වර්තමාන ශ‍්‍රී ලාංකේය සංගීතය අගාධයකට යන අවධියක තරුණ පරපුරේ වෙනස් නිර්මාණ කරන පුද්ගලයින් සිටින්නේ ඉතාමත් අල්පයයි. මුදල් පසුපස, ජනප‍්‍රියත්වය පසුපස හඹා නොගොස් අර්ථාන්විත ගුණාත්මක නිර්මාණයන් කරන පිරිස අතරින් අද රිවිසරසි අපගේ කතාබහ ”යුකී” හෙවත්  යුක්ති ප‍්‍රබුධික නවරත්න සමගයි.

* කවුද මේ  ”යුකී” කියන්නේ?     
මම නමින් යුක්ති ප‍්‍රබුධික නවරත්න. මහනුවර තමයි මම හැදුණේ වැඩුණේ. පාසල ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය. පුංචි කාලේ පාසලේ නර්තන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. පාසල තුළ සංගීතය හැදෑරීමක් කළේ නැහැ.

අවුරුදු 5ක් නර්තන තරගවලින් සමස්ත ලංකා ජයග‍්‍රහණ ලබලා තියෙනවා. ඉතිං දවසක් අපේ ගෙදරට අයියා පරිගණකයක් අරන් ආවා. එයා ීදඓඅ්රු වලින් පොඩි පොඩි සංගීත නිර්මාණ කරන්න පටන් ගත්තා. එතකොට තමයි මටත් ඒකට කැමැත්තක් සහ උනන්දුවක් ඇතිවෙලා සංගීත නිර්මාණකරණයට යොමු වුණේ. දැනට මගේ සම්පූර්ණ කාලය සංගීතය වෙනුවෙන් යොදවලා තියෙන්නේ.

* ඔබ ගායකයෙක්ද? ඍ්චචැර කෙනෙක්ද? සංගීත නිර්මාණ ශිල්පියෙක්ද? නළුවෙක්ද? ගී පද රචකයෙක්ද?
ඔය කවුරුත්ම නෙවෙයි. හරිම සරල තනියම ඉන්න කැමති කෙනෙක් තමයි මම. ඔය කියන හැකියාවන් හැමදේම තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ මම හැමදේකටම දක්ෂයි කියලා.  ඒ වුණාට මට තනියම ගීතයක් ලියලා හදලා ගායනා කරලා කිසිම වියදමකින් තොරව ශදමඑමඉැ ඹචකද්ා කරලා මුදල් උපයන්න පුළුවන්.

* ඔබ මුලින් ක්ෂේත‍්‍රයේ විවිධ පුද්ගලයන් සමග වැඩ කළාට ඔබ කරළියට එන්නේ මෑතකදී. මොකක්ද ඒකට හේතුව?
මම කලින් ක්ෂේත‍්‍රයේ දැනට ජනප‍්‍රිය අයත් සමග වැඩ කරලා තියෙනවා. මෑතකදී ෘරසකක ඔැ්ප හි හසංක වික‍්‍රමරත්න සහ රවී ජයවර්ධන ගේ හමුවීමත් සමග බොහෝ දෙනා මගේ දක්ෂතාවන් හඳුනා ගත්තා. වස්ති හා ෘරසකක ඔැ්ප සමග වැඩ කරන්න ලැබීම මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. ඊටත් කලින් මම නිර්මාණය කළ ”මට තාම දැනෙනවා” ගීතයට අදටත් බොහෝ දෙනා ආදරය කරනවා.

* ගායකයෙක්, ගී පද රචකයෙක් සහ සංගීත නිර්මාණ ශිල්පියෙක් විදිහට යුකීට සෑහෙන්න ගැහැනු ළමුන්ගේ ආකර්ෂණය තියෙනවා. ඒත් ඔබ ලියූ ගීතවල සැඟවිලා තියෙන්නේ විරහව. මොකක්ද ඒකට හේතුව ?
ඔව් මම මගේ ගීතවලට ඇතුළත් කරගත්තේ මගේ අත්දැකීම්. පාසල් කාලයේ ලබපු ඒ විරහ අත්දැකීම තමයි මගේ ගොඩක් ගීතවලට පාදක වෙලා තියෙන්නේ.

* ලංකාවේ පවතින සමාජ ක‍්‍රමය තුළ ගායකයෙක්ට සංගීත නිර්මාණ ශිල්පියෙක්ට නියමිත වටිනාකමක් ලැබෙනවා කියලා ඔබ හිතනවාද ?
කොහෙත්ම නැහැ. වෙනත් රටක මාධ්‍ය ආයතනයක කෙනෙක්ගේ නිර්මාණයක් පළ කරනවා නම් අදාළ නිර්මාණයේ හිමිකරුට ගෙවීමක් සිදු කරනවා. නමුත් ඒ කාලේ සිටම අපේ රටේ එහෙම ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වුණේ නැහැ.

අතීතයේ හිටපු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින්වත් මේ පිළිබඳ කිසිම උනන්දුවක් දක්වලා නැහැ. ඒකෙන් ඉදිරියට එන අයටත් තමන්ගේ නිර්මාණවලටත් කිසි වටිනාකමක් නැති වීමයි වුණේ. අඩු තරමින් නිසි පනතක් හෝ සම්මත කරගත්තා නම් නිර්මාණකරුවන්ට සාධාරණයක් වටිනාකමක් ඇතිවෙනවා වගේම ඉදිරියට අලූත් නිර්මාණ කරන්නත් බොහෝ අය පෙළඹේවි.

දිලිනි උදාරි