මේ වන විට වත්මන් සමාජය තුළ බුදුදහම පිළිබඳ යම් දාර්ශනික කරුණු කාරණාවන් කතා කිරීමට පටන් ගෙන ඇත. විශේෂයෙන් තරුණ හා මැදි වයස්වල සිටින පිරිස්, බුදුදහම ගැන සොයන්නට පටන් ගෙන ඇත. මා මෙසේ පවසන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් වන හදමඑමඉැ හි, සිරි සදහම් ආශ‍්‍රමය නිල පිටුවෙන් පළ කළ වීඩියෝවක්, නැගී එන සෙවීම් (එරුබාසබට* වලින් දෙවැනි තැනට පත්ව තිබුණි. මෙතෙක් එම නැගී එන සෙවීම් (එරුබාසබට* තුළ මුල්තැන හිමිව තිබුණේ අඩ නිරුවත් රූ දසුන් ඇති රූප රචනයන් සහ විනෝදාත්මක වීඩියෝවන් සඳහා පමණි. ඒවාද මිනිත්තු දහයකට වඩා අඩු කාලයන් සහිත ඒවාය. ඉතිහාසයේ මුල්මවරට පැය 24 ක් ඇතුළත, පැයක කාල වේලාවක් සහිත වීඩියෝවක් නැගී එන සෙවීම් (එරුබාසබට* වලට අයත් වූ අවස්ථාව මෙයයි.

වයසක උපාසක උපාසිකාවන්ට අයත්ව තිබූ රජදහනක් වූ බුදුදහම තුළ තාරුණ්‍යය හොල්මන් කරන්නට පටන් ගෙන අවසානය. සමාජය තුළ සද්ධර්ම කෝලාහලයක් හෙවත් ධර්ම යුද්ධයක් ඇති වන්නට පටන් ගෙන තිබේ. මෙසේ තාරුණ්‍යය බුදුදහම දෙසට යම් දාර්ශනික ප‍්‍රබෝධයකින් යුතුව පිවිසෙන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගෙන් බෞද්ධ දර්ශනයට, බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ ත‍්‍රිපිටකයට සිදුව ඇති හානිය පිළිබඳව අප විසින් සිදු කරන ලද අනාවරණයන් සමගය. මෙම ධර්ම යුද්ධය උදෙසා මුද්‍රිත මාධ්‍යයේ වගකීම වන්නේ තාර්කික, සහේතුක කරුණු කරණා ත‍්‍රිපිටක බුද්ධ වචනය තුළින් හා ප‍්‍රඥා ගෝචර සාකච්ඡුා ඔස්සේ සුවහසක් මධ්‍යස්ථ පාඨක ජනයා වෙත ඉදිරිපත් කිරීමයි.

වර්තමානයේ ඉතා ගරු සරින් යුතුව ශාස්ත‍්‍රීය විද්වතෙකු ලෙස සමාජයේ බොහෝදෙනා පිළිගන්නා අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් මෙලෙස ප‍්‍රඥා ගෝචර සාකච්ඡුා ඔස්සේ සුවහසක් මධ්‍යස්ථ පාඨක ජනයා කුළු ගැන්වීමට 1930 වර්ෂයේදී උත්සහ දරා ඇත. ඒ සම්ප‍්‍රදායික ගිහි පැවිදි උගතුන් ඉතා ශ‍්‍රද්ධාවෙන් බුද්ධ භාෂිතයක් මෙන් පිළිගන්නා අටුවා කතාවල පරස්පර තැන් පෙන්වා දෙමින්ය. විවේචනයන් ඔස්සේ පසුබසින උන්වහන්සේ දෙවන වර යම් තරමකින් සාර්ථක විය. ඒ කවදත් විවේචනයට කැමති කුමාරතුංග මුනිදාස ශූරීන්ට පින් සිදුවන්නටය. කරුණු කාරණා එසේ වුවත් එය, එකල ප‍්‍රබල බෞද්ධ මතයක් නොවීය. යම් දෙදරීමක් සාසනය තුළ සිදු විය. එම ලිපි නැවැත්වීමේ කූට උපක‍්‍රමයන් අභිබවා එදා බුද්ධදත්ත හිමියන් සාර්ථක වූවා නම්, අද ඤාණානන්ද හිමි වැන්නවුන් බිහිවන්නේ නැත.

