සති අන්ත දිනවල සවස් යාමයේදී මගේ මිත්‍රයකු සමග බයිසිකලයේ සවාරි යෑම පුරුද්දකට ගොස් බොහෝ කල්ය. රාමනායක මාවත හරහා විහාරමහා දේවී උද්‍යානයට පිවිසීමේ අරමුණින් අපි බයිසිකලයෙන් ගමන් කළෙමු. නමුත් මාවතේ වම් අත පැත්තේ ලොතරැයි කූඩුවක් තිබූ අතර හුදෙක් එය ලොතරැයි කූඩුවක්ම නොවීය. විජය, ගාමිණී, මාලනී, වීණා වැනි පැරණි නළු නිළියන්ගේ ඉපැරණි පින්තූර එහි රාමුකර තිබිණි. බයිසිකලය නවතා එතැනට ළං වූ විට එක් ඇසක් ආබාධිත මිනිසෙක් පදික වේදිකාවේ වාඩි වී සිටියේය. තතු විමසූ විට ඔහු මෙහි අයිතිකරුවා ලෙස හඳුනාගන්නට ලැබිණි. නම මිල්ටන් පෙරේරාය. 70 දශකයේ සිටි අති විශිෂ්ට අසරුවෙකි.

සංදේශය ෂෝ එකෙන් පස්සේ ගාමිණීගේ ෂෝවලට ආස හිතුණා. එතකොට 60 ගණන්වල. මට දැන් අවුරුදු 66ක් වෙනවා. ඒ කා‍ලේ පත්තරයක් සත 15යි. ඒ කා‍ලේ කලා ‍පොත් තිබුණනේ. ටවර් එක ගාව තිබුණා සත 15 ෆොටෝ එකක් ගාමිණී ෆොන්සේකාගේ. ඒවා අපි ගන්නවා. ඒවායින් තමා මං මේවා හැදුවේ.

ඔහු කතාබහට මුල පිරුවේය.
ඉස්සර අපේ අම්මලා, තාත්තලාට ‍පෝනි හිටියා. ඒ නිසා මං රේස් අශ්වයෝ ‍පෝනි පැද්දා. 72 නුවරඑළියේ තිබ්බ රේස් එකෙන් පළවැනි තරග 2කම දින්නේ මම. රෝයල් කො‍ලේජ් වලව්වේ පීටර් ඔබේසේකර හාමුගේ සත්තු තමා මං දින්නේ. පඩිය රුපියල් 50යි මට ඒ කා‍ලේ. හුඟක් රේස් දින්නා. එඪද ඉඥජධදඤ (දෙවැනියා) වෙනවා. සමහර වෙලාවට අපේ සත්තු. හිටපු ගමන් 3ක් 4ක් එනවා. අපි හත්දෙනෙක් දුවන්නේ. එක ‍පෝනි රේස් එකකට 25-30 දුවන්නේ. ඒ රේස් කොළ තාම තියෙනවා. නමුත් ඒ උණුසුම නුවරඑළියේ නෑ. අශ්වයෝ නම් දැන් ඉන්නවා 300ක් විතර. හැබැයි තරගවලට දුවන්නේ අශ්වයෝ හත්දෙනයිනේ. මේකනේ වෙලා තියෙන්නේ.. අයිතිකාරයෝ පස්දෙනෙක් ඉන්නවා නම් ඒ පස්දෙනාගේ තමා අශ්වයෝ. මතෛක් කිසිවෙකුවත් නොකී කතාවකට ෂෙල්ටන් පෙරේරා මුලපුරන්නේ එසේය.

