දීපිකා සිනමාවෙන් ඈත් වෙයිද?

පද්මාවත් චිත‍්‍රපටයේ සාර්ථකත්වයත් සමගම දීපිකා නැවත අපට රිදී තිරයෙන් නම් දැක ගන්නට ලැබුණේ නෑ.මේ දිනවල ඈ විවාහයට ලහි ලහියේ සූදානම් වන බවයි දැන ගන්නට ලැබෙන්නේ. විවාහයෙන් පසුව අනෙක් බොහෝ බොලිවුඞ් නිළියන් මෙන් ඇයත් සිනමාවෙන් ඈත් වෙයිද? බොහෝ දෙනෙකුට ඇති ප‍්‍රශ්නයක්.

මේ ප‍්‍රශ්නයට ඈ පසුගියදා පිළිතුරු ලබා දුන්නා. ඒ සුප‍්‍රකට සිනමා අධ්‍යක්ෂ වරියක් වන මේඝනා ගුල්සාර්ගේ මීළඟ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ස`දහා ගිවිසුම් අත්සන් කරමින්. සත්‍ය කථාවක් පදනම් කරගෙන මේඝනා විසින් අධ්‍යක්ෂණය කළ ඍ්්‘ස චිත‍්‍රපටය ලබාගත් සාර්ථකත්වය නිසාම ඈ මෙවරත් තෝරාගෙන තිබෙන්නේ එවන් සත්‍ය කථාවක්මයි.

වයස අවුරුදු 15 දී ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්වූ ලක්ෂ්මී අග‍්‍රවාල් නම් තරුණියගේ ජීවිත කතාව පදනම් කරගනිමින් නිර්මාණය වන මෙම සිනමා පටයේ රූගත කිරීම් මෙම වසරේ අග භාගයේදී ඇරඹීමට මේ වන විට නිෂ්පාදක කණ්ඩායම සූදානම් වනවා. බොහෝ විට එය දීපිකා – රන්වීර් විවාහයෙන් පසුව සිදුවෙනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ.

Untitled-2
ජම්මු කාෂ්මිර් ගැටුම් ඇසුරෙන් නිමවුන URI

විකී කෞශාල් පසුගිය වසර කිහිපය තුළ බොලිවුඩයේ තාත්වික ර`ගපෑම් හරහා ස්ථාවරත්වයක් ගොඩනගා ගත් නළුවෙක්. ඒ නිසාම ඔහුට ඉහළ පෙළේ නිර්මාණවලටත් දායක වන්නට අවස්ථාව ලැබුණා. Razi සහ Sanju චිත‍්‍රපට දෙකේ සාර්ථකත්වයෙන් අනතුරුව ඔහුගේ මීළ`ග චිත‍්‍රපටය වන URI හි පුර්ව ප‍්‍රචාරක පටය පසුගියදා නිකුත් වුණා.

2016 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ජම්මු සහ කාශ්මීර් හි මරස හමුද ක`දවුරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සැලකෙන්නේ දශක දකකට පසුව ඉන්දියානු දේශසීමාවේ සිදු වූ දරුණුම ගැටුම ලෙසයි. Jaish-e-Mohammed කල්ලිය විසින් සිදුකළ මෙම ප‍්‍රහාරය සාර්ථකව මැ`ඩ පවත්වන්නට ඉන්දියානු හමුදාවන්ට හැකි වූ නමුත් එහිදී හමුදා නිලධාරීන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. මේ හේතුව නිසාම ඉන්දීය ආරක්ෂක අංශවල විශේෂ අධීක්ෂණය යටතේ මෙය නිර්මාණය කරන්නට එහි නිෂ්පාදක කණ්ඩායමට සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

URI සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නෙ ආදිත්‍ය ධර්. මෙය ඔහුගේ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස සටහන් වනවා. විකී කෞශාල් සමගින් යාමි ගෞතම් මෙහි ප‍්‍රධාන චරිත නිරූපණය කරන අතර ලබන වසරේ ජනවාරි 11 වැනිදා තිරගත වීම ඇරඹීමට නියමිතයි.

Untitled-4
නා නා පටේකාර් තනු ශ‍්‍රී දත්තා ආයෙත් ගැටුමක්

පසුගිය දින කිහිපය පුරාවටම බොලිවුඩය කැලඹූ පුවත වුණේ තනු ශ‍්‍රී දත්තා සහ නා නා පටේකාර් ගැටුමයි.
2008 වසරේ Horn Ok Pleeease චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර නානා පටේකාර් තමාට ලිංගික අතවර කළ බවට පසුගිය දා තනු ශ‍්‍රී දත්තා මාධ්‍ය හමුවක් කැ`දවමින් ප‍්‍රකාශ කළා. නමුත් මේ චෝදනාව තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ඇය කළ මේ ප‍්‍රකාශයට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා බවත් නානා කියා සිටියා. නමුත් සතියක් ගත වුවත් ඔහු ඊට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නම් ගෙන තිබුණේ නෑ.

තත්ත්වය මෙසේ තිබියදී තනු ශ‍්‍රී පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ධියසඅ්ර් පොලිස් ස්ථානයට ගොස් නානා පටේකාර් සහ සුප‍්‍රකට බොලිවූඞ් නර්තන ආචාර්යවරයකු වන ගනේෂ් ආචාර්යාට එරෙහිව ¥ෂණ චෝදනා එල්ල කරමින් පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

අදාළ පොලිසියේ ප‍්‍රකාශකයෙකු පවසා තිබුණේ පැමිණිල්ල පිළිබ`ද විමර්ශන කටයුතු ඉදිරි දින කිහිපයේදී සිදු කරන බවයි. අවශ්‍ය සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊට අදාළ අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු ප‍්‍රකාශ කර තිබුණා.

මයන්ත පෙරේරා

Untitled-3