එය අතිශයින්ම කාර්යබහුල ස`දුදාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ‘අක්ෂි සායන පරිශ‍්‍රය’ හාර පන්සීයක පමණ සෙන`ගින් පිරී ගොස් තිබුණේය. රෝගීහු ඒ කුඩා ඉඩකඩෙහි තෙරපෙමින්, යාබදව පිහිටි අනෙකුත් සායන පරිශ‍්‍ර පවා ආක‍්‍රමණය කරමින් සායනය ආරම්භ කරන තුරු රැු`දී උන්හ. සෙනගින් එක් පිරිසක් බිත්තියක් අයිනේ පෝලිමක සිටිති. තවත් විශාල පිරිසක් පෝලිමට නො ගොස්, අක්ෂි සායන පරිශ‍්‍රයේ යකඩ දොර අසල පොදිකමින් සිටිති.
‘හැත්තෑ පස්දෙනකුට නොම්මර දුන්නා’ යයි එතැන සිටි උදවිය කතා වූහ.

ඉක්බිති පෙරවරු 10.30ට පමණ, රෝහල් සේවිකාවක් එළියට පැමිණ, ‘අද උදේ ක්ලිනික් එකට නොම්මර දෙන්නේ සීයයි. අනිත් අය වෙන දවසක එන්න.’ යැයි උස් හ`ඩින් දැනුම් දුන්නාය.

එයින් පසුව හට ගත්තේ මහා කලබැගෑනියකි. උදේ සායනයට නොම්මර නොලැබුණු ඇතැමෙක්, කුපිත වී රෝහල් පාලකයන්ට ද ආණ්ඩුවට ද ‘සුද්ද සිංහලෙන්’ අමතමින් යන්නට ගියහ. තවත් පිරිසක් සවස්වරු සායනයේ පෝලිමට කඩා වැදෙන්නට ගියහ. සවස සායනයට පෝලිමේ සිටි පිරිස් එයට එරෙහි වූහ. දෙපිරිස අතර ඇති වූයේ මහත් ගැටුම් සහගත තත්ත්වයකි. උදේ වරුවේ ප‍්‍රතිකාර කරන රෝගීන් සංඛ්‍යාව, හදිසියේ ම සියයකට සීමා කිරීම නිසා එදින (ඉකුත්  සැප්තැම්බර් 10 වැනි දා* අක්ෂි සායනයට පැමිණි විශාල පිරිසකට ප‍්‍රතිකාර නොලබා ආපසු හැරී යාමට සිදු විය. ඇතැමෙක් බැණ වදිමින් ගියහ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට නම්  මෙබ`දු කලබැගෑනි අමුත්තක් නොවේ. සායන පැවැත්වෙන සතියේ දින හය පුරාවට, එහි හැමදාමත් මහ සෙන`ගය. ඇස් පෙන්වා ප‍්‍රතිකාර ලබා ගැනීමට නම් පාන්දර හතරටවත් පෝලිමට එක් විය යුතුය. අක්ෂි සායනයේ, භූමි වපසරිය හරියට ‘ලබ්බෙ තොවිලය’ වගේය. එය පවත්වා ගෙන යන්නේ, ප‍්‍රතිකාර පතා එන සිය ගණන් රෝගීන්ට පෝලිම් ගැසීමට හෝ රැු`දී සිටීමට පවා හරිහමන් ඉඩක් නැති කාමර පරිශ‍්‍රයකය. එහි එන රෝගීන් කන්දරාවේ හැටියට, එතැන ඇති ඉඩකඩ කොහෙත් ම ප‍්‍රමාණවත් නොවේ. සායනයේ ක‍්‍රියාවලිය ද අතිශයින් ම අසංවිධිත බව රෝගීන්ගේ බොහොම දෙනකුගේ අදහසයි.