මෙම ලිපිය මගින් මම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් බෞද්ධ දර්ශනයට, බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ ත‍්‍රිපිටකයට සිදු කළ ඇති මහා විනාශය පිළිබඳවයි. මෙම මහා විනාශයට එරෙහිව සියලූම උගතුන්, විද්වතුන් හා සමාජයේ ප‍්‍රබුද්ධ පිරිස් කතා කළ යුතු කාලය එළැඹ ඇත. අප එහි මූලික අඩිතාලම සකසා ඇත.

ග‍්‍රාමවාසී පන්සල බැහැර කරමින්, නැති සිල් මවා පාමින් බුදුන්වහන්සේ දෙසූ සැබෑ ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම අරමුණ කර ගනිමින් යැයි පටන්ගත් කිරිබත්ගොඩ සමූහ ව්‍යාපාරය, වසර කිහිපයක් ගතවන විටම සිය දැක්ම (ඩසිසදබ* වෙනස් කර ගන්නා ලදී. ඒ සද්ධර්ම අවබෝධය, සිදු කිරීමට නොහැක යනුවෙන් පවසා, එය වෙනුවට මරණින් මතු දිව්‍ය ලෝකවලට ස්ථිරව ගමන් කිරීමට හැකි බව පැවසීමයි. මුල් අවධියේ වන්දනා පුද පූජා ආදිය එතරම් සැලකිල්ලකට නොගත් මෙම ව්‍යාපාරය,”පින් මතුවන වන්දනා” යනුවෙන් පොතක් දක්වාම වර්ධනය කොට ඉන් නොනැවතී කතෝලික දේව ගීතිකා වැනි ඉංග‍්‍රීසි පිරිත් හා හින්දි භජන් දක්වාම සංවර්ධනය කර ඇත. මීට අමතරව චෛත්‍යය වටා පලතුරු හා පැන් භාජන දහස් ගණනින් ගොඩ ගසා පූජා කිරීම වැනි ශාසනික ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අයුරින් ජනයා අමූලික ශ‍්‍රද්ධාවෙන් අන්ධ කොට තම සිතැඟි ඉටු කර ගන්නා ලදී. බුදුදහමට මෙවැනි විකාර අවශ්‍ය නැත. බුදු දහම හුදු ඇදහිල්ලක් නොව, වන්දනාවක්ද නොවේ. මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ (දී:නි:ම.ව* පිරිනිවන් පෑමට ආසන්නව සිටින ගෞතම බුදුන්වහන්සේ බැලීමට එන පිරිස් විවිධ මල් වර්ග රැුගෙන විත් උන්වහන්සේට පූජා කරන ලදී. එය දුටු අන`ද තෙරුන් එය ඉතා අගය කොට බුදුන්වහන්සේ වෙත පවසද්දී බුදුරදුන් කියා සිටියේ ආනන්ද, මල් පූජා කිරීම් මා අගය කොට සලකන්නේ නැත. මා අගය කොට සලකන්නේ මා දෙසූ නිවන් මග වැඞීමයි එනම් සිත සදා ගැනීමයි. (දී:නි:2* බුදුදහම යනු මිනිසුන්ගේ දුක නිවන ප‍්‍රායෝගික දහමකි. මෙම සූත‍්‍ර  ධර්මයන් ඤාණානන්ද ත‍්‍රිපිටකයේ නොමැතිද? නැතහොත් එය දැන දැනම තම ව්‍යාපාරය සිදු කරගෙන යනවාද?

