මේෂ ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ.  බලා‍පොරොත්තු ඔබ සිතූ තරමට සඵල නොවේ. රැකියා ස්ථානයේ විවිධ දුෂ්කරතා මතුවේ. ආදායම් මාර්ග නොයෙක් ආකාරයෙන් මතුවේ. දුෂ්කර සහිත දුර ගමන් යෙදේ. තම දරුවන්ට අපල සහිත වේ.  අධ්‍යාපන  ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට ශුභ ඵල ළඟා කර ගත හැක. ආගමික කටයුතුවලට බොහෝදුරට සහභාගි විය හැකිය. පපුවේ වේදනාවන් හෝ සිරුරේ ස්ථාන කිහිපයක වේදනාසහගත විය හැකිය.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය
ශුභාශුභ මිශ්‍ර ඵල සහිත වේ. මුදල් ලැබිම අතින් යහපත්  වේ.
බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. දරුවන්ට යහපත් වේ. අධ්‍යාපන කටයුතුවලට ප්‍රමුඛතාවක් ලබාදේ.  බොහෝ ක්‍රියාවන්හිදී පසුගාමීව කටයුතු කරයි. අලංකාරය සඳහා නිකරුණේ මුදල් වියදම් කරයි. තනතුරු නම්බු නාම ලැබිමට හේතුයි.  උෂ්ණ රෝග සාදයි. ‍ලේ විෂවීම් අනතුරු ආදියෙන් ප්‍රවේශම්වන්න.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. පවු‍ලේ අය සමග සහයෝගය අඩුවේ. නොගැලපෙන අය සමග කටයුතු කිරීමෙන් ගැටලු ඇති කරගනී. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් යහමින් ලැබේ. නිෂ්ඵල වියදම් සහිත වේ.  තැන්පත් ධනය වියදම් වේ. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ශුභ ඵල ළඟා කරගත හැකිය. උත්සව අවස්ථාවන් සඳහා  සහභාගි වේ. සෙම් රෝග පීනස් රෝග සඳහා හේතුවේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
මිශ්‍රඵල උදාකරයි. උත්සාහය කැපවීම මත සාර්ථක ප්‍රතිඵල ලබාගතහැකි වේ. රැකියා  ක්ෂේත්‍රයේ  සාර්ථක ප්‍රතිඵල ලැබේ. කටයුතු සඳහා අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. ආදායම් ලැබිම අතින් යහපත් වේ. අනපේක්ෂිත අයුරින් වියදම් උදාවේ. මුදල් වියදම් කිරීමේදී  ප්‍රවේශම් විය යුතුයි. නොඑසේ නම්  ණය වීමට  සිදුවේ.  බොහෝ අවස්ථාවල කලකිරීම් ස්වභාව මතුවේ.  පපුවේ මහන්සි ගති ඇතිවේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
ශුභ හා මිශ්‍ර ඵල සහිත වේ. තම උත්සාහය මත සර්ථක ප්‍රතිඵල වේ. යම් යම් බාධක අවහිරතා මධ්‍යයේ වුවද නොසැලී කටයුතු කරයි. විදේශ සබඳතා ඇතිවේ.  බොහෝ විට  විදේශ ගමන් සඳහා අවස්ථාව ලැබේ. විවිධ ක්ෂේත්‍රයන් මත ආදායම් මාර්ග ලැබේ. ගේ දොර කටයුතු සාර්ථක වේ. බුද්ධිමතුන්ගේ උපදෙස් ලැබේ. හාදයාබාධවලට  හේතුවේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. තම කටයුතු සඳහා අන් අයගේ සහයෝගය ලැබේ. තම කටයුතු බොහොමයක් ඉෂ්ට කරගත හැකිවේ. ව්‍යාපාරිකයින් සඳහා යහපත් කාලයකි.  ගේ දොර කටයුතු පිළිබඳ සොයා බලයි. යුගදිවිය සාර්ථක වේ. විදේශ ගමන් සඳහා ශුභ වේ. සම්මුඛ සාකච්ඡා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉතාම සාර්ථක වේ.  උදරාබාධ සෑදීමට ඉඩ ඇත.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
