සමුගෙන ආපහු එන්නට පාපැදියට නැග ඉදිරියට බලන්නේ වියළුණු උගුර කටිනිග අපට කිසිවක් හිතා ගන්නට නොහැකියග මළගෙදර ඇත්තන් පාරට බැස ඔවුනට පිටුපා යන අප දිහා බලා සිටින්නට ඇති වග මට සිතේග මා පසුපස නොබලා දෙපාවලට පණ දුන්නේ අප කෙරෙහි කිසියම් විදිහක අවදානමක ඡුායාවක් මතුව ඇති වග කල්පනාවට නංවාගෙනයග

අප මළගෙදරට ගියේ කුමාරකන්ද ගෝනාපීනූවල මාර්ගය ඔස්සේ වූවත් දැන් මා පාපැදිය යොමු කරන්නේ හික්කඩුව දිහාවටයග අප දෙන්නා ආරච්චි කන්ද ඉස්පිරිතාලෙ අසලට ළඟාවෙද්දී ම වගේ පසුපසින් ආ කිසිවකු සිය පාපැදිය අපේ බයිසිකලේ හා සමාන්තර ගමනක යෙදෙන්නට වූයෙන්ම සිත සැණෙකින් කුකුසකින් පිරෙන්නට මහ වෙලාවක් ගියේ නැතග ඔහු බයිසිකලේ පදින්නේ හුදකලාවයග ඒත් අප දෙදෙනෙකිග ඔහුට අප පියමං කොට යන්නට  ඕනෑ තරම් හැකියාව ඇතත් හේ අප හා සම සමව සිටිමින් ඉස්සරහට පදියිග

ඔහු අවුරුදු විස්සක විසිපහක තරමේ තරුණයකු බව මම නිනව් කළෙමිග ඔහු පදින පා පැදියේිකෝප්ප කොළ’ නමින් හැඳින්වෙන මල් අතු මිටියක් හරහට බැඳ ඇතග ඒ මල්අතු මිටිය දෙසට මම උකුසු ඇස යොමු කළෙමිග ඒල දියණියත් මාත් අතරේ නොනවත්වා අරඹන ලද කතාව අතරතුරේ දීයග අපේ මාතෘකාව දිවයින පත්තරේ කට්ටිය මළගෙදරට ඒම වැළැක්වීමට කොහෙන් හරි ටැලිෆෝන් පණිවිඩයක් දීමේ ඇති අවශ්‍යතාවයිග

‘‘ඉතින් තාත්තේ කොහෙන්ද දැන් අපි දිවයින ඔෆිස් එකට කතා කරන්නෙගගගග’’ ම දියණිය අප මුහුණ පා සිටින අනතුරුදායක තත්ත්වය ගැන මැනවින් වටහා ගෙන ඇතග

‘‘කොහෙන් හරි කතා කරන්න එපායැග අපි හික්කඩුවට ගිහින් බලමු කෝ පුතේගගගෟ’’
දියණියගේත් මගේත් සංවාදය අප හා සමාන්තරව පාපැදිය පදින තරුණයාට ඇසෙයිග හේ බොහෝ වුවමනාවකින් ඊට කන්දෙන වග මට හොඳටෝම විශ්වාසයග ඔහු අප වෙත බැලූම් නොපා ඉදිරිය බලාගෙන පාපැදිය පදින වගක් අපට අඟවනා සේයග

මා හොරැුහින් ඔහු කෙරේ අවධානය යොමු කරද්දී මා නෙත අදහාගත නොහැකි වියග ඒත් මා ඒ ගැන දුවණියට නොඇඟවූයේ සහ සුද්දෙන්ම  ඕ බියපත් වන වග දත් හෙයිනිග

