විශ්වවිද්‍යාල සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනකු සමග ඉරිදා උදෑසන කොටුවෙන් යාල්දේවියට නැග්ගේ යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගි වීමටය. ඒ මෑතකදී  මා ගිය දිර්ඝතම සංස්කෘතික රස්තියාදුවයි.  දේශගුණික කලාප තුනක් පසු කරමින් අපි යාපනයට ළඟා වූයේ සවස 4ට පමණය.

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිකම නගරය යාපනය යැයි මම සිතන්නෙමි. යාපනයේ සංචාරය කළ දෙදින තුළ දුම්වැටියක් දල්වගෙන පාරේ ගමන් කළ එකදු මිනිසෙක් මම නොදුටුවෙමි.  යාපනවාසීන් සහ සයිකලය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. බාල, තරුණ, මහලූ ස්ත‍්‍රි – පුරුෂ කොයි කවුරුත් තම එදිනෙදා ගමන් බිමන් සඳහා භාවිත කරන්නේ සයිකලයයි. මෝටර් බයිසිකල්වල තරුණියන් පැත්තකට වාඩි වී යන හැටි දුටු කල මට සිහිවුණේ ඉන්දිය මෙගා නාට්‍යවල රඟපාන කාන්තාවන්ය.

කොළඹට සාපේක්ෂව යාපනයේ කෑමබීම අතට සහනදායිය; රසවත්ය.  උදෑසන සහ සවස ආහාර වේල් සඳහා මසාල තෝස අපි තෝරාගත් අතර එහි එකක මිල රුපියල් 120කි.

දහවල් බත ද නිර්මාංශික වු අතර කෑමට පෙර සව්, තැම්බුම් හොදි, මී කිරි වශයෙන් කුඩා පීරිසි තුනක් ලබාදෙයි. අපට අඩු වැඩිය  ඕනෑ තරම් බෙදාගත හැකි අතර එහිද මිල රුපියල් 120කි. මේ අවන්හලේ නම ”විෂ්ණු භවන්ය.”
යාපනය නගරය තුළ යුද්ධයේ  අඳුරු මතකයන්හි ශේෂයන්  දක්නට ලැබුණ මුත් යාපන වැසියන් උත්සාහවන්ත ගොවීන්ය. මා දුටු විශාලතම වෙල්යාය දුටුවේ යාපනයේය. යාපනය මිදිවලට යම් ප‍්‍රසිද්ධියක් උසුලයි. තවමත්  සිංහල පුද්ගලයකු සමග කතාබහ කිරීමේදී ඇතැම් මිනිසුන්ගේ මුහුණේ චකිතයක සේයාවක් ඇදේ. යුද්ධය නිම වී නව වසරක් ගත වුවද තවම ඔවුනගේ සිත් තුළ යුද්ධයේ අඳුරු මතකයේ අවශේෂයන් තැන්පත්ව ඇත.  යාපනයේ නගරාන්තර මගී ප‍්‍රවාහන කටයුතු සඳහා රදි් වැනි කුඩා බස්රථ විශාල ප‍්‍රමාණයක් යොදගෙන තිබීම මා දුටු සුවිශේෂ දෙයකි.

බැලූ බැල්මට ඉරිදාට යාපනය පාළුය.  කඩවල් සියල්ල ම පාහේ ඉරිදාට වසා ඇත. වසර තිහකට පමණ පෙර . එල්. ටී. ටී. ය විසින් ගිනි තැබු යාපනය පුස්තකාලයට අප ගොඩවැදුණේ එය චිත‍්‍රපට තිරගත කළ එක් ස්ථානයත් එය වූ බැවිනි. නමුත් ප‍්‍රමාණාත්මක පේ‍්‍රක්ෂකයන් පිරිසක් එහි නොවීය. මේ පිළිබ`දව මෙවර එම චිත‍්‍රපට උළෙලේ කෙටි චිත‍්‍රපට අංශයෙන් තරග වැදුණු දචචරුිිදර චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ශාෂිංක විදුසර මෙලෙස අදහස් දැක්වීය.

