම් පිළිබඳ නිවැරැුදිව තහවුරු කරගන්න විද්‍යාඥයන්ට දැන් පුළුවන්. කාලගුණික චක‍්‍රය ඍජුව පෘථිවි කක්ෂයට බලපාන අතර හිරු සහ හිරු කිරණ පෘථිවියට පතිත වීම ද කාලගුණයේ වෙනස්වීමට බලපෑම් කරනවා.” යනුවෙනි.

”ප‍්‍රමාණය හා අන්තර් සම්බන්ධය අතින් බ‍්‍රහස්පති සහ සිකුරු ග‍්‍රහලෝක ඉතාම ප‍්‍රබලයි. සිකුරු යනු අපට සමීපතම ග‍්‍රහයායි. ඊට සැතපුම් මිලියන 162ක් ඈතින් පිහිටි බ‍්‍රහස්පති සූර්යග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහයායි. කෙසේවෙතත් මෙම ග‍්‍රහයින් දෙදෙනාගේ බලපෑම අපගේ ඍතු වෙනස්වීම්වලට පවා තීව‍්‍ර ලෙස බලපානවා. අප දැන් සිටින්නේ එම කාල චක‍්‍රයේ මධ්‍ය අවධියේයි. මෙහි මෑතකාලීන උච්චතම අවස්ථාව එළැඹ තිබුණේ මීට වසර 2,00,000කට පෙරයි.” යනුවෙන් ද මහාචාර්යවරයා කරුණු දක්වා තිබුණි.

වසර කිහිපයක් තුළ මීට පෙර ද ග‍්‍රහලෝකවල බලපෑමෙන් අපගේ ලෝකයේ කාලගුණයට බලපෑම් එල්ල කරන බවට පවසා තිබුණ ද එය විද්‍යාත්මක වශයෙන් තහවුරු වෙමින් ඇත්තේ වර්තමානයේදී ය. විශේෂයෙන්ම 2004 වසරේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට බලපෑ සුනාමියට පෙර ද එ් පිළිබඳ අනාවැකි පළකර තිබුණේ ග‍්‍රහ බලපෑමක් කියායි. නමුත් එ් වනවිට එවැනි අනාවැකි පළකර තිබුණේ ජ්‍යොතිෂවේදීන් බැවින් විද්‍යාත්මකව තහවුරු වී නොමැති වීම නිසා ඇතැමුන් එය බැහැර කර දැමීය. එහෙත් නක්ෂත‍්‍රකරුවන් කලින් කලට ග‍්‍රහතාරකා ගැන පවසමින් කී කාලගුණ අනාවැකි නිවැරැුදි වූ අවස්ථා තිබූ බැවින් විද්‍යාඥයින්ගේ ද අවධානය ඊට යොමුවිය.

මුහුදු රළෙහි වඩදිය, බාදිය සඳහා ද සඳෙහි ගුරුත්වාකර්ෂණය හේතුවන බවට කතාබහ කෙරුණ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සඳහා එය භාවිත නොකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ* අනූෂා වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.  ”කාලගුණයට සඳේ ගුරුත්වාකර්ෂණය පරාමිතියක් නෙවෙයි. අපි එහෙම පාව්චිච් කරන්නෙත් නෑ. තවම විද්‍යාඥයන් එ්ක එහෙමයි කියලා සොයාගෙනත් නැහැ. භූ කම්පන, සුනාමි වගේ තත්වයන්ට එය බලපෑමක් නෑ කියලා අපිට කියන්නත් බැහැ. දැනට එ්වා සොයාගෙන යන නිසා. ලෝකයේ එහෙම සොයාගෙන තියෙනවාද කියලා මම දන්නේ නැහැ. දන්නෙ නැති දෙයක් ගැන මට කියන්න බැහැ.” යනුවෙනි.

පසුගිය දිනෙක පවා අප අත්විඳි කළුතර කැලිඩෝ මුහුදු වෙරළ, හික්කඩුව තිරාණගම, බලපිටිය හා මාතර ඇතැම් වෙරළාසන්න මාර්ගවල වැලි පිරෙන තරමට ආ මුහුදු රළ පිළිබඳ ජනතාව බියට පත්වී තිබුණේ විදෙස් පුවත්වලින් නිතර ඇසෙන සුනාමි පුවත් නිසාය. එහෙත් නිරිති දිග මෝසම් කාලවල මෙවැනි මුහුදු රළ වෙරළට ගැසීම එම ප‍්‍රදේශවල ජනතාවට හුරුපුරුදු වුවත් ඔවුන්ට දැන් වඩාත් එය දැනෙන්නේ මුහුදු රළ ගොඩබිමට පැමිණීමට ඇති බාධාවන් අඩුවීම නිසා ඇතිවන වෙරළ ඛාදනය හේතුවෙනි.

