මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තාවල අද පළවූ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡවට බඳුන් වූ කරුණු ‘සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර’ බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මණ්ඩලයේ ලේකම් එස්.අබේසිංහ මහතා පවසන්නේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය.

මෙරට මාධ්‍ය කිහිපයක් මගින් වාර්තා කර තිබුණේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය තමන් ඝාතනය කිරීමට උත්සහයක් පවතින බවත් එ් පිළිබඳ අගමැති නරේන්ද්‍ර මෝදි නොදන්නා බවට ජනාධිපතිවරයා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී පැවසූ බවය.

එය ඉන්දීය ප‍්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වන ‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කළේ ජනාධිපතිවරයාගේ චෝදනාව ඉන්දු-ලංකා සබඳතාවට හානිකර තත්ත්වයක් ඇති කළ හැකි බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙරට රජය විසින් ඉහත ප‍්‍රකාශය කර ඇති අතර එ් පිළිබඳ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් අද නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

Media Release- 17.10 copy