කැනඩාවේ රැුකියා දෙන බව පවසා මුදල් වංචා කළ කෑගල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එ් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසිනි.

අන්තර්ජාලයේ පළකළ දැන්වීමකට අනුව රැකියා නියෝජිත ආයතනයකට අත්තිකාරම් මුදල් වශයෙන් ලක්ෂ 2ක මුදලක් ලබාදී රැුකියාව ලබානොදීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කරන ලදී.

ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා එහි කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

එහි තිබී ලිපිලේඛන රැසක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අදාළ රැකියා නියෝජිත ආයතනය කාර්යාංශයේ බලපත‍්‍රලාභී රැකියා නියෝජිත ආයතනයක් වන අතර කැනඩා රැුකියා ලබාදීම සදහා කාර්යාංශය මගින් පුර්ව අනුමැතියක් ලබාගෙන නොමැත.

ඒ අනුව අදාළ රැුකියා නියෝජිත ආයතනයේ බලපත‍්‍රහිමියාට හා එහි කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයාට එරෙහිව කාර්යාංශය මගින් නඩු පවරා ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලපත‍්‍ර හිමි කාන්තාවට වසරක සිර දඩුවමක් හා රු.50000.00 දඩයක් නියම කර තිබේ.

රැකියා නියෝජිත ආයතනයේ කළමනාකරුට මාස 4ක සිරදඩුවම් හා රු.10000ක දඩයක් නියම කර ඇත.

එසේම පැමිණිලිකරුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 2ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා විත්තිකරුවන්ට නියෝග කර තිබේ.

විත්තිකරුවන් වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 6 බැගින් වු සිර දඩුවම්ද නියම කර ඇත.

කාර්යාංශය මගින් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත‍්‍රයද අවලංගු කර තිබේ.