අනෙක් කරුණ නම් අපට උරුම වූ සාම්ප‍්‍රදායික ථෙරවාද පිරිත් සහ වන්දනා ක‍්‍රමයන් ඇත. තායිලන්තය, බුරුමය, ලා ඕසය, කාම්බෝජියාව, වියට්නාමය වැනි රටවල ඇත්තේද මෙම සම්ප‍්‍රදායයි. එබැවින් මෙම රටවල භික්ෂූන් කොහේ කොතැනක හමු වූවත් එකට එක්ව වන්දනාමාන සිදු කළ හැක. අසපු තුළ සිදුවන වන්දනා විධි කිරීමට වෙනම ඉගෙන ගත යුතුය. ඊට අමතරව ව්‍යාපාරික අදහස් මුදුන් පමුණුවා ගැනීමට එම පූජා විධිවලට නව අලූත් අලූත් ක‍්‍රමයන් ඇතුළත් නොකළ යුතුය. මිනිසුන්ට අලූතෙන් හඳුන්වා දිය යුත්තේ තමන් නිවන් මග වඩා එම නිවන් මගෙහි ප‍්‍රායෝගික අත්දැකීම් තුළින් හිත හදා ගන්නා ආකාරයන්ය. නිර්වාන මාර්ගයට ප‍්‍රවිෂ්ට වන ආකාරයන්ය. එසේ නොමැතිව ඤාණානන්ද හිමිගේ කුඩා කල මනසට කාවැදුණු පල්ලියේ ගීතිකා නොවේ.

තතිය අනාගත භය සූත‍්‍රයේ (අං:නි:අ.භ.ව.* බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව ඤාණානන්ද හිමි වැනි සසුන විනාශ කරන ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයන් පහළ වන බව දේශනා කොට වදාරා ඇත. එම සූත‍්‍ර දේශනාවට අනුව බුදුන්වහන්සේ පෙන්වා දෙන්නේ කවියෙන් ගෙතු කවීන් සතු විසිතුරු අකුරු ව්‍යාංජනයෙන් සැකසූ සූත‍්‍ර දේශනා අනාගතයේදී පහළ වේ. ඒවා දැන ගන්න, ඉගෙන ගන්න, සිත යොදවන්න, ප‍්‍රගුණ කරන්න යනුවෙන් ඔවුන් පවසයි. මෙවැනි දෑ සිදුවන බව දැන දුරු කිරීමට වෑයම් කරන ලෙසද උන්වහන්සේ දේශනා කොට ඇත. සූත‍්‍ර දේශනාව අවසානයේ එවැනි පිරිසගේ මෝඩ ශ‍්‍රාවකයින්, අන්තවාදීව දෘෂ්ටිගත වන බවත්, නිර්වාණ අවබෝධයට, වීර්ය නොකරන බවත් බුදු රජාණන්වහන්සේ දේශනා කොට ඇත. අද ඇස් පනාපිටම මේ දේවල් සත්‍ය වී අවසානය.

කිරිබත්ගොඩ සමූහ ව්‍යාපාරය හා සම්බන්ධ වන සේවාදායකයන් කිරිබත්ගොඩ පොත් පමණක් කියවයි, අසපුවලට පමණක් ගමන් කරයි. අද මේ කිරිබත්ගොඩ ව්‍යාපාරය විසින් මනාව සිදු කරන්නේ එදා ගෞතම බුදුන්වහන්සේ වදාළ දෙය නොවේද? කවි තාලයට කියා බුදුන් කෙරෙහි සිත පහදවා ගන්න යනුවෙන් පවසා කිරිබත්ගොඩ ඤාණානන්ද භික්ෂුව, මෝඩ මිනිසුන් අල්ලා ගෙන සිය මඩිය තර කර ගනිති.

