අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දහවල් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් කැදවා ඇත.

විදෙස් සංචාරයක නිරත අග‍්‍රාමාත්‍යවරයා හෙට දිවයිනට පැමිණීමට නියමිත ය.

එලෙස පැමිණි වහාම මෙම රැස්වීම කැදවා ඇති බව එම පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකු රිවිරට පැවැසීය.