වර්ෂ 1982 දී මහජනයාට විවෘත කෙරුණු ‘කරාපිටිය ශික්ෂණ රෝහල’ වර්තමානයේ ලංකාවේ මහ රෝහල් අතර දැවැන්තයෙකි. මහජනයාට එයින් සැලසෙන ප‍්‍රතිකාර සේවාව, කොළඹ හෝ මහනුවර දී කෙරෙන තරම් ම, උසස්ය. කරාපිටිය ශික්ෂණ රෝහල මගින්, වසරකට නේවාසික රෝගීන් 1,78,000ක් පමණ ප‍්‍රතිකාර සැපයෙයි. එසේම, බාහිර රෝගීන් 3,75,000කට සහ සායන රෝගීන් 6,00,000කට ද ප‍්‍රතිකාර සැපයෙයි. රෝහලෙහි සමස්ත කාර්යමණ්ඩලය ද 3052ක් පමණ වේ. දිනකට සාමාන්‍යයෙන් 24,600ක පමණ පිරිසක්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම, නේවාසික රෝගීන්ගේ සුවදුක් බැලීම ආදී විවිධ කටයුතු පිණිස රෝහලට එති!

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම පිණිස කරාපිටිය රෝහලට පැමිණෙන දහස් ගණන් මහජනතාව අතර සිටින්නේ දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවල මහජනයා පමණක් නොවේ. ඔවුන් ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අම්පාර, මොණරාගල, රත්නපුරය, ඇඹිලිපිටිය, කතරගම, බළන්ගොඩ ආදී ඉතා දුරබැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන්නන්ය. ‘කරාපිටියේ ගියොත් කොහොම හරි ගොඩ දානවා’ යන්න, ඔවුන් අතර ප‍්‍රචලිතව ඇති කතාවයි.
කරාපිටිය ශික්ෂණ රෝහල සම්බන්ධයෙන් පැතිරුණු ‘කොහොම හරි ගොඩ දානවා’ යන කතාව, දැන් නම් රෝහලට මහත් ගැටලූවක් බවට පත් වෙමින් තිබේ. රෝහලෙහි ප‍්‍රතිකාර ධාරිතාවට  ඔරොත්තු නො දෙන තරම් රෝගීන් සංඛ්‍යාවක් සුවය පතා දෛනිකව එහි පැමිණීම, ඊට හේතුවයි. එහි අක්ෂි ප‍්‍රතිකාර සායනය එයට කදිම නිදසුනකි. එහි එන රෝගීන් ගෙන් බහුතරය මාතර, අම්පාර, සියඹලාණ්ඩුව, මොනරාගල, හම්බන්තොට, පිටබැද්දර, අකුරැුස්ස, ඇල්පිටිය ආදී දුර බැහැරින්  පැමිණෙන අයයි. ඇතැමෙක් දුර බැහැර ගෙවා ගෙන කරාපිටියට එන්නේ, විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් සේවය කරන තමන්ගේ ප‍්‍රදේශවල රෝහල් පසුකර ගෙනය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට, බොහෝ දුර බැහැර ප‍්‍රදේශවල සිට රෝගීන් පැමිණීම සහ එහි අධික තදබදයක් තිබීම, හුදෙකලා සිදු වීමක් නොවේ. එය මුල් වටයේ දී ‘කරාපිටියේ’ හෝ ‘ගාල්ලේ’ ප‍්‍රශ්නයක් යයි පෙනෙන බව ඇත්තය. එහෙත් එය සමස්ත රුහුණම මුහුණ දෙන ගැටලූවක, එක් අයහපත් කෙළවරක් බව අමතක කළ නො හැකිය. එතැනින් ද ඔබ්බට ගිය විට, එය මහජනයාගේ සෞඛ්‍ය පැත්තෙන් මුළු රටට ම බලපාන ගැටලූවක් බව හ`දුනා ගැනීමට පුළුවන.

රට වැසියන් පෙළෙන විවිධාකාර අක්ෂි රෝගවලට ප‍්‍රතිකාර කරන්නට නම්, ප‍්‍රමාණවත් තරම් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්  සිටිය යුතු බව කවුරුත් පිළිගනිති. එහෙත් වැඩි දෙනා නොදන්නා කාරණය වන්නේ, ලංකාව කලක් තිස්සේ ම විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ හි`ගයකට මුහුණ දී සිටින බවයි.

