මීට වසර 23 කට පෙර දිල්වාලේ දුල්හානියා ලේජයෙන්ගේ චිත‍්‍රපටය හරහා ඔබ අමන්දානන්දයට පත් කළ කාජල් එදා මෙදා තුර සාමාන්‍ය ජීවිතයේ පමණක් නොවේ සිනමාවේ ද ර`ගපෑ චරිත බොහෝයි.  පෙම්වතියක්, බිරි`දක්, මවක් ලෙස ඈ සාමාන්‍ය ජීවිතයේත් සැලෝලයිඞ් ජීවිතයේත් ජයග‍්‍රාහී රංගනයක නිරත වුණා.  විවාහයට පෙර මෙන්ම විවාහයෙන් පසුවත් දරුවන් ලැබීමෙන් පසුවත් ඈට පේ‍්‍රක්ෂකාගාරයේ ඉල්ලූම නම් අඩු වූ බවක් පෙනුණේ නෑ.  වසර තුනක දිගු නිහැ`ඩියාවකින් පසු ඈ නැවතත් සිනමාවට පා තබනවා. ඒ තරමක් වෙනස් ආකාරයේ විෂය පථයකින්. එ් ප‍්‍රදීප් සර්කාර් අධ්‍යක්ෂණය කරන Helicopter Eela සිනමා පටයෙන්.  ඈ මෙහි රංගනයෙන් දායක වෙන්නේ තරුණ විශ්වවිද්‍යාල සිසුවකුගේ මවක් ලෙසයි. ඇගේ පුතු ලෙස රිද්ධී සේන් රංගනයෙන් දායක වනවා.  මේ, ඈ සමග ඒ පිළිබ`දව පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවකින් උපුටාගත් කොටසක්.

ඔබ මෙම නිර්මාණයේ ර`ගපාන්නේ තරුණයකුගේ මවක් විදිහට. ඔබ එවැනි චරිතයක් කරන්න පසුබට වුණේ නෑ?
ඇත්තෙන්ම නෑ. කොහොමටත් මම 15 හැවිරිදි තරුණ දියණියකගේ මවක්.  චිත‍්‍රපටයේ තිර රචනාව හො`ද නම් මම කොණ්ඩෙ සුදු වයසක කාන්තාවකගේ චරිතයක් වුණත් කරන්න දෙවරක් හිතන්නෙ නෑ. මට වැදගත් තිර රචනාවයි.

”ඒලා” කියන මවගේ චරිතය ඔබට කෙතරම් සමීපද කිව්වොත්?

හැම මවක්ම තමන්ගේ දරුවා වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන්න සූදානම්.  අම්මලාට ලෝකෙන් හො`දම තමන්ගෙ දරුවා.  ලස්සනම, කඩවසම්ම තමන්ගෙ දරුවා.  ඒලාත් ඒ වගේම මවක්.  හැබැයි එතනින් ටිකක් එහාට ගිය පොඩි උමතුවකුත් තියෙනවා වගේ. ඈ තම දරුවා වෙනුවෙන් සාමාන්‍ය මවකට එහා යනවා.  වෙලාවකට පිස්සු වගේ.  නමුත් ඈ කුමක් කළත් ඔබ ඈට සමාව දේවි.  මොකද ඇය ඒ සියල්ල කරන්නෙ ආදරය වෙනුවෙන්.  ඒ ආදරය වෙනුවෙන් රිද්ධීට කම්මුල් පාරවල් 4 ක් 5 ක් දුන්නා (සිනාසෙමින්* ඒක අපේ අධ්‍යක්ෂතුමාගෙ අදහසක්.

