මෙම අතේ හිමිකාරිය ඉතා බුද්ධිමත් කාන්තාවක් වෙනවා. තැනට සුදුසු නුවණින් ක‍්‍රියා කිරීමේ මනා හැකියාවකින් යුක්ත වන අතර සෑම විටම නව අදහස් සිතීමේ සහ නායකත්වයේ ලක්ෂණ මැනවින් පිහිටා තිබෙනවා. නමුත් මේ වන විට තමන්ගේ දක්ෂතා බොහොමයක් අමතක කර එක කාර්යක් සඳහා පමණක් සිත යොදවා තිබෙනවා.

දකුණු අතේ චිත්ත රේඛාව මැදින් පසු ලා පැහැ ගැන්වී තිබෙන්නේ මේ කාරණාව නිසා. එමෙන්ම වම් අතේ චිත්ත රේඛාව (කළු පැහැ රවුම* පහළට නැවී තිබෙනවා මෙන්ම දෙකට බෙදී තිබෙනවා. දෙකට බෙදීම හරහා ක්ෂේත‍්‍ර දෙකක් එක වර නිපුණයකු වීමේ හැකියාව පෙන්වන අතර චිත්ත රේඛාව පහළට යෑම හරහා මානසික වශයෙන් වරින් වර කඩා වැටෙනා ස්වභාවයක් පෙන්නුම් කරනවා. නමුත් මෙම අත බොහෝ කාන්තා අත් එක්ක බලද්දී නිරවුල් මනසක් ඇති අතක් වශයෙන් හ`දුන්වන්න පුළුවන්.

හදවත් රේඛාව දිගුවී දකුණු අතේ මැදැ`ගිල්ල පහළින් අවසන් වනවා. ඉන් කියවෙන්නේ ජන්මියා හො`ද ශරීර සෞඛ්‍යයකින් සිටිනා බවයි. හදවත් රේඛාව කෙළින්ම ඝනව පිහිටීම හරහා තීන්දු තීරණ ගැනීමේ දක්ෂතාව පෙන්නුම් කරනවා. තමන් ගන්න තීරණ පිළිබ`දව පසුතැවෙන්නේ නෑ. ඒ වගේම කියන දේ කාට වුණත් මුණට කීමේ පුරුද්දක් පවතිනවා. මේ සම්බන්ධව කල්පනාකාරී වන්න. ඒ වගේම ජන්මියාගේ හදවත් රේඛාව දිගු වීම සමගම පපුව පෙණහලූ ආශ‍්‍රිත රෝග වර්ධනය වීමට පුළුවන්. ඒ වගේම හදවත් රේඛාව වම් අතේ කොටස් දෙකක් ලෙස එනම් රේල් පිල්ලක් ලෙස දිව යනවා. ඉන් අදහස් කරන්නේ ජන්මියා තමන්ගේ ස්වාමි පුරුෂයාට ඉතාමත් භක්තිවන්තව ආදරය කරන බවයි.
kasun-samarakon
මෙම අතේ ධන රේඛාව තැන් දෙකකින් කැඞීමක ට භාජනය වී තිබෙනවා. මින් අදහස් කරන්නේ ජන්මියාගේ ධනයට යම් යම් කාලපරිච්ෙඡ්දවලදී බාධාකාරී තත්ත්වයන් මතුවන බවයි. එනම් වයස අවුරුදු 31න් පසුව වයස අවුරුදු 34 පමණ දක්වා අසීරු කාලවකවානුවකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම නැවත අවුරුදු 54-56 දක්වා කාලවකවානුව ආර්ථික වශයෙන් අපහසුතා ඇති කරනවා. මේ කාලවකවානු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

විශේෂයෙන් මෙම කාලවකවානු ජන්මියාගේ මානසිකත්වයට බලපෑමක් එල්ල නොවුණත් ශාරීරිකව එනම් තමන්ට වඩාත් දැනෙන ආකාරයට ගැටලූ ඇතිවනවා. මෙම කාලවකවානු කෙරෙහි සැලකිලිමත් වන්න. වයස 35න අනතුරුව ජන්මියා තමන්ගේම කියා යම් ස්වාධීන ව්‍යාපාරයක් අරඹන අතර එය වයස 53 පමණ වන තෙක් පවත්වාගෙන යනවා.