ඒ තරුණයාගේ පාපැදියේ බැඳ ඇති කෝප්ප කොළ මල් කෝටු මිටිය මැද ටී පනස් හයේ ගිනි අවියක සේයාවක් මගේ ඇසට හසු වියග ඔහු ජවිපෙ ඝාතන කල්ලි සාමාජිකයෙක් ද? මසිත මගෙන් විමසයිග සමහර විට මහින්දපාලගේ ඝාතකයා ඔහු විය හැකිය යන සැකයක් මට ඇති වේග තමන් පදින බයිසිකලේ ටී පනස් හයක් ඇති වග වහන් කරන්නට මොහු මේ මල් කෝටු මිටිය උපයෝගි කරගෙන ඇති බව මට අමුතුවෙන් හිතන්නට මතන්නට ඇවැසි නොවීයග

ඉන්ද්‍රානිගේ සොවුරාගේ මළගෙදරට පවුලේ උදවිය හැර බාහිර පුද්ගලයන් සහභාගි කර නොගත යුතු බවට පනවා ඇති දේශපේ‍්‍රමීන්ගේ නීතියල මා හා දියණිය උල්ලංඝනය කර ඇති වග ඔවුන් තීරණය කර ඇද්ද? උන්ගේ නීතියට පිටුපාන්නන් කවුරුන් වුව ඒ උදවියට ද සිදුවන්නේ මරණයෙන් වන්දි ගෙවන්නටයග උන්ගේ කැලෑ නීතියට පිටුපාන ලද මටත් මගේ අහිංසක ලොකු කෙලීටත් මරණ වරෙන්තුව අප දෙන්නා විසින් ලියාගෙන තිබේද? මේ ආදී ප‍්‍රශ්න ගණනාවක් ම සිතට නැෙඟන්නේ එකක් දියවීමට කලින් තවත් එවැනි ම සිතිවිල්ලක් මනසට රිංගමිනිග
කොහොම වුණත් අප දෙන්නා දැන් මරණයේ දොරටුව අබියසය යන්න සිත කියයිග අප ඊට මුහුණ දිය යුත්තේයග ඉතින්ගගගගග ඉතින්ගගගගග

නොහඳුනන පාපැදිකරු අබිබවා යෑමේ වුවමනාවක් මට නැතග ඇත්තේ ඔහුගේ ගිනිකඳින් මා ළය සිදුරු වෙද්දී මගේ අහිංසක දරුවාට අනතුරක් නොවේවා යන පැතුම විතරයග

හේ අප හා සම සමව ඉදිරිය බලා යන්නේ කිසියම් අනතුරක සංඥා අප ඉදිරියේ තබ තබා ද?
කිලෝමීටර එකහමාරක දෙකක තරම් දුරක් ඔහුත් අපත් පාපැදි තරගයේ යෙදුණු බව මතකයග දැන් නලාගස්දෙණිය හන්දියට බෝ කිට්ටුයග හිටිවනම ඔහුගේ දෙපා වේගවත් වන අයුරු පෙනුණිග දැන් ඔහු අපට වඩා මීටර් හය හතක් ඉදිරියෙනිග ඔය අතරේ පාරේ අනිත් පස හුන් තරුණයකු දැක ඔහු අතක් වැනීයග ඒ තරුණයා ද ඔහුගේම වයසේ පසුවන්නකු යයි මම නිනව් කළෙමිග ඔහු කිසිවක් නොහඳුනන පාපැදිකරුට කුමක් හෝ කීයෙන් හේ අප දෙස සැකමුසු බැල්මක් පා වේගය අඩාළ කළේයග

මා කිසිදු වෙනසක් නොදක්වමින් මේ දක්වා පාපැදිය පැද්ද වේගය ඒ ලෙසම රඳවා ගතිමිග නොහඳුනන පාපැදිකරු නොපෙනෙන තරම් දුරකට ආ පසු දියණිය ඇමතුවෙමිග
‘‘පුතේ ඔයා මොකක්ද හිතන්නෙ අර බයිසිකල්කාරයා ගැන?’’