ප‍්‍රදීප් සර්කාර් අධ්‍යක්ෂ එක්ක වැඩ කිරීම කොහොමද?
ඇත්තටම මා දකින්නෙ ඔහු වයස්ගතම නවකයා විදිහට. 2005 වසරේ filmfare වේදිකාවේදී ඔහුට හො`දම නවක අධ්‍යක්ෂට හිමි සම්මානය Parineetha චිත‍්‍රපටය වෙනුවෙන් ලබා දෙන්නෙ මගේ සුරතින්. දෛවයේ සරදමකට වගේ අද මම ඒ අධ්‍යක්ෂවරයා යටතේ නිළියක් වෙලා.  ඔහුට පුළුවන් මා තුළ ඉන්න මට නොපෙනෙන නිළිය එළියට ඉස්මතු කරන්න. ඒක හරිම පුදුම අත්දැකීමක්.

සිනමාවේ වගේම සැබෑ ජීවිතයේත් ඔබට වැදගත් ඔබේ පවුල?
අනිවාර්යයෙන්. මගේ පවුල නැත්නම් මම මෙතන නෑ.  මගේ මුලත්, මගේ අතුත් මගේ පවුලම තමයි.
චිත‍්‍රපටයේ ඉන්න ඒලා වගේම ඔබත් ඔබේ දරුවන්ට දොස් නගනවාද? ඔබ වෙනුවෙන් ඔවුන් වෙන් කරන කාලයට?
ඒක නම් කරන්න වෙනවා.  මගේ පුතා නම් තවම පොඩියි.  ඒත් දුව ”නයිසා” මම වෙනුවෙන් වෙන් කරන කාලය මදි.  ඈ මට වඩා කතා බහ කරන්නෙ ඇගේ යෙහෙළියන් සමග.  සමහර අවස්ථාවල දරුවන් ළ`ගින් තියාගන්න ඔවුන්ගේ හැ`ගීම්වලටම කථා කරන්න වෙනවා.

ඒ වගේ දෝෂාරෝපණයක් ඔබේ මව තනූජා ගැනත් ඔබට තිබෙනවාද?
කිසිසේත්ම නෑ. ඈ මටවත් මා ඇයටවත් කවදාවත් වරදක් කියලා නෑ. අදටත් අපි අතර සම්බන්ධය එහෙමමයි.  පාසල් යනතුරුම මා සිටියේ මව සමග. මවගේ මවත් මාව හො`දින් බලා ගත්තා. පාසල් නේවාසිකාගාරයේ මම හිටියේ තනිවම.  මම වගකීම් දරන්න ඉගෙන ගත්තා. මට වැරදුණා.  වැරදුණු හැම විටම මම ඒකෙන් යමක් ඉගෙන ගත්තා.  ඒ වගේම වරදේ වගකීමත් මම භාරගත්තා.  මව තමයි මට තනිවම නැගී සිටින්න කියා දුන්නේ. ඒ වගේමයි මම අද මගේ දරුවන්ට දෙන්නෙත් ඈ මට දුන් දේවල්මයි.

ඔබ කෙතරම් දුරට මවක් විදිහට පරිණාමය වෙලාද?
සම්පූර්ණයෙන්ම.  දෙවෙනි දරුවා ලැබෙනකොට ඒක වඩාත් පහසු වුණා.  අත්දැකීම් නිසාම.  මවක් විදිහට මට  ඕනෑ ඔවුන් නිවැරදි ලෙස සමාජගත කරන්න.  වගකීම් දරන්නන් විදිහට.  ආඩම්බරකාර පුරවැසියන් විදිහට.  ඒ හැමදේටම වඩා ජය පරාජය දෙකම දරාගෙන ජීවිතය ඉදිරියට යන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන පුරවැසිය කරන්න.

