අලුතෙන්ම පටන්ගත් අලුත් ආරේ රේඩියෝ නාලිකාවක් ගැන තොරතුරු ටිකක් අහන්න අපි එහි නාලිකා ප්‍රධානි රෝහණ දේව මහතා සහ නාලිකා උපදේශක හඩ්සන් සමරසිංහ මහතාව රිවිරට එකතු කර ගත්තා.

Handa radio සංකල්පය  ගැන මුලින්ම කතා කරමුද?
www. Handa radio.lk කියලා  web radio එකක් තමයි මේ අපි හඳුන්වලා දීලා තියෙන්නේ. අද කා‍ලේ ඕනම කෙනෙක් අතේ Mobile Phone එකක් තියෙනවා. ඒ නිසා මේ  Handa radio එක ඕනම වෙලාවක ඕනම තැනකදී ශ්‍රවණය කිරීමට හැකියාව ලැබෙනවා.  Handa .lk කියන web මාධ්‍ය හරහාත්  මේ FM නාලිකාවට සවන් දිය හැකියි.

Handa radio වේ ඉලක්කගත පාඨක පිරිස ගැන කිව්වොත්?
අපේ ඉලක්කය සියලුම ශ්‍රී ලාංකිකයින් Internet පහසුකම තිබේනම් ලෝකේ ඕනම කෙනකුට අපේ  radio එකට සවන් දිය හැකියි.  ලංකාව අලුත්ම උණුසුම් ප්‍රවෘත්ති වගේම කාලින දේශපාලන සංවාද, කලා තොරතුරු, සංගීතමය වැඩසටහන්, ආගමික වැඩසටහන් මේ Handa radio මගින්  ශ්‍රවණය කිරීමට පාඨකයින්ට අවස්ථාව උදාවෙනවා.

Handa radio ව සමග එක්වන  ප්‍රවීණයින් කවුද?
ජේ.ආර්. ජයවර්ධන සමයේ සිට දේශපාලනයට පසුබිමින් සම්බන්ධ වුණ හඩ්සන් සමරසිංහ ශූරීන් Handa radio ව සමග එකතු වෙලා රට යන අත වැඩසටහන කරනවා.  දක්ෂ, ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදියකු ලෙස හඩ්සන් සමරසිංහ මහතා හඳුන්වන්න පුළුවන්.  ඊට අමතරව මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මේ FM නාලිකාව සඳහා විශාල දායකත්වයක් සපයනවා. විශේෂයෙන්ම ධර්මය පැත්තෙන් ආනන්ද හාමුදුරුවෝ විශාල වැඩකොටසක් මෙහිදී ඉටුකරනවා කිව්වොත් නිවැරදියි.

Handa radio තුළින් සමාජයට දෙන ආකල්පය මොන වගේද?
අප හැම විටම උත්සාහ දරන්නේ යහපත් සමාජයක් උදෙසා යථාර්ථය පිළිබඳව පැහැදිලි කිරීමටයි. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හැම කෙනාටම දැකිය හැකි ධනාත්මක විචාරයන් සහිත වැඩසටහන් සඳහා අපි  මුල්තැනක් දෙනවා. අපේ සංගීත වැඩසටහන්වලින් කාලයත් සමග යටපත් වුණ දුර්ලභ ගීත ප්‍රචාරය කෙරෙනවා. ඉතා පැරණි දේශපාලන නායකයින්ගේ කතාවලට  Handa radio ඔස්සේ පාඨකයින්ට සවන් දෙන්න පුළුවන්.

හැමදාම අහන්න තිබෙන FM සංකල්පයෙන් Handa radio ව බැහැර වෙන්නේ කොහොමද?
අපිට වුවමනා වෙලා තිබෙනවා ජනතාවට රසය  සපයනවට වැඩිය දැනුම සපයන්නයි. රටට අවශ්‍ය අලුත් මිනිස්සු හදන එක ගැන සහ අපේ රටේ මජර දේශපාලනය තොර සමාජයක් නිර්මාණය කිරීම  මේ Handa radio මූලික පරමාර්ථයයි.

Handa radio වැඩසටහන්  විකාශනය පාන්දර පහට පටන් ගන්නවා. පාඨකයන්ට මුළු දවස පුරාම අපේ radio වත් සමග සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා.
මේ කාලෙ Handa radio ව වගේ නාලිකාවක අවශ්‍යතාව ඉතාම වැඩියෙන් දකින්නට පුළුවන්.  අපේ  radio වේ කෙනෙකුට තමන්ගේ අදහස් සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්න හැකියාව තිබෙනවා. අනෙක් FM වල කතාවල කොටස් පමණයි පාඨකයින්ට අහන්න ලැබෙන්නෙ.  ප්‍රවෘත්තියක් වුණත් සවිස්තරාත්මකව අහන්න පුළුවන්. රට යන අත හඩ්සන් සමග වැඩසටහන Handa radio ව තුළින් දිනපතා ශ්‍රවණය කරන්න පාඨකයින්ට අවස්ථාව ලැබෙනවා. ලෝකයේ වෙනත්  web අඩවිවලත් සහාය අරගෙන දිනපතා පුවත්පත්වල පළවෙන පුවත් විස්තරාත්මකව විමර්ශනය කිරීම මගේ වැඩසටහනේ තේමාවයි.

නඳුනි ආරියවංශ

Untitled-8