හපුතලේ නගරයට සති අන්තයක විනෝද චාරිකාවක් ආපු දවසක අපි සෙට් එක කතා කරගත්තා දඹේතැන්නෙ තියෙන ලිප්ටන් සීට් යන්න. ඉතිං අපි නතරවෙලා හිටපු නවාතැන්පොළේ හිමියා අපිට කිව්වේ පුළුවන් උදෙන්ම ලිප්ටන් සීට් යන්න කියලා. මොකද දන්නවාද හිමිදිරි උදැසනලූ එතැන තියෙන ලස්සන බලන්න පුළුවන් කියලා. ඉතිං අපි පුළුවන් උදෙන්ම නැගිටලා කිටි කිටි ගාලා වේව්ලන සීතලේ ලිප්ටන් සිට් යන්න පිටත් වුණා.

හපුතලේ නගරයට පැමිණෙන දේශිය හෝ විදේශීය හෝ කවුරු හෝ වේවා ඉතාම කැමැත්තෙන් සංචාරය කරන තැන් දෙකක් තියෙනවා. ඒවා තමයි හපුතලේ තියෙන ලිප්ටන් සිට්, අනෙක තමයි හපුතලේ ඇඩිසම් බංගලාව. ලිප්ටන් සිට් කියන්නේ නැරඹුම් ස්ථානයක්. ලිප්ටන් සිට් පිහිටලා තියෙන්නේ දඹේතැන්න තේ වතුයායේ එක් කෙළවරක.

ලිප්ටන් සිට් යන්න තියෙන්නේ දඹේතැන්න පාරේ. අද ලිප්ටන් සිට් විදිහට ප‍්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ සාමිමලේ කියන ස්ථානයේ තියෙන නැරඹුම් ස්ථානයට, එහෙම වුණාට සර් තෝමස් ලිප්ටන් තමාගේ නැරඹුම් ස්ථානය විදිහට භාවිතයට ගත්තේ බණ්ඩාරඵළිය කියන තැන තියෙන නැරඹුම් ස්ථානය. ඒ කොහොම වුණත් අපි අද ප‍්‍රසිද්ධ ලිප්ටන් සිට් කියන තැනට තමයි යන්නේ.

අපි හපුතලේ නගරයේ ඉ`දලා දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළ`ගටම ආවා. හපුතලේ වත්ත, තොටලාගල වත්ත, පිටරත්මලේ වත්ත යන තේ වතුයායක් මැදින් තමයි දඹේතැන්නට පාර තියෙන්නේ. උදේ පාන්දරට නම් තියෙන ශිතල ගැන නම් අහන්නවත් එපා. ඒ ගිරිහ`ඩු පිපෙන ශීතල මැද්දේ දඹේතැන්නට යන පාරට තියෙන දර්ශනය නම් වචනයෙන් කියන්න බෑ. ඒක හරියට අපි වලාකුළු උඩින් යනවා වාගේ හැ`ගීමක් තමයි තියෙන්නේ. වටේට තියෙන පහත් බිම් මීදුමෙන් වැහිලා තැන තැන තියෙන උසම ක`දු ගැටයක් දෙකක් පේනවා. ඒ විතරක්යැ අපට උඩින් තියෙන උස් ක`දු මුදුන් අහස සිඹගෙන ගිරි මුදුන් මීදුමෙන් වැහිලා.

අපිට දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළ`ගට එන අතරතුර තොටලාගල වැව හෙවත් රිච්මන්ඞ් ලේක්, සහ පිටරත්මලේ  වාලාකුළු වනාන්තරයද හමු වුණා. රිච්මන්ඞ් වැවේ සුන්දරත්වය බලන්න මදකට එහි නතර වුණාට පිටරත්මලේ වලාකුලූ වනාන්තරය වෙන දිනයක නරඹන්න හිතාගත්තා.

