වේලාව (ජූනි 15 දා* පාන්දර 3.00 ට පමණ විය. නාවික හමුදාවේ ප‍්‍රහාරක බෝට්ටු හයක්ද කොමාන්ඩෝ භට පිරිස් රැුගත් යාත‍්‍රාවේ ආරක්ෂාවට තිබිණි. අනෙක් බෝට්ටු මුහුදේ තිබෙන බව හඟවා ”ලැන්ඩින් ක‍්‍රාෆ්ට්” යාත‍්‍රාව මුතූර්වලට නැගෙනහිරින් ෆවුල් තුඩුව ආසන්නයෙන් භට පිරිස් වෙරළ ආසන්නයට ආරක්ෂිතව රැුගෙන ඒමට  එහි නියමුවා උත්සාහ කළද එම ප‍්‍රදේශයේ ගල්පර තිබූ නිසා එහි සිටි භටපිරිස් කුඩා බෝට්ටුවලට බස්සවා වෙරළට ළං කළේය. ගල්පර නිසා මෙම ඩිංගි බෝට්ටුද ළං කිරීම අපහසු වූයෙන් කර වටක් පමණ වතුරට බැස යාමට සිදුවිණි. මේ නිසා අවි ආයුධ සියල්ල මුහුදු වතුරට තෙමි තිබිණි.

මෙහෙයුමේ රහස්‍යභාවය රැුකගන්නට මෙම පිරිස මුහුදෙන් ගොඩබස්වනු ලැබිණි. එම නිසාම ඩිංගි බෝට්ටු වෙරළට සේන්දු නොකර පය ගහන්නට හැකි දුරකින් භටපිරිස් වතුරට ගොඩ බස්සවන්නට විය.

එක් අයකු පසුපස එක් අයකු ලෙසින් අවි අමෝරාගෙන ඉදිරියට ඇදුණු කොමාන්ඩෝ භටයින් ඉලක්කය සොයා කැලය තුළට ඇතුළුවන්නට විය. එළිය වැටෙත්ම මුතූර් වෙත පැමිණ කඳවුර බේරාගැනීම කොමාන්ඩෝ සෙබළුන්ට වූ අභියෝගය විය. උපක‍්‍රමශීලීව කැලෑව තුළින් ඇතුළට පැමිණි සෙබළුන් බාධක පරයමින් ඉදිරියට ඇදෙන්නට වූහ.

”එල්.ටී.ටී.ඊ කෑම්ප් මේ පැත්තේ කොහේ තියෙනවද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා අපි ගම් මඟහැර මඟහැර කැලෑව දෙසින්  ආවා. ?ට ලාම්පුවක් පත්තු වෙනවා නම් ඒක එල්.ටී.ටී.ඊ පොයින්ට් එකක් වෙන්න පුළුවන්.

අපි එළි මග හැර මග හැර තමයි ආවේ. ඒවා වටේ බට්ටෝ (පුද්ගල නාශක බෝම්බ* දාලා තියෙන නිසා ඒවා මඟ හරිමින් අපි ඉස්සරහට ආවා. අපි කට්ටපරිච්චාන් පැත්තට දෙපැත්තට බෙදිලා ආවා. අතරමඟදී අපිට දෙමළ, මුස්ලිම් ගම්මාන පහුකරන්න සිදු වුණා.”

මෙහෙයුමේ රහස්‍යභාවය රැුකගැනීමට මුහුදෙන් ගොඩබැස කැලෑ ප‍්‍රදේශ හරහා ඉදිරියට ගියද අතරමඟදී ගම්මාන හා මාර්ග පසුකර යෑමටද කොමාන්ඩෝ භටපිරිස්වලට සිදුවිණි. ගම්මාන අතරින් ඉදිරියට ඇදෙද්දි ගම්වල සිටි බල්ලන් බුරන්නට වූයෙන් ගම්වැසියන් අවදි වූහ.

මේ අයුරින් කිලෝමීටර් පහළොවක් පමණ පසුකරමින් එළිය වැටෙද්දි මුතූර් – කට්ටපරිච්චාන් මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වන්නට භට පිරිස්වලට හැකි විනි. මේ වන විට වේලාව උදෑසන 9.30 ට 10.00 ට පමණ විය.