තවද එම සූත‍්‍රයේ කිරිබත්ගොඩ පැටිකිරිය එලෙසම බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත.  සිත නොවැඩූ භික්ෂුව අභිධර්ම කතා අකුසල ධර්මයන්හි ඇලී අවබෝධ නොකරති යනුවෙන් බුදුරදුන් දේශනා කොට ඇත. කිරිබත්ගොඩ සමූහ ව්‍යාපාරය පටන් ගත්තේද අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ එනිසා බැහැර කළ යුතුයි යන ස්ථාවර මතයක සිටය. එලෙසම ඉවත් කළ ජාතක පොත්වහන්සේ මේ වන විට නැවත මහමෙවුනා බෝධි ඥාණ ව්‍යවස්ථාවට එකතු වෙමින් පවතී. ඒ මේ සිදු කරන ධර්ම විකෘතිය හා ශාසනික පරිහානිය ගැන කරුණු පැහැදිලි කිරීමට ප‍්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි පැවසු කල, එසේ පැමිණීමට ඇති නොහැකියාව වසා ගැනීමට ජාතක පොතෙන් උදාහරණ සපයා තිබීමත් සමගය.

එම සූත‍්‍රයේ ඇති අනාගත බියක් ලෙස දක්වා ඇති අනෙක් කරුණ වන්නේ ගැඹුරු අර්ථ ඇති ලෝකෝත්තර ශුන්‍යතා ප‍්‍රතිසංයුක්ත ධර්මය බැහැර කරන කාරණාවයි. එම ශුන්‍යතා ප‍්‍රතිසංයුක්ත ධර්මය දිගින් දිගටම එය ප‍්‍රතිපක්ෂ කොට නොමැති නිසාවෙන් දේශනා නොකළ ඤාණානන්ද, සිංහාවලෝකනය නමින් සිංහයන්ට ද අපහාස වන අයුරින් නමක් සදා ගෙන සිදු කරන රූපවාහිනී වැඩසටහන අතරතුර, ශුන්‍යතා ප‍්‍රතිසංයුක්ත ධර්මය පිළිබඳව බුදුන්වහන්සේගෙන් පසුව වැඩිපුර කතාබහට ලක් කළ නාගර්ජුනපාදයන්ව විවේචනය කරමින් නැවත වරක් තතිය අනාගත භය සූත‍්‍රය සත්‍ය බව ලොවට හෙළි කළේය. ශුන්‍යතාව යන වචනයේ තේරුමවත් හරි හැටි නොදන්නා බව එම වැඩසටහනින් මුළු ලොවටම පෙන්වා දුන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි, ශුන්‍යතාව යනු හිස් බව යැයි පැවසීය. නාගර්ජුනපාදයන් විසින් රචිත මූල මධ්‍යමකාරිකය අතින්වත් අල්ලා නැති බව මෙයින් අපට පෙනී යන කරුණකි. තවද කෙනකුගේ යම් මතයක්, අදහසක් විවේචනය කළ යුතු වන්නේ ඒ පිළිබඳව මනා හැදෑරීමකින් අනතුරුවය. මේ භික්ෂුව ඒ කිසිවක් නොසොයා, විශේෂයෙන් ලෝකයේ බොහෝ විද්වතුන් දෙවැනි බුදුන් ලෙස සලකන නාගර්ජුනපාදයන්ගේ ශුන්‍යතාවාදය ගැන අදහස් දැක්වීම පූර්ව ළමාවිය සංවර්ධනය නොවූ, අඩුපාඩුවකුත් ඇති බව පෙන්වීමකි. එක අතකින් මෙයට පුදුම විය යුතු නැත.

මන්දයත් 2008 දී රුවන්වැලි මහා සෑය ඉදිරිපිට 2012 වසරේදී ලෝක විනාසය සිදුව කෝටි ගණන් මිනිසුන් මිය යන බව, කෝටි දෙකක ලක්වැසියන්ට, තුන් කෝටියක තරමේ බොරු කියූ  ඤාණානන්ද හිමි ගැන අප දහස් කෝටියකින් අනුකම්පාව ඇති කර ගත යුතුය.