සෞඛ්‍ය අමාතයංශය මගින් නිකුත් කළ ‘්භභඹ්ඛ ්‍යෑ්ඛඔ්‍ය ීඔ්ඔෂීඔෂක්‍ී-2016’ නම් අලූත්ම වාර්තාවට අනුව, දැනට රට පුරා රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 65 දෙනෙකි! එටේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් යයි සැලකුවහොත්, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සිටින්නේ ජනගහනයෙන් 3,38,461 දෙනෙකුට එක් අයෙක් බැගිනි! මින් කියැවෙන කතා පුවත ඛේදජනකය. එහි තේරුම වන්නේ ශ‍්‍රී ලංකාවට විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් හි`ග බවය.

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ හි`ගය බොහෝ කාලයක් මුළුල්ලේ පැවත එන්නක් බව ද සෞඛ්‍ය සංඛ්‍යාලේඛන අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘්භභඹ්ඛ ්‍යෑ්ඛඔ්‍ය ීඔ්ඔෂීඔෂක්‍ී-2016’ වාර්තා අනුව, 2010 වසරේ දී ලංකාවට සිටි විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 52කි. 2014 වන විට එම සංඛ්‍යාව 57ක් දක්වා ඉහළ නැගුණි. 2016 වසරේ දී විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 65ක් දක්වා වර්ධනය විණි. රටට සිටින විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ගෙන් බහුතරය කේන්ද්‍රගතව සිටින්නේ  බස්නාහිර පළාතේය. ඒ අනුව 2016 වසරේ ද අක්ෂි වෛද්‍යවරුන් 26 දෙනෙකු සේවය කළේ බස්නාහිර පළාතේය. ඉන් 18 දෙනෙක් ම සේවය කළේ කොළඹ දිස්ත‍්‍රික්කයේ රෝහල්වලය. ඉන් කොළඹ නයනාරෝග්‍ය ශාලාවේ සේවය කළ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් ගණන හත් දෙනෙකි.

රට පුරා වාර්තා වන අක්ෂි රෝගීන් කන්දරාව ද වසරින් වසර ඉහළ යයි. 2014 වසරේ රජයේ රෝහල්වල අක්ෂි සායනවලට  වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව 11,37,268කි. 2016 වසර වන විට එය 3,90,549කින් ඉහළ ගොස් 15,27,817ක් විය. එය 2016 වසරේ රටේ සිටි විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව සමග ගැළපූ විට, 2016 වර්ෂයේ එක් අක්ෂි වෛද්‍යවරයකුට ප‍්‍රතිකාර කරන්නට හෝ අධීක්ෂණය කරන්නට සිදු වුණු රෝගීන් සංඛ්‍යාව 23,504කි. එහි අරුත වන්නේ එක් අක්ෂි වෛද්‍යවරයකුට සායන දිනයක දී (සතියකට වරක් යෙදෙන සායන* දළ වශයෙන් රෝගීන් 489ක් බලන්නට සිදු වුණු බවයි.

රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුන්ට ද මෙය ඉතා පීඩාකාරී තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ! ලංකාවේ කුමන රෝහලකට ගිය ද, අක්ෂි රෝග සායනය යනු අතිශයින් ම තදබදයක් තිබෙන තැනක් බව ප‍්‍රසිද්ධ රහසකි. රට වටෙන් ම රෝගීන් පැමිණෙන බැවින් කොළඹ නයනාරෝග්‍ය ශාලාවේ පවා ඇත්තේ විශාල තදබදයකි. 2014 වර්ෂයේ පාලන වාර්තාවට අනුව, කොළඹ නයනාරෝග්‍ය ශාලාවට එම වසරේ පැමිණි සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,97,250කි. දිනකට එහි පැමිණෙන බාහිර රෝගීන් සංඛ්‍යාව දළ වශයෙන් 901කි. සායන රෝගීන් සංඛ්‍යාව ද 554ක් පමණ වේ.
කරාපිටිය ශික්ෂණ රෝහල මුහුණ දෙන්නේ ද මේ ප‍්‍රශ්නයේ ම කොටසකටය. ‘්භභඹ්ඛ ්‍යෑ්ඛඔ්‍ය ීඔ්ඔෂීඔෂක්‍ී-2016’ වාර්තාව අනුව, 2016 වර්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ රෝහල්වල අක්ෂි සායන ස`දහා පැමිණි රෝගීන් සංඛ්‍යාව 87,483කි. එම වසරේ ගාලූ දිස්ත‍්‍රික්කයේ සේවය කළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව හතර දෙනෙකි. ගාලූ දිස්ත‍්‍රික්කයේ බලපිටිය සහ ඇල්පිටිය යන මූලික රෝහල්වල ද අක්ෂි රෝග සායන පැවතිය ද, රෝගීන් වැඩි සංඛ්‍යාවක් පැමිණෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනයටය. එහි සතියේ දින හයක ම අක්ෂි සායන පැවැත්වෙයි. එහෙත් එහි තදබදයේ නම් නිමක් නැත.