”යුද්ධය ඉවර වෙලා වසර නවයක් ගත වුණත් යාපනය තුළ කොළඹ අප දකින  කලාව වර්ධනය වෙන්නේ මන්දගාමීව. නමුත් යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල එයින් ලැබෙන පිටිවහල ඉමහත්. උතුරේ තිබුණ අවුරුදු 30ක යුද්ධය නිසා එහේ මිනිසුන්ට කලාව අතපතගාන්න බැරිවුණා.  නමුත් දකුණට එහෙම වුණේ නෑ. යුද්ධය අවසන් විමත් එක්කම උතුරේ කලාව ගමන් කරන දිශානතිය සොයා ගැනීමට බැරි වුණා. උතුර හා දකුණ යා කරන එක් ක‍්‍රියාවලියක් විදිහට මේ ජාත්‍යන්තර සිනමා උළෙල අප දුටුවාට උතුරේ සමහර මිනිස්සු හිතන්නේ දකුණේන් උතුරට ගෙනයන යම්කිසි මෙහෙයුමක් කියලා. සමහර පිරිස්, කණ්ඩායම් හිටියා මේ චිත‍්‍රපටියෙන් කියන්නේ මොකද්ද? දකුණ උතුර කියවා තියෙන්නේ කොහොමද? කියන ප‍්‍රශ්නත් එක්ක එතැනට ආපු. ඒ අතරතුර ජූඞ් රත්නම්ගේ ාැපදබි සබ ච්ර්ාසිැ චිත‍්‍රපටය යම්කිසි දේශපාලන හස්තයක් මගින් වාරණය කරනු ලබනවා. නමුත් මේ දේශපාලනික ප‍්‍රශ්න ටිකෙන් ටික අඩු වුණොත්, කලාවට තියෙන වාරණ ඉවත් වුණොත්, සමාජිය වාරණයත් එහෙම්ම අඩු වී ගෙන යයි.”

”මං හිතන්නේ ඒ සහභාගි වෙච්ච ප‍්‍රමාණය ඇති. කොළඹ නම් නිරායාසයෙන් තරංගනියට චිත‍්‍රපට උළෙලක් බලන්න නිරායාසයෙන් ඇදෙන පිරිසක් ඉන්නවා. නමුත් උතුරේ එහෙම නෑනේ.  දැන් අපි හිතමු කොළඹ හෝල් එකක  පෙන්වන සම්භාව්‍ය චිත‍්‍රපටයකයි, එහා පැත්තේ  හෝල් එකේ පෙන්නන රන්ජන් රාමනායකගේ චිත‍්‍රපටයකටයි සහභාගි වන පේ‍්‍රක්ෂක සංඛ්‍යාව දෙකක්නේ. මෙවර චිත‍්‍රපට උළෙලත් වුණේ ඒ දේමයි. මං දකින විදිහට යොමුවේ අඩුවක්වීමට හේතු කිහිපයක් තියෙනවා. එකක් සම්භාව්‍ය චිත‍්‍රපට නැරඹීමට මිනිස්සුන්ගේ තියෙන නැඹුරුතාවයේ අඩුකම,  අනික මේක දකුණේ ව්‍යාපෘතියක් වීම නිසා උතුරේ ඇතැම් පිරිස් ඒක භාරගන්න මැළිකමක් දැක්වීම. ඒත් ඒකට පිළිතුර ලැබෙනවා උතුරේ සිනමාවත් ඒ තුළින් ගොඩනැගීම නිසා. තවත් එක හේතුවක් මේක අපි හොයන්න  ඕන කලාව කියන එක ගැන මිනිස්සුන්ගේ තියෙන වුවමනාවක් නැතිකම. ”

පසුදින අප නල්ලූර් කෝවිල සහ යාපනය බලකොටුවේ සංචාරය කළෙමු. එදින රාත‍්‍රි තැපැල් දුම්රියේ වෙහෙසකර  හෝරා දහයක ගමනින් පසුව පසුදින අලූයම අපි කොටුවට ආවෙමු. ඒ මතු යම් දිනෙක නැවත යාපනේ දමිල සංස්කෘතික ජීවිතය තවදුරටත් අතපත ගෑමේ අභිලාෂයෙනි.

අයන්ත යුනේෂ් ප‍්‍රනාන්දු