‘‘තාත්තා දැක්ක ද?’’
‘‘මොකක් ද?’’
‘‘තුවක්කුවක්ගගග’’
‘‘තුවක්කුවක්ගගග?’’
‘‘ඔව් අර මල් ඉති අස්සෙ තිබුණා නෙ තුවක්කුවක්ගගග’’
‘‘මං දැක්කා පුතේගගගී’

‘‘ඒක තමාගගග ඒ හාදයා ආයෙ දෙකක් නෑ තාත්තයි මමයි පස්සෙන් තමා පැන්නුවෙගගග අපි කවුරුන් දගගග මළ ගෙදරට ආවේ මොන සම්බන්ධයකටද? ඇයි මතකයි නේ ඉන්ද්‍රානි නැන්දලගෙ ගෙදර කට්ටිය කියපු දේවල්ග ඉතින් ෂුවර් එකටම ඒ ආපු හාදයා අපේ තොරතුරු හොයන්න ආපු එකෙක්’’

මට ලොකු දුව ගැන ඇති වුණේ අසීමිත ආදරයකිග ආඩම්බරයකිග ඇය අප මුහුණ පා ඇති අවදානම හොඳින් වටහා ගෙන ඇතග මා වෙනත් කිසිවක් විමසන්නට හෝ කියන්නට හෝ සිතුවේ නැතග අවදානමක් අභියෝගයක් හමුවේ කෙසේ මුහුණ දිය යුතු ද යන්න ගැන දියණියන්ට හොඳ අවබෝධයක් ඇති සේයග ඇගේ එඩිතරකම ගැනල කවර අවදානමක් වුව ඊට නොබියව මුහණ දීමට ඇයට ඇති හැකියාව ගැනම සිත උපන්නේ ලොකු ආඩම්බරයකිග

හික්කඩුව මංසන්දියෙන් ගාලූ පාරට හැරවූ පාපැදිය ඊළඟට මා නතර කළේ වෑවල හන්දියේ මා හිතවතකුගේ සංචාරක හෝටලයක් ඉදිරියේයග ඒ සංචාරක හෝටලයේ හිමිකරු ජර්මන් ජාතිකයෙකිග ඔහුගේ බිරිය මීගමුව පැත්තේ කාන්තාවකිග

මමත් දියණියත් දුටු සැණින් ඉදිරියට ආ ජර්මන් ජාතික මිතුරාටත් ඔහුගේ බිරියටත් අප දෙන්නා මුහුණ දුන් බියකරු සිද්ධිය විස්තර කොට ඊළඟට ඔවුන්ගේ දුරකථනයෙන් ඇමතුමක් ගන්නට අවසර පැතීමිග ඒ යුවළ මා කළ විස්තරය අසා හුන්නේ අයාගත් මුවෙනිග

‘‘ඉන්ද්‍රානිගෙ අයියගෙ අවසන් කටයුතු අද දවල් දොළහට කරලාගගගග මං එහේ යන කොටත් මරණෙ වැඩ කරල ඉවරයිගගගග’’
ප‍්‍රවෘත්ති කර්තෘ උපාලි තෙන්නකෝන් සහෘදයාට මම කීවෙමිග
‘‘ආ එහෙම ද? ඉතින්ගගගගග’’

‘‘ඉතින් තමා යැයි කී මම මාත් මගේ දුවණියත් මුහුණ පෑ සිද්ධිය උපාලිට කීවේි‘ඉන්ද්‍රානිලගෙ ගෙදරට ගියේ අපි දෙන්න විතරයිගගගග කොහොම හරි අනූනවයෙන් බේරිලා ආවාගගග’’

දියණිය නංවා ගත් පාපැදිය මා තවත් හැතැප්ම පහක් පමණ පැද්දේ හිතේ පිරී ඇති නේකාකාර සිතුවිලි ගොන්නක් පුරෝ ගෙනයග ගෙදර එන විට හවස තුනට විතරයග ගෙදර ආ වහා මගේ දුව ගෙදර ඇත්තන්ට අප මුහුණ දුන් අත්දැකීම පවසද්දී ඇගේ වුවනේ වූයේ කෙබඳු සටහන්දැයි බලන්නටම සිත එපාය කීවේ මා නිසා ඒ දරුවා ද ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් වූ බරපතළ අනතුරකට ඈ ඇද දැමුවේය යන දුකක් වේදනාවක් වැඩෙන්නට වීම එක්කයග

සුගතපාල මැන්දිස්