දකුණු අතේ ධන රේඛාව අවසන් වන්නේ දෙකට බෙදී සහ ත‍්‍රිශුලයකට සමානව රේඛා දෙකක් වශයෙන් බෙදී, මින් අදහස් කරන්නේ ජීවිතේ අවසන් කාලයේදී මානසික වශයෙන් සහ භෞතික වශයෙන් ස්ථාවරත්වයකින් පසුවන බවයි.

ජන්මියාගේ වම අතේ කිර්ති රේඛාවක් පිහිටා තිබෙන්නේ දෙකට කැඞී වෙදැ`ගිල්ල යටින් (රතු පැහැ රවුම*. මේ හරහා කියවෙන්නේ තමන්ට ලැබෙන ප‍්‍රශංසා පිළිබ`ද සෑහීමකට පත්වන බවයි. නමුත් දකුණු අතේ මෙය පිහිටා නොතිබීම හරහා කියවෙන්නේ සමාජය තුළින් සහ තමන් වැඩ කරනා ස්ථානයෙන් නිසි එනම් ලැබිය යුතු අවස්ථාවන් ජන්මියාට ලබා නොදෙන බවයි. ඒ වගේම වම් අතේ දබර ඇ`ගිල්ලට පහළින් මැදට රේඛාවක් යාම හරහා ජන්මියා විටෙක ඉතාමත් සංවේදීව කටයුතු කරනවා. ආදරය සම්බන්ධ කාරණාවලදී ඉතාමත් සංවේදී වන අතර ආදරයේ අඩු පාඩු සිදුවන අවස්ථාවලදී තනිවම අ`ඩන පුරුදක් පවතිනවා.

ජන්මියාගේ ජීවන රේඛාව අවුරුදු 68 පමණ වන තුරු දිව යනවා. නමුත් වම් අතේ රේඛාව අවුරුදු 45න් පමණ පසු යම් නොපැහැදිලි තත්ත්වයක් නිරූපණය කරනවා. මේ හරහා කියැවෙන්නේ එම කාලවකවානුවේදී ජන්මියාගේ මානසිකත්වයට දැඩිව බලපාන සිදුවීමක් සිදුවන බවයි. මෙවන් කරදර අවම කර ගැනීමට හරක් නිදහස් කරන්න. කුරුල්ලන් නිදහස් කරන්න.

ජන්මියාගේ විවාහය සිදු වන්නේ දැඩිව ආදරය කරන දෙවැනි පුද්ගලයා සමගයි. විවාහය සිදුවීම ප‍්‍රමාද වන නමුත් විවාහ ජීවිතය වඩාත් යහපත් එකක් වෙනවා. ජන්මියා විවාහ ජීවිතයේදී තමන්ගේ ස්වාමි පුරුෂයාට ඉතාමත් ආදරය කරනවා. දරුපල දෙකක් අතින් පෙන්නුම් කරනවා.

කාලයක් එනම් අවුරුදු 21ට පෙර යාළුවන් ගොඩක් ආශ‍්‍රය කළත් මේ වන විට ඇසුර සීමා වී තිබෙනවා. කොටින්ම දැන් සිටින්නේ හො`දම යහළුවන් 3 දෙනෙකු පමණයි.

සමස්තයක් වශයෙන් ගත් කල මෙම අතේ විශාල ගැටලූ පවතින්නේ නෑ. එමෙන්ම ජන්මියා තමන්ගේ ප‍්‍රශ්න ඉතා බැ?රුම් ලෙස ගෙන කටයුතු කරන්නේ නෑ. ආයුෂ සම්බන්ධ ගැටලූ නොමැති මුත් අවුරුදු 45 ගැටලූ සහගත වසරක් නිසා ප‍්‍රවේශම් වන්න. යහපත් නායකත්වයේ ලක්ෂණ ඇත. ස්වාධීනව කටයුතු කිරීමට දක්ෂය.