මාලදිවයිනේ රැුකියාවකට ගොස් පදනම් රහිතව එහි සිරගතව සිටින ළහිරු මධුශංක නිදහස් කරගැනීම පිළිබඳ පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එරට ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන ඉබ‍්‍රාහිම් මොහොමඞ් සොලිහ් ඉබු මහතා හමුවී සාකච්ඡුා කර තිබේ.

එහිදී අමාත්‍යවරයා ඔහුට අවධාරණය කර ඇත්තේ ළහිරු මධුශංක යුද හමුදාවේ ස්නයිපර්වරයකු ලෙස සේවය කළ අයකු බවට සැකපළ කළ ද එවැනි කිසිවක් තහවුරු කර නොමැති බවයි.

වත්මන් මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ළහිරු මධුශංක සිරගතව සිටියදී වධහිංසාවලට ලක්වන බවට ක්ෂමා සංවිධානය වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

සාක්ෂි නොමැතිව රඳවාගෙන සිටින ළහිරු නිදහස් කරගැනීම සඳහා කඩිනමින් හැකි සෑම පියවරක්ම ගන්නා බවට සොලිහ් ඉබු මහතා අමාත්‍යවරයාට අවධාරණය කර ඇත.