එම වැඩසටහනේම කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කියා සිටියේ මතු බුදු වීම පළක් නොමැති මිසදිටු මහායානික අදහසක් බවයි. අද උන්වහන්සේට සිංහල කලාකරුවාගේ බුද්ධ ප‍්‍රතිමාව අමු අමුවේ විනාශ කොට, නාරි ලාලිත්‍යය වෑහෙන බුද්ධ ප‍්‍රතිමාවලට කෙළවරක් නොමැතිව මල් පූජා කරමින්, තාලයට භජන් ගායනා කරන්නේ වෙන අන් දෙයක් නිසාවෙන් නොව සුමේධ තාපසයන්ට පින් සිදු වන්නටය. තවත් සරලවම කියතොත් ඔහුගේ මුළු මහමෙවුනා සමූහ ව්‍යාපාරයම ඇත්තේ ගෞතම බුදුන්වහන්සේට පින්සිදු වන්නටය. ඤාණානන්ද හිමි සාර්ථක ව්‍යාපාරිකයකු වූයේ සුමේධ තවුසා දීපංකර බුදුන්වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලබා, ගෞතම නමින් මෙකල බුදු වූ නිසාවෙනි.

ප‍්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට වෙර වීරිය වඩන්නට බෞද්ධයාට හැකිය. එය මේ ආත්ම භවයේම අරහත් බෝධියෙන් අවසන් කරන්නට ද හැකිය. එහෙත් සියලූ ලෝ සතුනට මහත් වූ අනුකම්පාවෙන් යුතුව බුද්ධත්වය ලබන්නට සිතීම පවා අගය කළ යුතු දෙයකි. එවැනි අදහස් වැදුම් ගෙහිම නැසීමට සුදානම් වනවා යනු කෙතරම් සාසනික පරිහානියක්, මේ කිරිබත්ගොඩ හිමි සිදු කොට ඇද්ද? අනික බුදු බව පැතීම මහායානික වන්නේ කෙසේද? එසේ නම් අපේ ථෙරවාද ත‍්‍රිපිටකයෙන් බුද්ධ වංශපාලිය ඉවත් කළ යුතුය.

අනික  ඕනෑම උපාසක අම්මා කෙනකුගෙන් ඇහුවොත් මහායානය කියන්නේ මොකද්ද කියලා, ඒ අම්මා දෙන පිළිතුර තමයි බුදු බවින් පමණක් සසර අවසන් වන බව පිළිගන්නා, බුදු බව පතන පිරිසක් අදහන බුද්ධාගම මහායානය බවයි… ඒ ලංකාවේ උපාසක අම්මා කෙනකුගේ සමයාන්තර නිකායන් ගැන ඇති දැනුමේ ප‍්‍රමාණය වේ. ඤාණානන්ද හිමි කරන ප‍්‍රකාශයන් මීටත් වඩා පහත්ය, මෝඩය, දීනය, මිථ්‍යා දෘෂ්ටිකය. මෙයිනුත් පෙනී යන්නේ කලින් ස`දහන් කළ පරිදි කතෝලික පරිසරයක හැදුණු වැඩුණු ඔහු යන්තමින් බෞද්ධ පොත්පත් කිහිපයක් රාත‍්‍රියේදී කියවා පසු දා අලූයම සිහිනෙන් නැගිට, දේශනා කරන ලද හා රචිත ඔහුගේම මනෝ විකාරයන්ට අමතරව සමයාන්තර ඥාණයක් ඔහුට නොමැත. එය ඉතා පැහැදිලිවම ඔහු හො`දින් දනී. එය දන්නා නිසාවෙන් ඔහුගේ කිසිදු ශිෂ්‍යයකුට සමයාන්තර ඥාණයක් වර්ධනය කරගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදේ. එම ගෝලබාලයන් මහායාන තියා, ථෙරවාද දහමද හරි හැටි නොදනී. මන්දයත් ඔවුනට ථෙරවාදී මහා උගතුන්ගේ පොත්පත් පරිශීලනයට අවස්ථාවක් නොමැත. ඔවුන් දන්නේ ඤාණානන්ද හිමිගේ මනෝ විකාර පමණි. ඒ නිසා ඔවුන් ඇවිදින්නේද කතා කරන්නේද දේශනා පවත්වන්නේද ඤාණානන්ද හිමි මෙනි.

