ලක් එෆ්.එම්. නාළිකාව ඔක්තෝබර් මස පළමුවැනිදා සිය දස වැනි සංවත්සරය සමරනු ලැබුවා.
යහපත් මාධ්‍ය සංස්කෘතියක් පවත්වාගෙන යාමේ අරමුණින් බිහිවුණු ලක් එෆ්.එම්. නාළිකාව වසර 10ක් පුරා සුභාවිත සංගීතය රැුකගනිමින්, භාෂාව විකෘති නොකර, අසන්නා මුදලට මිලදී නොගත් නාළිකාවක්.

යහපත් මාධ්‍ය සංස්කෘතියක් පවත්වාගෙන ආ ලක් එෆ්.එම්. නාළිකාව සිය දස වැනි සංවත්සරය වෙනුවෙන් වෙනත් කිසිදු මාධ්‍ය නාළිකාවක අවධානයට ලක් නොවූ ක්ෂේත‍්‍රයක් පිළිබඳව අවධානය යොමු කර සිටීම විශේෂත්වයක්.

මහමගදි සුලභව අසන්නට ලැබෙන නළා හ`ඩ අවම කිරීම වෙනුවෙන් ලක් එෆ්.එම්. නාළිකාව මහ මගට බැස තිබුණා.
ඔක්තෝබර් මස පළමුවැනිදා කිරිබත්ගොඩ ලක් එෆ්.එම්. ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටත්, දහවල් ටවුන්හෝල්හිදීත්, සවස කොල්ලූපිටිය මංසන්ධියේදීත්, ඔක්තෝබර් මස දෙවැනිදා තුන්මුල්ලේදීත්, දහවල් බත්තරමුල්ලේදීත්, සවස යළි කිරිබත්ගොඩ නගරයේදීත් නළාවෙන් සිදුවන ශබ්ද ¥ෂණය පිළිබඳව ලක් එෆ්.එම්. කාර්ය මණ්ඩලය විසින් රියැදුරන් දැනුවත් කරනු ලැබුවා.

දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින්, අත්පති‍්‍රකා බෙදාහරිමින්, වාහනවල ස්ටිකර් අලවමින් ඔවුන් කරන්නාවූ කර්ත්‍යවය අප හට දැකගැනීමට හැකි වුණේ ඔක්තෝබර් මස පළමුවැනිදා එනම් ලක් එෆ්.එම්. සංවත්සර දිනයේදී අප නියෝජිතයෙකු ලක් එෆ්.එම්. ප‍්‍රධාන කාර්යාලට ගිය අවස්ථාවේදීයි.

අව්ව, වැස්ස නොතකමින් ලක් එෆ්.එම්. පිරිස කරන මෙම කර්තව්‍ය අනෙකුත් නාළිකාවන්ටද ආදර්ශයක්.

නිල්මා තේනුවර

Untitled-18 Untitled-19 Untitled-20 Untitled-21 Untitled-22 Untitled-23