”පාර දිගේ යනකොට අපිට කට්ටපරිච්චාන් පෙරිය පාලම දකින්නට ලැබුණා. ඒ පාලම පාරෙන් උඩට වෙන්න හදලා තිබුණේ. පාලමේ ඇන්දත් එක්ක පාලම උඩට නගින්න තියෙන්නෙ. පාරේ මෙහා පැත්තේ ඉඳන් එහා පැත්ත බැලූවට පේන්නේ නැහැ. අපි පාර දෙපැත්තෙන් ඇවිත් පාලම ළඟට ළං කළාම අපේ දෙන්නෙක් පාලම උඩට හෙමින් සීරුවේ ගියා. ඒ අය බලලා මුකුත් නැහැ ක්ලියර් කිව්වා. ඒත් ටික වෙලාවක් යනකන් අපි කවුරුත් පාලම උඩට නැග්ගේ නැහැ.

ටික වේලාවකින් වාහනයක සද්දයක් ඇහුණා. සුදුපාට වෑන් එකක් අපේ පැත්තට එනවා කියලා පාලමේ හිටපු දෙන්නා කිීවා. ඒ අයට එතැනින් පැනගන්න වෙලාවක් නැති වුණා. වෑන් එකේ ආපු කොටි අපේ අය දැකලා වෑන් එක නැවැත්තුවා. ඒත් එක්කම අපේ අය ගහන්න ගත්තා. ෆයර් එක අස්සේ වෑන් එකේ ආපු එවුන් කැලයට පැනගත්තා. වෑන් එක ළඟටම අරන් ගහන්න අපේ අය සූදානම් වෙලා හිටියත් උන් ඈත තියා පැනගත්තා.”

මේ වන විටත් කොමාන්ඩෝ භටයින් නොසිතූ දෙයක් මෙම ප‍්‍රදේශයේ සිදුවෙමින් තිබිණි. මෙම කොමාන්ඩෝ භට පිරිස්වලට කොටුකර පහරදීමේ සැලසුමක් කොටි ත‍්‍රස්තයෝ ක‍්‍රියාත්මක කරන්නට වූහ. කොමාන්ඩෝ සෙබළු අසූදෙනා රැුගෙන මුතූර්වලට යාම රහසිගත මෙහෙයුමක් ලෙස කරන්නට සැලසුම් කළද එළිය වැටෙන්නට පෙර ඉලක්කයට යාමේ අවශ්‍යතාවය නිසා ගම් ආසන්නයෙන් යද්දි බල්ලන් බුරන්නට වීමෙන් ගම් වැසියන් හමුදා භට පිරිස් දැක ගත්හ. මේ සමඟ කොටින්ටද ඔත්තුව ලැබුණේය. මුතූර් කඳවුරට පහරදෙමින් සිටි කොටි කණ්ඩායම් මුෂිබර් නැමති නායකයකු සමග කට්ටපරිච්චාන් පාලම අසලට ඇදෙන්නට වූහ. හයසීයක පමණ පිරිසක් මේ දෙසට පැමිණ සිටියහ.

කොටින්ගේ ඉලක්කය වූයේ කොමාන්ඩෝ භට පිරිස් පෙරියපාලම ඔස්සේ ඉදිරියට එද්දී ඇති විවෘත භූමියට කොටුකර පහරදීමය.

මෙම පාලම උඩ සටනට මුලින්ම ප‍්‍රවිෂ්ඨ වූ දෙදෙනා වූයේ නාත්තන්ඩියේ පදිංචි කෝප‍්‍රල් නිලන්ත ලක්ෂ්මන් හා කෝප‍්‍රල් සිරිසේනය.

නිලන්ත ලක්ෂ්මන් හා සිරිසේන එල්.එම්.ජී මැෂින් තුවක්කු අතැතිව සිටියේය. නිලන්ත වම් පැත්තෙන්ද, සිරිසේන දකුණු පැත්තෙන්ද ඇතුළු විය.

”පාලමේ භාගයක් යද්දි එල්.ටී.ටී.ඊ එවුන් ෂොට් දෙකක් විතර වෙඩි තිබ්බා. ඒත් අපේ කාටවත් තුවාල වුණේ නැහැ. ඒත් එක්කම එල්.එම්.ජී එකෙන් අපි ගහද්දි පතොරම් දෙකයි පත්තු වුණේ එතැනින් එහාට ගහන්න බැරි වුණා. මොකද අපි වෙරළට ගොඩ බහින්න වතුරෙන් බැහැලා එද්දි එල්.එම්.ජී. එක තෙමුණා. පතොරම් තෙමුණා. ඒ වෙලාවේත් මගේ ළඟ එල්.එම්.ජී. වැල් පහක් තිබුණා.