මිශ්‍රඵල සහිත වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟාවේ. දියුණුවට බාධා අවහිරතා නැතුවාම නොවේ. ආදායම් ලැබේ. වියදම් අධිකවේ. නිවසේ කටයුතුවල සාර්ථක බවක් දැකිය හැකිය. දරුවන් පිළිබඳ  අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතු සඳහා ශුභවේ.  තම ශරීරි සෞඛ්‍ය පිරිහීමට ඉඩ තිබේ. උෂ්ණ රෝග ‍ලේ විෂවීම් ඇතිවිය හැක.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. තම කටයුතු සාර්ථක කරගනී. අන්‍යයන්ගේ සහයෝගය අපේක්ෂා කළ තරමට නොලැබේ. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උදාවේ. ආදායම් ලැබිම අතින් ශුභවේ. වෙළෙඳ ව්‍යාපාර කරන්නන්ට ශුභ කාලයකි. අතපසුවීම්වලට හේතුයි.  යාන වාහන මිලට ගැනීමට ඉඩම් මිලදීගැනීමට ශුභයි. වැටීම් තැලීම් ඇතිවීමට හේතුවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
මිශ්‍රඵල සහිතවේ. වෘත්තීය රැකිරක්ෂා කටයුතුවලදී බාධා අවහිරතා මතුවේ. උසස් නිලධාරීන් හා ගැටලු ඇතිකරයි. මිල මුදල් ලැබිම් අතින් ශුභයි. විදේශගමන් සඳහා ශුභවේ. නව නිර්මාණ  සඳහා උනන්දු වේ. ලිපි ‍ලේඛන තුළින් ජය ලැබේ.  චංචල නිශ්චල දේපළ සඳහා  ආයෝජනයේදී ප්‍රවේශම් වන්න. උෂ්ණ රෝග සාදයි.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. දරුවන්ගේ කටයුතුවලදී දියුණුවක් දක්නට හැකියි. අධ්‍යාපන කටයුතුවල  යෙදෙන්නන්ට යහපත්වේ. ආගමික අංශයන්ට නැඹුරුවක් දක්වයි. සතුරු බලපෑම් ඇතිවිය හැකියි. විනෝද ගමන් විනෝද චාරිකාවල යෙදේ.  තරමක් ආත්මාර්ථකාමී ගති ඇතිකරයි. හදිසි ධන ලාභයකට හිමිය.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
ශුභ අශුභ මිශ්‍ර ඵල සහිතයි. රැකීරක්ෂා කටයුතුවලදී බාධා පැමිණේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. මිල මුදල් ලැබිම අතින් යහපත් වේ. වියදම් අධික වේ. වෙළෙඳ ව්‍යාපාරිකයින්ට යහපත්වේ. පී්‍රති උත්සව සඳහා සහභාගි වේ. ආගමික  කටයුතු සංවිධානය කරයි. ඒවාට තම ඥාතීන්ද සහභාගි කරගනී. ‍ලේ දූෂ්‍ය රෝග හිසේ අමාරු සෑදීමට ඉඩ ඇත.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. කරන කියන කටයුතුවලින් සර්ථක ප්‍රතිඵල ලැබේ. රැකියා කටයුතුවලදී කාර්ය බහුලත්වයක් දැකිය හැකිය. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. මිල මුදල් ලැබිම අතින් යහපත් වේ. නිෂ්ඵල  වියදම් ඇතිවේ. තම හිතවතකුගේ අවශ්‍යතාවකට මුදල් යෙදවීමට සිදුවේ. ඇසුරු කරන්නන්ගේ සහයෝගය ලැබේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ayiranganee