ශාරුක් වෙබ් ටෙලි මාලාවකට අත ගසයි
සුපිරි බොලිවූඞ් නළු ෂාරුක් ඛාන් චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක් බව කාටත් නොරහසක්. නමුත් දැන් ඔහු චිත‍්‍රපට නිශ්පාදනයෙන් ඔබ්බටත් පියවරක් තබා තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඔහුගේ Red Chilli නිෂ්පාදන සමාගෙමේ පළමු වෙබ් ටෙලි මාලාව නුදුරේදීම නිකුත් වීමට නියමිතයි. බිලාල් සිද්දීක් විසින් රචිතThe Bard of Blood කෘතිය පාදක කරගෙන නිර්මාණය වන මෙම නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතය ස`දහා රංගනයෙන් දායක වන්නේ තවත් සුප‍්‍රකට බොලිවුුඞ් නළුවකු වන ඉම‍්‍රාන් හෂ්මි. මෙය ඔහුගේ ප‍්‍රථම වෙබ් ටෙලි මාලා නාටකය වීමද විශේෂත්වයක්.

මේ දිනවල මෙහි රූගත කිරීම් සිදුවන අතර ශාරුක් නම් පවසන්නේ මාස 18 ක් පුරා තමන් සහ කණ්ඩායම වූ මහන්සියේ ප‍්‍රථිඵල පිළිබ`දව තමන් අතිශය සතුටු වන බවයි. එසේම නුදුරේදීම ඔබටත් මෙහි ප‍්‍රථිඵල අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකි වේවි.
Untitled-1
1942 A Love Story යලි උපදියි

මීට වසර ගනනාවකට පෙර අනිල් කපූර් මනීශා කොයිරාල රගපෑ 1942 A Love Story චිත‍්‍රපටයේ එන ආර්.ඞී. බර්මන් සංගීතවත් කළ එක් අපූරූ ගීතයක් ඔබේ මතකයේ ඇති Ek Ladki Ko Dekha Toh Aisa Laga’

මේ කියන්න යන ප‍්‍රවෘතියත් මේ ගීතයට සම්බන්ධයි. මේ ගීතයේ නමින් චිත‍්‍රපටයක් නුදුරු ජනවාරියේ ඔබට දැක ගන්නට ලැබෙනවා. මෙහි විශේෂත්වයක් වන්නේ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් 1942 චිත‍්‍රපටය නිෂ්පාදක විදු විනෝද් චෝප‍්‍රාම වීමයි. එසේම මෙම චිත‍්‍රපටයේත් රංගනය ස`දහා අනිල් කපූර්ම එක්වීම තවත් විශේෂත්වයක්. මීට අමතරව ජුහී චාව්ලා, සෝනම් කපූර් සහ රාජ් කුමාර් රා ඕ මෙහි ප‍්‍රධාන චරිත ස`දහා දායකත්වය ලබා දෙනවා.

බොහෝ කලකින් පසුව අනිල් – ජූහී සංකලනය රිදී තිරයේ දැක ගන්නට පේ‍්‍රක්ෂකයන් නොයිවසිල්ලෙන් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

ලබන පෙබරවාරියේ තිරගත වීමට නියමිත මෙම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය පසුගිය දිනෙක එළිදැක්වුණා. ඒ ස`දහාද ඉතා සිත්ගන්නා සුළු අන්දමින් පැරණි ගීතයම යොදාගෙන තිබීම විශේෂයි. ඒ ගීතය තරමටම මෙම නව නිර්මාණයත් පේ‍්‍රක්ෂකයා වැල`ද ගනු ඇතැයි නිශ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වනවා.

Untitled-2
සුපිරිම විවාහයක් ගන්න යන ප‍්‍රියංකා සහ නික්

රසිකයින් බොහෝ දෙනෙක් පුල පුලා බලා සිටි බොලිවුඩයේ සහ හොලිවුඩයේ එක්වීම, ප‍්‍රියන්කා – නික් විවාහයට දින නියම වී ඇති බව තමයි අපට දැන ගන්නට ලැබෙන්නේ.

ඔවුන් දෙපල විවාහ ගිවිස ගත්තේ  පසුගිය සැප්තැම්බරයේයි. ඔවුන්ගේ විවාහය ලබන වසර මුල දී ජෝධාපූර් හි .’Umedh Bhawan’ සුපිරි නිකේතනයේ පැවැත්වීමට සියල්ල සූදානම් වන බවයි ආරංචිය.

ඒ ස`දහා 200 කට ආසන්න අමුත්තන් පිරිසක් ස`දහා ආරාධනා ලබා දීමට ඔවුන් සූදානම් වනවා. කෙසේ නමුත් මේ ස`දහා හොලිවුඩයෙන් නම් ආරාධිතයන් නොපැමිණෙනු ඇති. නික්ගේ හොලිවුඞ් සගයන් වෙනුවෙන් නිව්යෝර්ක් නගරයේදී වෙනම මංගල ප‍්‍රිය සම්භාශනයක් සූදානම් කිරීමට ඔවුන් සැරසී සිටිනවා. කෙසේ නමුත් බොලිවූඞ් ඉතිහාසයේ වැඩිම වියදමකින් කළ විවාහ මංගලෝත්සවය ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති.

චරිත් මොරගොඩ
Untitled-3