අපේ එල්.එම්.ජී තුවක්කු පත්තු නොවෙන තැන මම මගේ කණ්ඩායමේ තිබුණු කොමාන්ඩෝ මෝටාර් එක අරන් වෙඩි තියන හැම පැත්තටම ගැහුවා. මම මෝටාර් ගහද්දි මගේ බඩියා උණ්ඩ එක එක දුන්නා. එකපාරටම මගේ බඩියට වෙඩි වැදුනා. ඒ උණ්ඩෙටම මගේ වම් අතේ මාපට ඇඟිල්ල කඩල යන්න වැදුනා. අපි ඒ අතරේ පාලම පහුකරලා පැනගත්තා.

මේ කෝප‍්‍රල් නිලන්ත ලක්ෂ්මන් මුහුණදුන් ඉරණමය.
මගේ එල්.එම්.ජී. එක වැඩක් නැති නිසා ඒක දාලා බඩියගේ ටී-56 අවිය මම අතට ගත්තා. වතුරේ ගියත් ටී-56 අවි පත්තු වුණා. අනෙක් මැෂින් තුවක්කු පත්තු නොවුණ එක අපට අවාසියක් වුණා. මම ටී-56 අවිය අරන් වෙඩි තියන්න හැදුවත් ඇඟිල්ලට වෙඩි වැදිලා නිසා ගැහෙන්න ගත්තා. ඊට පස්සේ මට එතැනින් පොල් කෑල්ල පැත්තට පනින්න ලෙෆ්ටිනන් රත්නායක කවරින් ෆයර් එකක් දුන්නා.

”අපි ඉක්මනට පාලමට නැගලා දෙපැත්තට ගිහිං කවර් එකක් ගන්න බැලූවා. ඉස්සරහට තිබුණේ විවෘත භූමිය. කවර් වෙන්න කිසිම දෙයක් නැහැ. මුළු පැත්තටම තිබුණේ පොල් ගස් දෙකක් විතරයි. වම් පැත්තට වෙන්න තිබුණ පොල්ගස් දෙක ඇරෙන්න භූමිය පුරාම තිබුණේ පොඩි පොඩි නියරවල් විතරයි. විවෘත භූමියෙන් ඉස්සරහට පාලමෙන්  දකුණු පැත්තට කලපුව කිට්ටුව ලොකු පොල් වත්තක් තිබුණා. අපි පාලමට දකුණෙන් හා වමෙන් කණ්ඩායම් දෙකකට පෙළට ඉදිරියට ගියා.

මෙම මෙහෙයුමේ තීරණාත්මක මොහොත උදා වූයේ එතැන් සිට සැරයන් අල්විස් විස්තර කරන්නේය.
”මමයි ලෙෆ්ටිනන් (ලූතිනන්* විමලසූරියයි වම් පැත්තෙන් ගියා.  ලෙෆ්ටිනන් යාපා දකුණු පැත්තෙන් කණ්ඩායමත් එක්ක ඉස්සරහට ආවා. දෙපැත්තෙන් ගිහිල්ලා අපි දෙපැත්තට විහිදුණා. අපි පාලම පැනලා මීටර් තිහක් විතර ඉස්සරහට ගියා. එතකොටත් මේජර් අෂාඞ්ලා පාලම එහා පැත්තේ. අපි සම්පූර්ණ  ඕපන් එකේ (විවෘත භූමිය* ඉස්සරහට ගියා.

අපි පාලම පහුකරලා තව ටිකක් ඉස්සරහට යද්දි එක පාරටම ටෙරා (කොටි ත‍්‍රස්තයින්* ගහන්න ගත්තා. හෙණ ගහන්න වගේ අපිට ගහන්න ගත්තා. අපේ ඔක්කොටම කවර් වෙන්න තැනක් නැහැ. වෙල් යායේ නියරවල් දිගේ දිගා වෙමින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළා. ඒත් අපිට කවර් වෙන්න තැනක් නැති නිසා සටන් බිමේ වාසිය ගියේ කොටින්ටයි. උන් ඉන්න තැනක්වත් පේන්න නැහැ. ඉස්සරහ තනිකරම තල් කැලේ. තල් කැලේ එක තැනක ලොකු ස්ටෝරුවක් වගේ එකක් තිබුණා. එක ඇතුලෙත් කෑම්ප් එකක් වගේ ඉඳගෙන ගහනවා. ඔය හැම තැනම ඉඳන් පි.පී.එම්.ජී. එල්.එම්.පී, මැෂින් තුවක්කු ඇතුළු හැම අවියකින්ම උන් ගැහුවා.”

