පැලවත්ත කූල් ප්ලැනට් ඇඳුම් සාප්පුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
ගින්න පිළිබඳ කොටා පාර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ඇමතුම ලැබී ඇත්තේ අද පෙරවරු 11ට පමණ ය.
ඉන්පසුව වහා ඔවුන්ගේ ගිනි නිවීමේ ට‍්‍රක් රථ දෙකක් යවා ඇති අතර පසුව ගුවන් හමුදාවේ ගිනි නිවීම් රථ ද පැමිණ තිබේ.

ගින්න පාලනය සඳහා කොළඹ කොටුව හා දෙහිවල ගිනි නිවීමේ එ්කක වෙත ද කැඳවීම් කර තිබේ.
මේ වනවිට ගින්න තරමක් දුරට පාලනය කර ඇති නමුත් ගිනි නිවන භට කණ්ඩායම් කිහිපයක් තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැතත් දේපළ විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

palawartta-fire (2) palawartta-fire (1)