ඇමෙරිකාවේ ෆ්ලොරිඩා, ඇලබාමා හා ජෝර්ජියා ප‍්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර තිබේ.

එ් දකුණු දිග ප‍්‍රාන්තයක් වන ෆ්ලොරිඩාවේ ගොඩබිම දෙසට ගමන් කරන ‘මයිකල්’ චණ්ඩ සුළිකුණාටුව හේතුවෙනි.

ඉන් ජනතාව මුදවා ගැනීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන පරිදි 3,70,000ක පිරිසක් අවදානම් ප‍්‍රදේශවලින් ඉවත් කර තිබේ.

3 වැනි වර්ගීකරණයේ චණ්ඩ සුළිකුණාටුවක් වන මයිකල් කුණාටුවේ සුළං වේගය පැයට කිලෝමීටර් 201ක් බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත.

සුළිකුණාටුවේ බලපෑමෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

_103782878_michael.tues.morning-nc