‘්භභඹ්ඛ ්‍යෑ්ඛඔ්‍ය ීඔ්ඔෂීඔෂක්‍ී-2016’ වාර්තාවේ දැක්වෙන ආකාරයට, දකුණු පළාතට යාබදව පිහිටි අම්පාර, බදුල්ල, මොනරාගල යන මහ රෝහල්වල ද, දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර යන මහ රෝහල්වල ද විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස්දෙනෙක් පමණ සේවය කරති. සායන පවත්වති. එහෙත් එම ප‍්‍රදේශවල රෝගීන් ද පැමිණෙන්නේ කරාපිටියට ය!

කරාපිටිය රෝහලට දුර බැහැරින් පැමිණෙන රෝගීන් වි`දින්නේ මහත් පීඩාවකි. ඔවුන්ගෙන් ඇතැමෙක් කරාපිටියට එන්නේ පෙරදා හැන්දෑවේය. ඉන් සමහරෙක් රෝහල අසල විහාරස්ථානයක නවාතැන් ගනිති. තවත් සමහරෙක් රෝහල් ආලින්දයේ රැුය පහන් කරති. ඉක්බිති ඔවුහු අලූයම හතරේ සිට උඩු මහලට යන දොරටුව අසල පොදිකමින් පසුවෙති. දොරටු විවෘත කරන්නේ අලූයම 5.30ටය.  ඉන් පසුව වැඩි දෙනෙක් දුවන්නේ අක්ෂි සායනයේ පෝලිමටය. එහි ගොස් ඇස් පෙන්වා බෙහෙත් ගැනීම යුද්ධයක් බ`දුය. බැරි අමාරුවෙන් හෝ එයට නතු වන්නේ දිළින්දන්ය. ‘ඇති-හැකි’ අය එක්කෝ මුදල් ගෙවා පෞද්ගලික ‘චැනල් සේවා’ ඔස්සේ ගාල්ලෙන් ම අක්ෂි රෝග ප‍්‍රතිකාර ලබා ගනිති. නැතිනම් කොළඹ ගොස් ‘චැනල් සේවා’ ලබා ගනිති.

දුර බැහැරින් පැමිණි රෝගීන්ගෙන් වැඩි දෙනකුට, තම තමන්ගේ ප‍්‍රදේශවල තිබෙන අක්ෂි රෝග සායන ගැන විශ්වාසයක් නැත. ඇතැමෙක් ඒවාට යන්නට මැළිකමක් දක්වයි. ඔවුන්ට පෞද්ගලික ‘චැනල් සේවාවේ’ යන්නට මුදල් ද නැත.

‘මේවායේ බේතුත් නෑ, දොස්තරලත් නෑ’, ගමේ රෝහල් ගැන  ඇතැමුන් පැවසුවේ එසේය.
හෙට දවසේ ප‍්‍රාදේශීය රෝහල්වල ද අක්ෂි රෝග ප‍්‍රතිකාර පහසුකම් වැඩි දියුණු කරන්නේ නම්, වෛද්‍යවරුන් සංඛ්‍යාව ද වැඩි කරන්නේ නම්, අක්ෂි සායනවල තදබදය මීට වඩා අඩුවනු ඇත්තේය.

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

20161211_105624 20161211_105704-1