මෙම සාසනික හානිය ගැන තවදුරටත් ස`දහන් කළ හොත්, බුද්ධ වචනයේ ස`දහන් පරිදි වීමංසක සූත‍්‍රයේ (ම:නි:චූ.ය.වග්ගයේ* බුදුන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේ බුද්ධත්වය පරික්ෂා කොට පිළිගතයුතු බවය. බුදුන්වහන්සේගේ විමසීමේ සිතීමේ නිදහස එසේ තිබියදී මෝඩ ඤාණානන්ද හිමි තම ශිෂ්‍යයන්ට තමා පරීක්ෂා කරනවා තියා, වෙන කතුවරයකුගේ පොතක්වත් කියවීමට ඉඩ ලබා නොදෙති. මෙය පුදුම බුදුදහමකි. මෙසේ අසපු තුළින් නිර්මාණය වන්නේ බුද්ධ පුත‍්‍රයන් නොව අඩ නාරි ලක්ෂණ ඇති මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියෙකුට වඩා අන්ත වික්ෂිප්ත මනසක් ඇති ඔල්මාද මිනිසුන්ය.

ඤාණානන්ද හිමි මහා උජාරුවට පුරසාරම් දොඩවන්නේ තමන් සතු අසපු ගණනත්, ඔළුව හිස් භක්තිවන්තිකයන් ගණනත්, රූපවාහිනී නාළිකාවත් පෙන්වමින්ය. අප අසන පැනයන්ට දිගින් දිගටම පිළිතුරු නොදී මග හරිමින් තම ලොකුකම් කියා පෑම හුදෙක් තම අසරණ භාවය කියාපාන්නකි. තමාගේ ඇති වත්කම්වල ගිලාබසිමින් ඒවාම සූප්පු කරමින් නිවන් මග හා සද්ධර්මය නිර්දය ලෙස බැහැර කරමින් වත්කම් ටික ලොකුකම් යොදා පෙන්වමින් ජීවත් වන මෙවැනි පුද්ගලයන් සද්ධර්මය දන්නා උතුමන් විසින් ඉදිරියට ඇවිත් වාද කොට පරාජය කළ යුතු වන්නේ බොහෝදෙනාගේ පර හිත සුව පිණිසය. මක්නිසාද යත් බුදුන් වහන්සේ ධම්ම දායාද සූත‍්‍රයේ දේශනා කොට ඇත්තේ ”ආමිසය දායාද නොකරව්! මහණෙනි ධර්මය දායාද කරව්!” (ම:නි:මූ.ප.* එකී බුද්ධ වචනය ඉතා වංචනික සිතින් විනාශ කරන උන්වහන්සේ නාළිකාව ධර්ම දායාදය ලෙස පෙන්වයි.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ නම් බුදුදහම වසර 2550ක් පමණ සිට මහා සංඝරත්නය දිවි දෙවැනි කොට රැුකගෙන ආ ත‍්‍රිපිටක බුද්ධ වචනය විනාශ කිරීමට ඉඩ දිය යුතුද යන්න පිළිබඳවයි… මන්දයත් හොර තක්කඩි සහ මුනිවරු යන සියල්ලන්ම පවසන්නා වූ දෙයෙහි, පරම සත්‍ය කුමක්ද යන්න වගට සාක්ෂි සපයන්නේ මෙම ත‍්‍රිපිටකයයි.

