ආණ්ඩුවක් පිහිටුවීමට කිසිඳු සහයක් නොදෙන බවට ඒකාබද්ධ විපක්ෂය අද පස්වරුවේ තීන්දුවක් ගෙන තිබේ.

ඒ වෙනුවට දිගින් දිගටම මැතිවරණයක් දිනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී අද රාත්‍රි 7ට මෙම රැස්වීම පැවැත්විණ.

ආණ්ඩුවට සම්බන්ධව සිට වෙන්වී ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හා එක්සත් ජාතික පක්ෂයේ ද කිහිපදෙනෙකු සමග අයවැයට පෙර ආණ්ඩුවක් පිහිටුවන බවට පසුගිය දිනවලදී දේශපාලන කරළිය තුළ කතාබහක් මතුව තිබුණි.

රන්මලී සෝමසිරි