මේෂ ලග්නය
ශුභාශුභ මිශ්‍රපල උදා කරයි. රැකියාව සඳහා දුරබැහැර ගමන් යෙදේ. සිත් අවුල් වීමේ කාරණා ගෙන දේ. වන්දනා ගමන් සංවිධානය කිරීමට අවස්ථාව සැලසේ. නව මිතුරු ඇසුර ලැබේ. හදිසි ධන ලාභයකට හේතුයි. ධෛර්යය හීන වේ. වගකීම් භාරගැනීමට මැලි වේ. හවුල් කටයුතුවලින් ලාභ ලැබේ. විවාහ දිවිය සතුටින් ගෙවයි. විවාහ අපේක්ෂකයන්ට ඒවා සඵල වේ. සෙම් රෝග, පීනස් රෝගයන්ට හේතු වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය
මිශ්‍රපල සහිත වේ. ශුභ ගමන්, සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු කාලයකි. රැකිරක්ෂාවේ උසස්වීම් ලැබිමට හේතු වේ. වැඩිහිටියන්ගේ ගෞරවයට පාත්‍ර වේ. පවු‍ලේ ඥාතීන් සමග සුහදව කටයුතු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. රහස් සතුරු බලපෑමකට හේතු වේ. රටතොට ප්‍රකට වේ. නපුරු ගති ඇත්තවුන් ආශ්‍රයට ලැබේ. ආමාශගත රෝග සාදයි. උෂ්ණ රෝග සාදයි.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන ලග්නය
ශුභ අශුභ මිශ්‍රපල සහිත වේ. වෙනදාට වඩා ආවේගශීලීව කටයුතු කරයි. විදේශ ගමන් සඳහා ශුභ කාලයකි. භූමි ලාභ ලැබිමට හේතු වේ. නව නිෂ්පාදන සඳහා සිත් යොමු වේ. උසස් මිතුරන්ගේ ඇසුර ලැබේ. චාම් ජීවිතයකට ආශා කරයි. ධර්මයේ හැසිරේ. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. උදරාබාධයන්ට හේතුයි. ආහාර අරුචිය ඇති කරයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
මිශ්‍රපල සහිත වේ. නව මිතුරු සබඳතා ගොඩනැගේ. දුර ගමන් සඳහා අවස්ථාව උදා වේ. හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. සිත් චංචල වේ. ගමෙන් පිට වාසයට පැමිණේ. කුසලතා වර්ධනය වේ. සහෝදරයන්ට යහපත් නැත. පවු‍ලේ කැපී පෙනෙන අයකු වේ. කෑම අරුචිය ඇති වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපෑමට සිදුවේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
මිශ්‍රපල සහිත වේ. ප්‍රීති උත්සව සඳහා
හේතු වේ. තම ඥාතීන් සඳහා අමතර වියදම් දැරීමට සිදු වේ. බාහිර අලංකාරය සඳහා වියදම් අධික වේ. නිතර කියවිලි වේ. ධනය හීන කරයි. ඉගෙනීම සඳහා වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ. උසස් ඉගෙනීමට යහපත් වේ. යහපත් සිහි කල්පනාව වේ. පපුවේ සෙම් රෝග, පීනස් අමාරු සහිත වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
මිශ්‍රපල සහිත වේ. ප්‍රීති උත්සව සඳහා සහභාගි වේ. තරමක් ආඩම්බර වේ. කැපී පෙනෙන චරිතයකි. ඉදිරියට යාමට පැකිලීමක් නොමැත. වස්තු ලාභ හිමි වේ. ක්‍රීඩාවලට ප්‍රිය වේ. පැණිරස කෑමට ප්‍රිය වේ. ප්‍රේම සබඳතා බිඳ වැටේ. කෙසේ හෝ මිල මුදල් ලැබේ. බ්‍රෝකර් වැඩවලින් ලාභ ලැබේ. උෂ්ණ රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
මිශ්‍රපල සහිත වේ. දේ‍පොළ මිලට ගැනීමට ශුභ කාලයකි. විනෝදජනක දේට මුදල් වියදම් වේ. කතාවෙන් අන් අය වශීකර ගනී. ජීවිතය සරලව සැහැල්ලුවෙන් ගත කරයි. දුක් කරදර අඩුවේ. සම්මුඛ පරීක්ෂණ තුළින් ඉහළ ප්‍රතිඵල ලැබේ. සතුරන් මර්දනය වේ. දුර පළාත්හි සංචාරයේ යෙදේ. සෙම් බහුල රෝග සාදයි.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
මිශ්‍රපල සහිත වේ. ගෘහ ජීවිතය ගැටලුකාරී වේ. ධනය නිකරුණේ වියදම් වේ. දුරදිග සිතා නොබලා පවසන දෙයින් ගැටලු ඇතිකර ගනී. තම හැකියාවෙන් ප්‍රසිද්ධියක් ලබයි. පහත් සිතුවිලි වර්ධනය වේ. හිතට කරදර ගෙන දෙන කාරණා මතුවේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදේ. සමාජ සේවා කටයුතුවලදී කැපී පෙනෙයි. උරහිස් වේදනා, මස්පිඬු පෙරළීම් වැනි රෝගයන්ට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
මිශ්‍රපල සහිත වේ. වැඩිහිටියන්ගේ ආදරය, කරුණාව ලබයි. දුෂ්කර කටුක අත්දැකීම් බහුල වේ. නාස්තිකාර දේට සිත යොමුවේ. නැති බැරි අයට සංග්‍රහ කරයි. වීර්යවන්ත වේ. තම අරමුණ කරා ගමන් කරයි. ‍පොදු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරයි. උපන් නිවසින් පිට වාසයට පැමිණේ. ගුරු වෘත්තිකයන්ට බොහෝ ශුභය. හිසේ අමාරු සෙම් අමාරුවලට හේතු වේ.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මිශ්‍රපල සහිත වේ. හදිසි ධන ලාභයකට හේතුයි. ඉක්මන් කෝපය හේතුවෙන් ගැටලු ඇතිකර ගනී. රැකියා ස්ථානයේ අවුල් සහගත තත්ත්වයන් ඇතිවේ. ඇසුරු කරන්නන් අතර මතභේද හටගනී. ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නාස්තිකාර දේට සිත් යොමුවේ. නිෂ්ඵල වියදම් අධික වේ. එනිසාම ධන හීනයකු වේ. පපුවේ අමාරු හෝ පාදයේ වේදනා හට ගැනීමට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
මිශ්‍රඵල සහිත වේ. මතෛක් පැවති බාධා ඉවත් වී තම රාජකාරි පහසුවෙන් ඉටුකර ගනී. විනෝදකාමී කටයුතු කරයි. දුර ගමන් බිමන් යෙදේ. වන්දනා ගමන් සඳහා පෙළඹේ. කය සැරසීම සඳහා අමතර මිල මුදල් වැය කරයි. සමාජශීලී වේ. සියලු දෙනාගේම සිත් දිනාගෙන කටයුතු කරයි. හදිසි අනතුරකට හේතුයි. පාදයේ තුවාලයක් විය හැකිය.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නව මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. සම්මුඛ පරීක්ෂණ තුළින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේ. ආදායම් මාර්ග වර්ධනය වේ. හදිසි ධන ලාභයකට උරුමකම් කියයි. දුර ගමන් බිමන්වලට හේතුයි. ‍පොත්පත්, ලිපි‍ලේඛන කටයුතු සඳහා ශුභ වේ. හෘදයාබාධ වැනි පපුව ආශ්‍රිත රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ayiranganee