එබැවින් තක්කඩි සහ මුණිවරු හඳුනා ගැනීමට පිරිසිඳු බුද්ධ වචනය අත්‍යවශ්‍යය. බුදු කෙනකු යනු අසහාය, අසමසම පෞරුෂයකි. ඒ මහා පෞරුෂය අමු අමුවේ නාරි ලලිත්‍යයේ ඤාණානන්ද හිමි දිය කොට ඇත. ප‍්‍රත්‍යයෙන් අවසන් වන පාලි වචනවලින් අදහස් වන්නේ ආඥා දායකත්වයයි. උදාහරණ ලෙස ”ආරභථ නික්ඛමථ යුඤ්ජථ සම්බුද්ධ සාසනේ” යනුවෙන් අප කවුරුත් හො`දින් දන්නා පාලියෙන් සඳහන් ගාථා පාඨ කොටසේ තේරුම වන්නේ සම්බුද්ධ සාසනය තුළ අරඹව්! නික්මෙව්! යෙදෙව්! යන්නයි. නමුත් මහමෙවුනා ත‍්‍රිපිටකය තුළ මෙය ඇත්තේ මෙසේය. ”වීර්ය පටන් ගන්න, කෙලෙස්වලින් නික්මිලා යන්න, බුදු සසුනේ යෙදී වාසය කරන්න යනුවෙනි.” බුද්ධ ජයන්ති ත‍්‍රිපිටකය තුළ මෙම පාඨයන් ඉහත සඳහන් ලෙස නිසි පරිදි ඇත. එයට හේතුව වන්නේ විද්වත් සංඝ සභාවක් විසින් මෙම පරිවර්තනයන් කිරීමයි. කණ්ඩායමක් ලෙස පරිවර්තන කටයුතු කිරීමේදී ස්වකීය පුද්ගල අදහස් ත‍්‍රිපිටක පරිවර්තනයන් ලෙස ඉස්මතු වන්නේ නැත. අනිත් කාරණය නම් පාලි පාඨයන්හි අදහස ඉතා ඉහළ නිවැරදි භාවයකින් සිංහලයට පරිවර්තනය කළ හැකි වීමයි. බුද්ධ ජයන්ති ත‍්‍රිපිටකය මෙසේ පොහොසත්ව තිබියදී පවා එහි පාලි පාඨයන් ඇතුළත් කොට ඇත. එසේ එහින් සිංහල අදහස කියවා එය හරියටම නිවැරදි නොවේ යැයි හැෙ`ගන  ඕනෑම අයකුට පාලි පාඨයන් හා සංසන්දනය කොට බැලිය හැක.

මේ එක් සරල අප හොඳින් දන්නා ගාථා පාඨයක ත‍්‍රිපිටක විකෘති කිරීමක් පමණි. මෙවැනි විකෘතීන් ගණනාවක්ම මේ මහමෙවුනා විකාර ත‍්‍රිපිටකය තුළ ඇත. උදාහරණ ලෙස සරලව ඉතා කෙටියෙන් දැක්වුවහොත්, ඩිංගිත්තක් පඨවි ධාතුව/අනේ ගෞතමයන් වහන්ස/පින්වත් මහණෙනි යනුවෙන් ආමන්ත‍්‍රණය යන ආදී බුද්ධ ජයන්ති ත‍්‍රිපිටකයේ නොමැති පරිවර්තනයන් මෙහි දක්නට ඇත. තව අභිධර්මය යන වචන යෙදෙන තැන්හි සිංහල පරිවර්තනයන් තුළ එම අභිධර්ම වචනය දැකිය නොහැක.

ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ සාසන ලැදි විද්වත් ගිහි පිරිස් මේ සඳහා විශේෂ අවධානය යොමු කොට පියවර ගත යුතුය. මේ සඳහා අප ඉදිරි පියවරක් ලෙස මෙම විකෘති තැන් සියල්ල නිබන්ධනයක් ලෙස සකස් කොට මල්වතු මහනායක මාහිමිපාණන් වහන්සේට භාරදීමට දැනටමත් කටයුතු සුදානම් කොට හමාරය.  ඕනෑම අයකුට අදහස් දැක්විය හැක. අට්ඨ කතා රචනා කළ හැක. මතවාදයන් ඉදිරිපත් කළ හැක. එහෙත් පිරිසිදු බුද්ධ වචනය ඇතුළත් ත‍්‍රිපිටකය වෙනස් කිරීමට හෝ නව අර්ථ එකතු කරමින් අදහස් වෙනස් කිරීම්, පරිවර්තන වැරදියට සිදු කරන්නට ඉඩ දිය නොහැක.

කාලයෙන් කාලයට ඉදිරිපත් වන චරිත වත්කම් පෙන්වති. තනා ඇති අසපු ප‍්‍රමාණය, එකතු කර ගත් භක්තිකයන් ගණන, රූපවාහිනී නාළිකාවන් වැනි නොයෙකුත් වත්කම් පෙන්වමින්, සම්බුද්ධ සාසනය මුළා කිරීමට තැත් කිරීම, සම්බුද්ධ වචනය තේරුම් ගත් මිනිසුන් විසින් නිර්දය ලෙස විවේචනය කොට, හිස ලූ කෙළ තැම්බක් සේ ප‍්‍රතික්ෂේප කොට, එහි සැබෑ අරුත් මතු කොට, ලෝක ශාසනය කෙරෙහි සැබෑ පරාර්ථ චර්යාවෙන් මෙසේ ලියා දන්වමි.

සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

SHARE

4 COMMENTS

  1. මේ දෙදෙනාම හාමුදුරුවන් වශයෙන් කරන්නේ බුදුහාමුදුරුවන් ඔවුන්ට දේශනා කළ දේ නොවේ. එක එක අයගේ වැරදි අඩුපාඩු හොයමින් බැන වදින්න බුදුහාමුදුරුවෝ දේශනා කරාද? අනුන්ගේ වැරදි හොයන විට තමන්ගේ වැරදි පේනවාද? බුදුහාමුදුරුවෝ එපා කියපු බොහෝ දේ මේ දෙදෙනාම කරනවා. මේ කරන්නේ සාසනයට සහ බුදුහාමුදුරුවන්ට අපහාස කරන එක පමණයි. බුදුහාමුදුරුවේ දේශනා කළේ ප්‍රතිපත්තියට යොමු වෙමින්, භාවනා කරමින් වහ වහා නිවනට යොමු වෙන්න කියා, නමුත් මේ අය උත්සාහ කරන්නේත් අනික් අයට මග පෙන්වන්නේත් නිමාවක් නැති, දුක් කම්කොටළු පිරි සසරේ සදහටම යන්නයි.

  2. These two hora monks are both the same
    So called maha nayake’s are keeping quiet about all this
    makes me wonder- WHY DO WE NEED MAHA NAYAKE’S ?
    ALL MONKS SHOULD BE EQUAL
    THERE WERE NO MAHA NAYAKE’S IN THE BUDDHA’S TIME

  3. ඇයි රහතන් වහන්සේ කියලා දාන්න එපැයි අන්තිමට. තමන්ගේ බොරුව හෙළිවීම නිසා අද වියරු වූ පෙර රහත් වූ කිවූ කෙනාගෙන් මෙවැනි දේවල් පත්තරවල දාන්න තරම් හරක් ඉන්න රටක්.

LEAVE A REPLY

Previous articleයහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට
Next articleඅතේ සතේ නැති සිංහල අවුරුද්දක කැම්පස් එකෙන් පාරට බැස්ස නෙළුම් පොකුණ පාරේ වීදි සිත්තරා