* මේ දවස්වල කොහොමද කාලය ගෙවෙන්නෙ?
මේ දවස්වල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා කටයුතු කරනව. සරත් කොතලාවල මහත්මයගෙ නරි බුරති සහ ඒකා සාක්කුවේ, මිහිර සිරිතිලකගෙ කෝ කුක්කෝ සහ බාල සමාගම, දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ ජසයා සහ ලෙන්චිනා එතුමන්ගෙම නාට්‍යයක් වන බක්මහ අකුණු තව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ මහා සුපිණ කියන දෘශ්‍ය කාව්‍යටත් සම්බන්ධ වෙලා වැඩ කරනව. ඊට අමතරව රූපවාහිනී නාලිකා කිහිපයකම හඬකැවීම් ශිල්පියෙක් හැටියටත් නිර්මාණවලට දායක වෙනව.

* ශිල්පියෙක් ලෙස වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍ය කියන මේ අංශවලින් පෞද්ගලිකව වඩාත් කැමති මොන අංශයටද?
ඇත්තටම මම රංගන ජීවිතය ආරම්භ කරපු තැන තමයි ෙවිදිකාව ඉතින් එතන තියෙන සාමූහික බව තව එතන තියෙන ජීවමය ගතිය, පේ‍්‍රක්ෂකයො එක්ක තියෙන සජීවී සම්බන්ධය කියන කාරණා නිසා  මම වේදිකාවට කැමතියි අනිකුත් අංශවලට අකමැතියි කියන එක නෙමෙයි මම අදහස් කරන්නෙ අපි පටන්ගත්ත තැන නිසා මම තවමත් වේදිකාවට කැමතියි. හැබැයි වේදිකා නාට්‍ය කියන්නෙ භාර¥ර වගකීමක් හැටියටයි මම දකින්නෙ.

* ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?
මම පාසල් යන කාලෙ ඉ`දලම නාට්‍ය රසවි`දින්න කැමැත්තක් තිබුණා. පාසල් ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. පාසලෙන් ඉවත්වෙලා ඉන්න කොට ජයලාල් රෝහණ මහත්මය විසින් තරුණසේවා සභාවත් එක්ක නාට්‍ය සම්බන්ධ වැඩමුළුවක් කළා මිණුවන්ගොඩදි. ඒ 1993 අවුරුද්දෙ අගභාගෙදි. ඉතින් මමත් ඒ වැඩමුළුවට සම්බන්ධ වුණා. පසුකාලෙකදි මට ෂෙල්ටන් පයාගල මහත්මයව අ`දුනගන්න අවස්ථාව ලැබුණා. එතුමන්ලා දෙපලගෙන් තමයි මම රංගනය සම්බන්ධ දේවල් ඉගෙන ගත්තෙ. තව මම ඒ කාලෙම අංග රචනය, කලා අධ්‍යක්ෂණය වගේ අංශවලිනුත් විවිධ නිර්මාණවලට දායක වුණා. ගොඩක්ම මාව පේ‍්‍රක්ෂකයො අතරට ගියේ අපි නොදන්න ලයිව් වැඩසටහනේ සුදු මල්ලිගෙ චරිතයෙන්.

* දිගින් දිගටම හාස්‍යෝපාදක චරිත ඔබට ලැබුණෙ?
ගොඩක් මට එවැනි චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මම කැමති නැහැ එකම රාමුවකට කොටුවෙලා රංගනය සිදුකරන්න. ඒ නිසා සමහර ආරාධනා මට ප‍්‍රතික්ෂේප කරන්නත් සිද්ධ වුණා. මම විවිධ චරිතවලට පණපොවල තියෙනවා. උදාහරණ විදිහට මචං චිත‍්‍රපටියෙ ඒ වගේම මායා චිත‍්‍රපටියෙ මම වෙනස්ම ආරක චරිත ඉදිරිපත් කරල තියෙනවා. සමහර විට ඒ ඉන්නෙ මම කියල සමහර පේ‍්‍රක්ෂකයන්ට අ`දුනගන්නත් අමාරු වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් තවත් විවිධ චරිත ඔස්සේ පේ‍්‍රක්ෂකයින්ට මාව දැකගන්න හැකියාව ලැබෙයි.

