වසර දෙකක් තිස්සේ පැවැති නියඟය නිමාකරමින් ඕස්ටේ‍්‍රලියාවේ ඩබෝ ග‍්‍රාමීය ගොවි ප‍්‍රදේශයට බි‍්‍රතාන්‍ය රජ පවුලේ අමුත්තන් වැසි ගෙන ආ බව පවසමින් ප‍්‍රදේශවාසීන් සතුට පළකරන බව එරට වාර්තා පවසයි.

ඕස්ටේ‍්‍රලියාවේ රාජකීය සංචාරයක නිරත බි‍්‍රතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හා ආදිපාදවරිය වූ මේගන් මාර්කෙල් කුමරිය ඩබෝ ගොවි ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.

එහිදී හැරී කුමරු කෙටි දේශනයක් කරන අතරතුර නියං පැවැති එම ප‍්‍රදේශයේ වැසි පතිත වී තිබේ.

මේගන් කුමරිය ඔහු වෙනුවෙන් කුඩයක් අල්වාගෙන සිටි අතර එම ස්ථානයේ සිටි ප‍්‍රදේශවාසීන් අත්පොළසන් දෙමින් ‘දෙව්ලොව සිට ආ කුමරු හා කුමරිය වැසි ගෙන ආවා’ යැයි පවසමින් හඬමින් සතුට පළකර ඇත.

මෙම රාජකීය සංචාරය වෙනුවෙන් ඩබෝ නගරය සූදානම් කර නොතිබූ අතර එහි තිබුණේ පොදු වෙළඳපොළක තරම් ඝෝෂා හා තදබදයකි.

එහෙත් හැරී හා මේගන් කුමරිය කිසිදු පිළිගැනීමක් අපේක්ෂා නොකරමින් එ් පෙදෙසට ගොස් තිබුණේ නියඟයෙන් මෙන්ම දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ගොවීන් හමුවීමේ අටියෙනි.

නියං නිමා කළ වැසි මෙන්ම හැරීගේ කෙටි කතාව තුළින් සංවේදී මෙන්ම බලාපොරොත්තුවක් ද අසරණ ගොවීන්ට ගෙනඑ්මට හැකිවූ බව එරට වාර්තා පළකළේය.

මෙම ප‍්‍රදේශයට බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු මෙලෙස පැමිණ තිබුණේ වසර 64කට පසු වීම ද විශේෂත්වයකි.

meghan-harry-dubbo-airport-a copy copy 0_Children-from-Dubbo-South-Public-School-wave-signs-while-waiting-for-Britains-Prince-Harry-and-his copy copy harry-meghan-dubbo copy copy meghan-markle-prince-harry copy copy Meghan-and-Harry copy copy