හපුතලේ නගරයේ ඉ`දලා දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළ`ගට එන්න බස් තියෙනවා. හපුතලේ ඉ`දලා දඹේතැන්නට කිලෝමීටර් 9ක් විතර දුර තියෙනවා. දඹේතැන්න තේ කර්මාන්තශාලාව ලංකාවේ තියෙන පැරණිම තේ කර්මාන්තශාලාවක් වාගේම ලංකාවේ තියෙන දිගම තේ කර්මාන්ත ශාලාව. දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළග ඉ`දලා තව කිලෝමීටර් 6ක් විතර ගියාම තමයි ලිප්ටන් සිට් ළ`ගට යන්න පුළුවන් වෙන්නේ. ලිප්ටන් සීට් ළ`ගට ලොකු වාහනයක් නම් යන්න බෑ. ඒ වුණාට පොඩි වාහනයක් නම් යන්න පුළුවන්. දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළ`ග ඉ`දලාම තියෙන්නේ දඹේතැන්න තේ වත්ත.  ලිප්ටන් සීට් දක්වාම යන්න තියෙන්නේ තේ වතු මාර්ගයේ. මේ මාර්ගයේ වාහන දෙකකට හෝ එක්වර මාරුවෙන්න උනත් අමාරුයි ඒ තරමටම පාර පටුයි. මාර්ගය පටු වුණාට මාර්ගය දෙපැත්තේම තියෙන දර්ශනය අති රමණීයයි. දඹේතැන්න තේ කර්මාන්තශාලාව ළ`ග ඉ`දලා ලිප්ටන් සිට් වෙනකම්ම තියෙන්නේ පාරේ නැග්මක්. ඒ නැග්මේ අලංකාර රටා මවන තේ වත්ත අති රමණීයයි. අති සුන්දරයි.

අපි දැන් මේ ලිප්ටන් සීට් එන්නේ හපුතලේ ඉ`දලානේ. ඒ වුණාට ලිප්ටන් සීට් එන්න බණ්ඩාරවෙල ඉ`දලත් පුළුවන්. ඒ නායබැද්ද තේ වත්ත හරහා තියෙන මාර්ගයේ. ලිප්ටන් සිට් නැරඹුම් ස්ථානය බලන්න යනවා නම් හො`දම වේලාව තමයි දවසේ උදේ 10.00 ට ඉස්සෙල්ලා එතනට යන එක. මොකද දන්නවාද දහවල් වන විට අවට පරිසරය දැඩි මිහදුමෙන් වැසී යන්න පුළුවන් නිසා.

ලිප්ටන් සිට් නැරඹුම් ස්ථානයට ලංකාවේ දිස්ත‍්‍රික්ක පහක කොටස් පේනවා. ඒ දිස්ත‍්‍රික්ක තමයි, බදුල්ල, මොනරාගල, රත්නපුර, මාතර සහ හම්බන්තොට. ඉතාම පැහැදිලි අහසක් තියෙන දවසක එහි ගියොත් කිරින්දේ තියෙන ප‍්‍රදීපාගාරයත්, දෙවුන්දර තියෙන ප‍්‍රදීපාගාරයත් දැක බලා ගන්න පුළුවන් . ඒ වාගේම ශ‍්‍රී පාදස්ථානයත් හ`දපානාගල වැවත්, උඩවලවේ ජලාශයත්, කතරගම පිහිටලා තියෙන වැඩිහිටි කන්ද, හම්බන්තොට වරාය ආදි ස්ථානත් හො`දින් පේනවා.

ලිප්ටන් සිට් එන කෙනකුට සර් තෝමස් ලිප්ටන් එක්ක ඡුායාරූපයකට වුණත් පෙනී ඉන්න පුළුවන්. එතන තබා තියෙන සර් තෝමස් ලිප්ටන්ගේ පිළිරුව ළ`ග ඉ`දගෙන ඔබටත් ඒ අවස්ථාව උදාකරගන්න පුළුවන්. අපි ලිප්ටන් සිට් ළ`ගට එනවිටත් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරි ඉතිරී ගොස් තිබුණා. සමහරු පරිසරයේ සුන්දරත්වය වි`දිනවා. සමහරු එතැනම තියෙන කුඩා හෝටලයෙන් රසම රසවත් ඊස්ට් රොටියක් ලූණු මිරිස් සමග අනුභව කරන අතරතුරම ලිප්ටන් කහට තේ කෝප්පයක් තොල ගාන්නේ අවට සුන්දරත්වය වි`දිමිනි.