විදෙස් විද්‍යාඥයන් මෑත කාලීනව කාලගුණයට ග‍්‍රහ බලපෑමේ විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ සාකච්ඡුා කළ ද 1980 පමණ සිට අනුර සී පෙරේරා මහතා මෙලෙස ග‍්‍රහතාරකා පිහිටීම ලෝක කාලගුණයට බලපෑම් එල්ල කරන බවට අනාවැකි පළකර තිබේ. ඊට හේතුවූයේ ලොව තාරකා විද්‍යාඥයන් කාලගුණය පිළිබඳ නොහැදෑරීම නිසාය. එහෙත් එවකට පැවති දැඩි කාලගුණ විපර්යාසය පිළිබඳ පර්යේෂණ කිරීමේ දී අනුර සී පෙරේරා මහතා ග‍්‍රහ පිහිටීම හා කාලගුණය අතර අන්තර් සබඳතාව පිළිබඳ අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් ජපානය, ඉන්දුනීසියාව, ඇමෙරිකාව, ඉන්දියාව ආදි රටවල් ගණනාවකට මාස කිහිපයක් තිස්සේ වැල නොකැඞී එන සුළිකුණාටු, සුනාමි, භූ කම්පන තත්ත්වයන්ට මෙන්ම මෙරට මහවැසි, තද සුළං ආදියට හේතුව අංශක 360ක් පුරා විසිරී තිබෙන ග‍්‍රහ මණ්ඩලයෙන් බුධ, සිකුරු, බ‍්‍රහස්පති, අඟහරු යන ග‍්‍රහයන් අංශක 70ක් අතරට එ්කරාශී වීමේ බලපෑමක් ලෙස බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි.

”මෙම ග‍්‍රහයන් ළං ළංව පිහිටීම සිදුවන්නේ කලාතුරකින්. 2014 වසර අවසානයේදී ශ‍්‍රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තතත්වයටත් හේතුවූයේ මෙම ග‍්‍රහ පිහිටීමයි. අපිට මහ වැසි ඇදහැලූණත් ඇතැම් රටවලට මෙම ග‍්‍රහ පිහිටීම බලපා ඇත්තේ නියං ලෙසටයි. ග‍්‍රහයන්ගෙන් පිටකරන ගුරුත්වාකර්ෂණ බලය හා සූර්ය සුළං මගින් ඇති කරන පරමාණුක, විකිරණශීලී අණු පෘථිවිය වටා ඇති වෑන් ඇලන් විකිරණශීලී වළලූ දෙක මත ආරෝපණයක් ඇතිවෙනවා. හරියට වළාකුළු දෙකක් එකිනෙකා හරහා යද්දී ඇතිවන ආරෝපණය වගේ. එ් ආරෝපණය පෘථිවියේ ඉහළ වායුගෝලයට බලපාන නිසා පහළ වායුගෝලය කැළඹෙනවා. එහි ප‍්‍රතිඵලයක් හැටියට තමයි වැහි කුණාටු, සුනාමි, නියං ආදිය ලැබෙන්නේ. සඳේ බලපෑම වඩදිය බාදියට බලපානවා වගේම ඉරයි හඳයි එක පෙළට පිහිටියහොත් එවිට මහ වඩදිය මහ බාදිය ලෙස බලපානවා. ග‍්‍රහයන්ගේ බලපෑමත් සඳේ බලපෑමත්, සූර්යයාගෙත් බලපෑමත් එකවර තීව‍්‍රව ලැබෙන අවස්ථාවන්වලදී ලැබෙන ප‍්‍රතිඵල මේ වගේ කාලගුණයේ දරුණු විපර්යාස ඇති කරනවා. එය ලෝකේ කුමන තැනකට බලපෑම් ඇති කරයිද කියලා කියන්න බෑ. මොකද ලෝකයටම බලපාන නිසා.

මාස කිහිපයක් තිස්සේ අපගේ කාලගුණයට බලපා තිබෙන මේ ග‍්‍රහ පිහිටීම ගැන මම මෑතදී සඳහන් කළේ පසුගිය අගෝස්තු 17 වැනිදා රුවන්වැලිසෑ මළුවේ සිටයි. එ් දවස්වල එම ප‍්‍රදේශයේ තිබුණේ දැඩි වියළි කාලගුණයක්. අපට මහවැසි ඇදහැලූණත් මේ දිනවල ඇමෙරිකාවට සුළි කුණාටු මෙන්ම ඇතැම් රටවලට නියං, සුනාමි ඇතිවනවා. ග‍්‍රහ බලපෑමෙන් කාලගුණයේ වෙනස්කම් එ් එ් රටවලට බලපාන ආකාරය වෙනස්. මාසයක් දෙකක් ගතවනතුරු මෙවැනි විපර්යාස සිදුවේවි. ඉදිරි කාලයේදී යුරෝපයේ බොහෝ රටවලට අධික හිම කුණාටු මෙන්ම හිම පතන ඇතිවේවි. හිරුගේ මත විදාරණය වන කළු ලප හේතුකොටගෙන හා සඳ ගමනත් මේ ග‍්‍රහ පිහිටීමට බලපෑවොත් තත්ත්වය තවත් වෙනස් වේවි” යැයි ද තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා අනාවැකි පළ කළේ ය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි