අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදාවේ ඩිෆෙන්ඩර් රථයක් සාලියවැව ප‍්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් ගුවන් හමුදාවේ සෙබළකු මියගොස් තවත් සෙබළුන් තිදෙනකු තුවාල ලබා තිබේ.

ඊයේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අනුරාධපුර, තලාව පදිංචි 28 හැවිරිදි රුවන් ප‍්‍රදීප් නමැත්තායි.

ඩිෆෙන්ඩර් රථය රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී පෙරළීයාමෙන් අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ ඩිෆෙන්ඩරය පැදවූ රියැදුරු සෙබළායි.

මෘත ශරීර පුත්තලම රෝහලේ තබා ඇත.