තමන් කොටි පාලන ප‍්‍රදේශයේ කඳවුරක් ළඟට පැමිණ ඇතැයි හමුදා භට කණ්ඩායම්වලට තේරුම් යන විටත් සියල්ල සිදුවී හමාරය. මෙය අනපේක්ෂිත ප‍්‍රහාරයක් වුවත් කොමාන්ඩෝ සෙබළුන් තම ජීවිත පරදුවට  තබා නොබියව සටන් කළහ. තමන්ට හැකි සෑම අයුරකින්ම කොටි ප‍්‍රහාර මැ`ඩ පවත්වන්නට බැලූවද විවෘත භූමිය හරහා ආසන්නයේ වූ පොල් වත්තට පැනීම හැර වෙනත් විකල්පයක්ද නොවීය. පාලමෙන් ඉදිරියට ගිය භට කණ්ඩායම් සටනට කොටු වී සිටි නිසා පාලම පැත්තෙන් පසු බැසීමද අසීරු කාරණයක් විය. පාලමෙන් පසු බැස්සද මුතූර් කඳවුර බේරා ගැනීමට යාමට මේ වන විට මෙම ප‍්‍රදේශයෙන්ම යා යුතු විය. උපරිම වෙඩි බලය යොදමින් කෙසේ හෝ ඉදිරියට යාම මේජර් අෂාඞ් ඇතුළු එහි සිටි නිලධාරීන්ගේ එකම තීරණයද විය.

” ඕපන් එකෙන් ගහගෙන ඉස්සරහට ගියා අපේ කොමාන්ඩෝ භටයින් එකා පිට එකා වෙඩි වැදි වැටෙන්නට වුණා. තුවාල වෙලා වැටෙන අය පස්සට ගන්න ගිය අයත් වෙඩි වැදිලා වැටුණා. ඔළුව උස්සන උස්සන කෙනාට හැංගිලා ඉඳලා ගහනවා. අන්තිමට අපි කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් ලෙස බඩ ගා ගෙනම ඉදිරියට ඇදුනා. කට්ටියක් ඩවුන් ගිහිල්ලා ගහද්දි අපි බඩගාගෙන ඉස්සරහට යනවා. ඒ වගේ ටික ටික ඉස්සරහටම ඇදුනා. ඔළුව ඉස්සුවානම් වදිනවා. ඒ නිසා ඔළුව උස්සන්නෙ නැතුවම බිම දිගේ ඇදෙමින් ගහගෙන ගියා. අපිත් තිබුණු හැම අවියකින්ම ගැහුවා.
මෙම සටනේදි මුලින්ම වෙඩි වැදුණේ ලූතිනන් මහින්ද රාජපක්ෂටය.  ”සර් ලෙෆ්ටිනන් රාජපක්ෂට වෙඩි වැදුණා” යැයි ලූතිනන් රාජපක්ෂගේ කණ්ඩායමේ පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයේ සිටි සැරයන්වරයා මේජර් අෂාඞ්ට පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් දැනුම් දුන්නේය.

”රයිට් කරන්න දෙයක් නැහැ. ඔයා ඔය කට්ටිය අරගෙන ඉස්සරහට යන්න” ලූතිනන් රාජපක්ෂ සමඟ සිටි සැරයන්වරයාට මේජර් අෂාඞ් අණ කළේය. ඒ අනුව එම කණ්ඩායම ඉදිරියට ඇදෙන්නට වූහ. දිගට හරහට එල්ල වූ ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර හමුවේ භටයින් තිහක් පමණ විනාඩි දහයක් ඇතුළත කොටින්ගේ වෙඩි ප‍්‍රහාරවලට ලක්ව ඇද වැටුණහ.  මෙයින් බහුතරයක්ම මේ වන විටත් දිවි පුදා සිටියහ. මෙම කොමාන්ඩෝ භටයින් අසූදෙනා සටන් කළේ හයසීයයක පමණ ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් සමගය.

ලබන සතියට…
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com