සතොස ආයතනයේ මුදල් අවභාවිත කරන ලදැයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් නඩු පවරා තිබූ හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නිෙදාස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය.

අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමකින් තොරව මෙලෙස නිදහස් කරනු ලැබුවේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඞ් සාකීර් සතොස හිටපු සභාපති නලින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය.

මෙම සිද්ධියට අදාලව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා 2015 මැයි 05 වැනිදා මුල්වරට අත්අඩංගුවට ගත් අතර ඉන් අනතුරුව එ් මහතා රිමාන්ඞ් භාරයට පත්කෙරිණ.

පසුව මහාධිකරණය විසින් ඔහුට ඇප නියම කර තිබුණි.

ඇප මත සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා 2018 සැප්තැම්බර් 03 වැනිදා යළි රිමාන්ඞ් භාරයට පත්කෙරිණි.
එ් අදාළ නඩුව අවසන් වනතුරු ය.

නමුත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විත්තිකරුවන්ට එල්ල කරන ලද චෝදනා එකිනෙකට පරස්පර වීම හේතුවෙන් සහ එම සාක්ෂි මත පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද තීරණය කළේය.

ඉෂාර රත්නකාර