තුර්කියේ එස්මිර් ප‍්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් වන මුහුදේ දී සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලීමට ලක්වීම හේතුවෙන් 25 දෙනකු අතුරුදන් බව එරට වාර්තා පවසයි.

පුද්ගලයන් 9 දෙනකු මියගොස් ඇතැයි සඳහන් ය.

නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණිකයන් රැගත් මෙම බෝට්ටුව ගිලී ඇත්තේ එය ගමන් අරඹා දුරක් ගිය පසු ය.

බෝට්ටුවේ සිදුරකින් ඇතුළට ජලය ගලාඑ්මෙන් පසුව බෝට්ටුව ගිලීමට ලක්ව තිබේ.

බෝට්ටුවේ ගමනාන්තය පිළිබඳ හෙළිවී නොමැති අතර අතුරුදන් වූවන් සොයා තුර්කි නාවික නිලධාරීන් මෙහෙයුම් අරඹා ඇත.