භාණ්ඩ ආනයන ව්‍යාපාරිකයන් බියගන්වා රේගු නිලධාරීන් කප්පම් ගැනීම මෙරට භාණ්ඩ මිල ඉහළයාමට එක් හේතුවක් වී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

ආනයන සීමා කිරීමෙන් පමණක් වෙළෙඳපොළ භාණ්ඩ මිල අඩුකිරීම කළ නොහැකි බවත් එවැනි දුෂිත රේගු නිලධාරීන්ට දඬුවම් කිරීමෙන් යම්තාක් දුරකට හෝ භාණ්ඩ මිල අඩු කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

රේගුවේ කි‍්‍රයාත්මක කප්පම් ගැනීම් හා දුෂණ පිළිබඳ හෙට දිනයේ හෙළිදරව්වක් කිරීමට ද පාරිභෝගික අයිතීන් පිළිබඳ ජාතික ව්‍යාපාරය සූදානමින් සිටියි.