* නාට්‍ය ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්ත්වය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?
ඇත්තටම වර්තමානය වෙනකොට වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් පේ‍්‍රක්ෂකයින්ගෙ ප‍්‍රබෝධයක් ඇතිවෙලා තියෙන වග අපිට දකින්න  ලැබෙනවා. දැන් තියෙන ටෙලි නාට්‍යවල තියෙන ඒකාකාරී රටාව පේ‍්‍රක්ෂකයින්ට ඇතිවෙලා නිසා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නෙ කියල මට හිතෙනව. ටෙලිනාට්‍ය ගත්තොත් දැන් වෙළ`දකරණය වෙලා කියන එක අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා.

* අපේ රට තුළ ජීවන වෘත්තියක් විදිහට රංගනයේ නිරතවීමට හැකියාව තියෙනවද?
ඇත්තටම අපේ රටේ ඒක ටිකක් අමාරු කාර්යයක්. සමහර ශිල්පීන් ඉන්නව විනෝදාංශයක් විදිහට රංගනයෙ යෙදෙනවා. තව පිරිසක් ඉන්නව වෙනත් රැුකියාවක් කරන ගමන් රංගනයෙ යෙදෙන. ඒ වගේම තවත් පිරිසක් පූර්ණකාලීනව වෘත්තියක් විදිහට රංගනයෙ යෙදෙනවා. එහෙම වුණහම රංගන ශිල්පීන්ට සමහර චරිත අකැමැත්තෙන් වුණත් තමන්ගෙ ආර්ථිකය ගැන හිතල කරන්න වෙන අවස්ථා උදාවෙනවා. දැන් ටෙලිනාට්‍යවල ගෙවීම් කරන්නෙ දෛනිකව. සමහර විට මුළු මාසෙකම කොටස් එක දවසකින් රූපගත කරන්න උත්සාහ කරනවා. ඒත් එක දවසක ගෙවීම් විතරයි අදාළ ශිල්පියාට ලැබෙන්නෙ. එහෙම වුණහම රංගන ශිල්පීන් කායිකව සහ මානසිකව විඩාවට ලක්වෙනවා.

ගොඩක්ම ඒක තීරණය වෙන්නෙ අපි ඒ තුළ නිරත වෙන ආකාරය මත. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ගත්තොත් නරි බුරති, කෝ කුක්කෝ වගේ නාට්‍යවල අපි කණ්ඩායමක් විදිහට සාමූහිකව තමයි වැඩ කරන්නෙ. නාට්‍ය තුළ වගකීම් හැම කෙනාටම බෙදල දීල තියෙනව. එතකොට නාට්‍ය රැුකගැනීමත් නාට්‍යයට සම්බන්ධ හැම කෙනාගෙම වගකීමක් වෙනවා.

* පවුලෙ විස්තර ගැන කතා කළොත්?
මගේ තාත්තගෙ නම ඩබ්ලිව්. රණසිංහ. ඔහු වෘත්තියෙන් ලිපිකරුවෙක්. අම්මා ඞී.ඒ. සිරියාවතී. අම්මා ගුරුවරියක්. දෙන්නම දැනට ජීවතුන් අතර නැහැ. මමයි බිරි`දයි තමයි දැන් ගෙදර ඉන්නෙ.

* රංගනයට අමතරව වෙන මොනවද නිරතවෙන කාර්යයන්?
පුංචි කාලෙ ඉ`දන්ම මම සත්තුන්ට ආදරෙයි. ඒ හේතුව නිසාම  මම 2009 වර්ෂයේ ඉ`දන් ශී‍්‍ර ලංකා තරුණ සත්වවේදීන්ගෙ සංගමයෙ සාමාජිකයෙක් වුණා. එතැනදි මට සත්තු සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම සර්පයො ගැන. එයාලගෙන් පරිසරයට වෙන සේවය ගැන මම දැනුවත් වුණා. දැනට මම වෙලාව ලැබෙන හැම වෙලාවකම සර්පයින්ගෙ අගය ගැන ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. මම ජීවත් වෙන ගම්පහ අස්ගිරිය ප‍්‍රදේශයෙ ගෙදරක සර්පයෙක් හිටියොත් දැන් මාව තමයි හොයාගෙන එන්නෙ. මම ගිහින් එයාලව අල්ලගෙන ඇවිත් ප‍්‍රතිකාර  ඕනෙ නම් ඒවත් කරල එයාලව සුදුසු පරිසරයකට මුදාහරිනවා. මම  නම් කියන්නෙ එයාලත් මේ පරිසරයේම කොටසක් කියලා. ඒ නිසා කිසිම සර්පයෙක්ව මරන්න හො`ද නෑ. මේ දේවල්වලට මගේ බිරි`දගෙනුත් සහයෝගය ලැබෙනවා.

මධුෂංක සිරිවර්ධන
IMG_2341 IMG_2295