දෙමාපියන් විදිහට ඔබ වර්තමානයේ මුහුණ දෙන ලොකුම අභියෝගය?
තරුණ දරුවන් ඉන්න දෙමාපියන්ට තියෙන ලොකුම ගැටලූව තමයි දරුවන්ට තොරතුරු ලැබෙන මාර්ග පිළිබ`ද සැලකිලිමත් වෙන එක.  තාක්ෂණයත් එක්ක තර්ජනත් වැඩි වෙලා.  ඔවුන්ට ලැබෙන දේ ඔවුන්ගේ වයසට ගැළපෙනවාද කියන එක ලොකු ගැටලූවක්. මම හැම විටම ඔවුන්ගේ පරිගණක ජංගම දුරකථන ගැන පරීක්ෂාවෙන් ඉන්නෙ.  නමුත් ඒකටත් සීමාවක් තියෙනවා. ගෙදර බැරි දේ ඔවුන්ට එලියේදි කරන්න පුළුවන්. හො`දම දේ තමයි ඔවුන් දැනුවත් කරන එක හරි වැරද්ද ගැන.

ඔබේ සැමියා ගැනත් ඔබ ඒ තරම්ම සෙවිල්ලෙන්ද?
අපේ විවාහයට දැන් 20 වසරක්.  නමුත් එදාට වඩා අපි අද කිට්ටු වෙලා, මිතුරන් වෙලා.  මම ඔහුට එදා මගේ ජීවිතය භාර දුන්න විශ්වාසය ඔහු අදටත් එදා වගේම රකිනවා.  මම අද මෙතැන ඉන්නෙ අජේ නිසාමයි.

ඔබට කාගේ හරි චරිතාපදානයක ර`ගපාන්න ලැබුණොත් ඔබ තෝරා ගන්නේ?
මගේ මව හෝ මගේ මවගේ මව.  ඔවුන් ඔවුගේ ජීවිත කාලය තුළ ඔවුන්ට වුවමනා වූ දේ කළා.  වැරදි හදාගෙන ඉදිරියට ගියා.  වගකීමෙන් කටයුතු කළා.  ඊට වඩා මට උත්තරීතර චරිතයක් නෑ.

ඔබත් ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය විදිහට ගත කරනවා කිව්වොත්?
වාසනාවට ඔව්. මගෙ ජීවිතයේ බොහොමයක් තීරණ ගත්තේ මම.  ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක්ට දොස්  කියන්නවත් පසුතැවෙන්න වත් හේතුවක් නෑ.  මමත් මගේ මව, මිත්තණිය වගේ ම හිතුවක්කාරයි.  ඒ වගේම ස්වාධීනයි සහ ශක්තිමත්.

”ඔබ පොත් කියවන්න ගොඩක් කැමතියි. අවසන් වරට කියවූ මතක හිටින පොත?
එකක් කියලා නෑ. මම කැමති ෆැන්ටසි ගනයේ ප‍්‍රබන්ධවලට.  සාමාන්‍ය ලෝකයේ අපි දකින කුල මල, ජාති, වර්ණ, වර්ගවාදී සිතුවලිවලින් තොර මානුශික හැගීම් ගැන කියවෙන දේවල් වලට.  වැදගත් වෙන්නෙ ඒ දේවල් නෙමෙයි.  ඒ හම, වර්ණය, ජාතිය, කුලය තුළ ඉන්න මනුෂ්‍යයා. අන්න ඒ මනුෂ්‍යයා ගැන ලියැවුණු දේ කියවන්න මම ආසයි.

ඔබ ළ`ගකදී ඉදන් තරමක් වෙනස් වෙලාද?
පෙනුමද? වෙන්න ඇති.  ඒත් ඇතුළතින් මම තවමත් ඒ කාජල් ම තමයි.

ඇයි අපට නිතරම ඔබ පුළුල් තිරයේ දකින්නට නොලැබෙන්නේ?
ඇත්තම කිව්වොත් මම හරි කම්මැලියි.  කාලයක් තිබ්බා මමත් ? දවල් නැතුව වැඩ කරපු.  ඒත් දැන් මම එහෙම මහන්සි වෙලා වැඩ කරන්න එතරම් කැමැත්තක් නෑ.  එක් නිර්මාණයකින් පස්සෙ විවේකයක්  ඕනෑමයි.  ඒ වගේම තමයි, හොදම තිර රචනාවක් ආවොත් නම් බෑ කියන්නෙත් නෑ.

(Filmfare ඇසුරෙනි)