ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ එළිදැක්වීමේ සමාරම්භක උළෙල අද ප.ව. 5.00ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භවීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ.

විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉංජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු ප‍්‍රථම සහ එකම ඉංජිනේරු සංවිධානයයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම් අනුව පක්ෂයේ අනුසංවිධානයක් ලෙස පොදුජන ඉංජිනේරු පෙරමුණ පිහිටවනු ලැබීය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි සේවයෙහි නියුතු ඉංජිනේරුවන් සහ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි ආචාර්ය, මහාචාර්යවරුන් විශාල පිරිසක් දැනටමත් මෙම පෙරමුණෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇත.

නාවික, ගුවන්, මහාමාර්ග සහ දුම්රිය ගමනාගමනය පිළිබද ලෝකය සහ ශ‍්‍රී ලංකාව තුළ පැවැති සහ පවතින තත්වයන් සාකච්ඡ කරමින් ශ‍්‍රී ලංකාවේ ගමනාගමනය සම්බන්ධයෙන් සිදුවිය යුතු අනාගත වෙනස්කම් පිළිබද පුඵල් ජාතික කථිකාවතක් නිර්මාණ කිරීම ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සිය සමාරම්භක උළෙල තුළින් අපේක්ෂා කරයි.