එකම ක`දු පන්තියක තියෙන නැරඹුම් ස්ථාන තමයි ලිප්ටන් සීට්, සෙන් කැතරින් සීට්, මිලේනියම් සීට් සහ පිල්කින්ටන් පොයින්ට්. සෙන් කැතරින් සීට් නං තියෙන්නේ, ලිප්ටන් සීට්වලට ඉදිරියෙන් තියෙන නායබැද්ද කන්දේ එක් කෙළවරක, ඒ වාගේම මේලනියම් සීට් සහ පිල්කින්ටන් පොයින්ට් තියෙන්නේ පූනාගල කන්දේ එක් කෙළවරක.

සර් තෝමස් ලිප්ටන් ශ‍්‍රී ලාංකිය ලිප්ටන් කියන තේ නාමය ලොවට හ`දුන්වා දුන් පුද්ගලයාය. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. තෝමස් ලිප්ටන් 1848 මැයි 10 දින උපත ලබා තියෙන්නේ අයර්ලන්ත පවුලකට දාව ස්කොට්ලන්තයේ කවුන් වීදියේ, ග්ලාස්ගෝ නගරයේදී. 1864 දී ඔහු වාෂ්ප බලැති නැවක කැබින් බෝයි කෙනෙක් වශයෙන් සේවයට බැෙ`දනවා.  එම වාෂ්ප නැව ග්ලාස්ගෝ සිට බෙල්ෆට් වෙත ධාවනය වූවක්. ඊට පසු ඔහු රැුකියාවන් විටින් විට මාරු කරනවා. ගණකාධිකාරවරයෙක්, පොත් තබන්නෙක්, ගෙයින් ගෙට ගොස් බඩු විකුණන්නෙක් වශයෙන්ද වරක් දුංකොළ වගාකරුවෙක් වශයෙනුත් සේවය කර තියෙනවා. 1870 දී නැවත ග්ලාස්ගෝ නගරයට ඇවිල්ලා තෝමස් ලිප්ටන් වෙළෙ`දසලක් ආරම්භ කරනවා. ඒ වෙළෙ`දසල සාර්ථක වූයෙන් ඔහු තවත් වෙළෙ`දසල් ජාලයක් ආරම්භ කරනවා. ඒ  කාල වකවානුව වන විට යුරෝපීය රටවල මධ්‍යම පාන්තිකයන් අතර තේ පානයේ වර්ධනයක් ඇතිවූ වකවානුවද වුණා.

තෝමස් ලිප්ටන් විසින් ඒ කාලයේදී තේ පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ තේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එම ව්‍යාපාරය ඉතාම සාර්ථක වුණා. ඒ අතරතුර  තෝමස් ලිප්ටන් ඔස්ටේ‍්‍රලියාවට යන අතරතුර ලංකාවටද පැමිණෙනවා. ඒ කාලයේ තමයි ලංකාවේ තිබුණ කෝපි වගාවන් විනාශවෙලා ඒ වෙනුවට තේ වගාව සාර්ථකව ආරම්භ කරගෙන යන කාලවකවානුව. ඔහුට ලංකාවෙන් කෙළින්ම තේ මිලදී ගැනීමේ සිතුවිල්ල පහළ වෙනවා. ඒ ඔහු දැනටමත් කරගෙන යන තේ ව්‍යාපාරය සාර්ථක වූ බැවින්. 1890 දී නැවත ලංකාවට පැමිණෙන තෝමස් ලිප්ටන් එවකට ලංකාවේ තේ ආධිපත්‍යය දැරු ජේම්ස් ටෙලර් සමග ගිවිසුමක් ඇති කර ගන්නවා. ජේම්ස් ටෙලර්ගෙන් තේ මීලදී ගෙන යුරෝලයේ රටවල්වලට සහ ඇමෙරිකාවට අපනයනය කීරිම මෙම ගිවිසුමේ ප‍්‍රධානතම අරමුණ.

ඒ අතරතුර තෝමස් ලිප්ටන් අක්කර 5500 පමණ වු දඹේතැන්න වතු යාය මිලදී ගන්නවා. ඒ ඔහුගේ ලිප්ටන් තේ ව්‍යාපාරය තව තව දියුණු කිර්මේ අඩිතාලමක් වශයෙන්. ලංකාවේ ටික කාලයක් ජිවත් වෙලා තෝමස් ලිප්ටන් නැවත සිය රටට යනවා. ලිප්ටන් සිලෝන්ටා කියන තේ නාමය අදත් ලෝකයේ වැජඹෙන තේ නාමයක්.

ඉන්දක කරුණාදාස

Untitled-15 Untitled-14 Untitled-13