80 ගණන්වල මං හොඳට හිටියා. ඒත් මගේ සහෝදරයෝ මට ඊර්ෂ්‍යා කළා. මගේ කාලයේ හිටපු අය ගොඩක් නැතිවෙලා. දැන් ඉන්න අය මාව දන්නේ නෑ. 2012දී තමයි ඇහැ අන්ධ වුණේ. දවසක් මගේ යාළුවෙක් එක්ක රණ්ඩුවක් ඇතිවුණා. මං රෑ ත්‍රීවීල් එකේ නිදාගෙන ඉද්දි යකඩෙකින් ත්‍රීවීල් එකට ගැහුවා. එතකොට වීදුරු කට්ටක් ඇහැ ඇතුළට ගිහින් තුවාල වුණා. අනිත් ඇහේ පෙනීමත් ටිකෙන් ටික අඩු වෙනවා. ඉස්පිරිතාලෙන් දුන්න ඉභදඨතචඵඵ එක පයිප්පේ ගාවදි නැතිවුණා. අයිඩින්ටියත් එතැන නැතිවුණා නම් නැතිවුණාම තමා. පුදුම වැඩේ කියන්නේ ඒ කා‍ලේ මිනිසුන් මගේ වීසා හදලා මාව සයිප්‍රස් ගෙනිච්චා අශ්වයෝ පුහුණු කරන්න. නිකෝසියාවේ ‘රුවි’ ෆාම් එකේ මං අශ්වයෝ පුහුණු කරේ. 94 මාව එක්කන් ගියේ. එහේ ඉන්න කෝටිපතියෝ දෙන්නෙක් මාව ගෙන්නුවේ. නුවරඑළියේ වසම අශ්වයෝ නැග්ගේ මම. ජොකී පීටර් අයියා කියලා කෙනෙක් හිටියා. එයා මට බණිනවා. එතකොට මං ‍පොඩියි.

මට ආදරේට කියන්නේ කළු කියලා. පීටර් අයියා කියනවා ‘මැරෙන්නද යන්නෙ කළු? මේ අශ්වයා රේන් කඩාගෙන යනවා. එක ඇහැක් පේන්නෙත් නෑ’ කියලා. මං කිව්වා ‘පීටර් අයියේ.. මවුන්ට් එකක් දුන්නොත් නගිනවාම තමා’ කියලා. මං අශ්වයාගේ පිටේ නැග්ගා. ඔක්කොම පුදුම වුණා කිසි කරදරයක් නැතුව කෙළින් ආවම. මං හතරවැනියා වුණා එදා රේස් එකෙන්. බාධක මැද දිරියෙන් පෙරට ඔහු පියවර තබන්නේ එසේය.

2012දී මායි අයියයි තමා මේක පටන් ගත්තේ. එතකොට මෙච්චර ෆොටෝ දාලා තිබුණේ නෑ. එයත් ජොකියෙක්. අයියා බයිසිකල් කඩයක් කළා. මං සිනමාවට ආදරෙයි. නමුත් අද වෙද්දි සිනමාවක් නෑනේ. අපි එක ෂෝ එක තුන් හතර පාරක් බලනවා. මං කැමතිම නළුවා ගාමිණී ෆොන්සේකා. එයාගේ ළඟට කාටවත් තාම ළංවෙන්න බෑ. ඉස්සර මං චිත්‍රපටි සම්බන්ධ ‍පොත් මෙතැන දාලා තිබ්බා. ඒවා මෙතැනට යන එන අය හොරකම් කරගෙන ගියා. පින්තූර එහෙම ඉරලා දානවා. මෙතැන විතරක් ‍නෙවෙයි මං රෙකෝඩ් තියපු අශ්වයන්ගේ කොළ පවා ඉරලා තිබුණා. මිල්ටන්ගේ මුහුණ ශෝකයෙන් බරිත විය. කඳුළු බිඳුවක් ඔහුගේ නතෛහි උපදින අයුරු දිස්විය.

මේක පැය 24ම විවෘතයි. හෙට කොහේ හරි වැඩක් තිබුණොත් වහලා යනවා. මෙතැන තමා මං ඉන්නේ. 62න් පස්සේ ‍පෝනි රේස් නැතිවුණාම ආයේ පටන් ගත්තේ අපි. සුද්දගේ කා‍ලේ දුවපු අශ්ව රේස් එකක කොළයක් මං ගාව තාම තියෙනවා. මං එච්චර ඉගෙන ගත්තේ නෑ. ඉස්කෝ‍ලේ යෑම කඩාකප්පල් වුණා. උදේ 6ට රේස් කෝස් එකට යනවා. මිල්ටන් නැවත කතාවට මුල පිරුවේය.

සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, ජීවරාණි තමා මං ආසම නිළියෝ තුන්දෙනා. මාලනී ෆොන්සේකා නැගලා ගියේ ගාමිණී ෆොන්සේකා නිසා. ගාමිණී ෆොන්සේකාව මං ටිකක් දන්නවා. ඒ පවුලම මට හරි ආදරෙයි. රෙක්ස් කොඩිප්පිලි, විජය කුමාරතුංග, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද වගේ අයව මං තරමක් ඇසුරු කරලා තියෙනවා.
බොහෝ නළු නිළියන් මිල්ටන් දැන හඳුනාගෙන සිටියේය. ඒ ඔහු බයිස්කෝප් පිස්සෙක් වූ බැවිනි.
මේ පින්තූර බලන් ඉන්නකොට මගේ බඩගින්න නැතිවෙනවා. හැමදාම විජය කුමාරතුංගගේ පින්තූරේ ඉස්සරහින් මල් තියනවා. මේ ගොල්ලෝ එක්ක තමා මං බුදිය ගන්නෙත්. දැන් යන ෆිල්ම්වලින් අර්ජුන කමලනාතුයි, රන්ජන් රාමනායකයි ඉන්න පික්චර් බලන්න තමා මං කැමති. ලංකාවේ කොමඩිවලට හිටියේ බි.එස්. පෙරේරායි, ඇල්.ඇම්. පෙරේරායි. හතර මහා නිධානය ෂෝ එක ගැහුවේ. ඇක්ටින් අතින් ඉන්නේ සංගීතා වීරරත්න. මං මේ පින්තූර පෙට්ටි ගණන් එකතු කළේ. හුඟක් මං දාලා ආවා. මීරිගම, බෝත‍ලේ වළව්වේ මට අශ්වයෝ බලන්න හම්බ වුණා. අශ්වයෝ විතරක් ‍නෙවෙයි මං වත්තේ වැඩත් බැලුවා. මේ ඉන්න තැන වුණත් දවසට විසි වතාවක් විතර මං අතුගාලා පිරිසිදු කරනවා.

තමන් ආදරය කරන නළු නිළියන්ට ඔහු දේවත්වයෙන් සලකන්නේ එසේය. එසේම ඔහුට රටේ ඉහළම වලව්වල අශ්වයන් බලාගන්න ඉඩ ලැබෙන්නේද විශ්වාසවන්ත සේවකයෙක්ද වන බැවිනි.

මං නීතියෙන් විවාහ වුණේ නැහැ. මට පවුලක් නැහැ. කන බොන ටික හදලා දෙන්නේ මේ අහල පහල අය. ‘කළු අයියේ තේ එකක් බොන්න, කළු අයියේ කෑවේ නෑ නේද?’ කියලා ඒ අය අහනවා. බිරිඳයි, දරුවෝ දෙන්නයි මාව අතහැරලා ගියා. ඉඩම් දේ‍පොළ, සහෝදර සහෝදරියෝ බෙදාගත්තා. මං හොරෙක් ‍නෙවෙයි. අහිංසක මිනිහෙක්. ‍පොලිසිය මාව දැක්කාම හිතන්නේ කුඩුකාරයෙක්, හොරෙක් කියලා. පාරේ යන්න බෑ. මං පාක් එකේ සත 25ට ‍පෝනි ඇද්දේ.

ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් මේ රසකාමියා ඒ සියල්ලම උපේක්ෂාවෙන් විඳ දරාගෙන සිටින්නේ වෙරළේ ගල්පරයක් සේය.

දවසක් මං ‍පෝනියාගේ පිටේ යද්දි බම්බලපිටියේදී ‍පොලිස්කාරයෙක් ඇල්ලුවා. මගෙන් මිනිහා ලයිසන් තියෙනවාද කියලා ඇහුවා. මං මගේ ජොකි ලයිසන් එක දුන්නා. ‘උඹලට ලයිසනුත් තියෙනවද?’ කියලා මිනිහා පුදුමයෙන් ඇහුවා. එහෙමයි ‍පොලිසිය අපි ගැන හිතන්නේ. ‍පොලිසියෙන්ද ඔහුට එවන් අරියාදු නැතුවාම නොවේ.

මේ දවස්වල මං වතුවල වැඩ කරනවා. මල් පැළවලට වතුර දානවා. සමහර මිනිස්සු මට ‍පෝනියෝ දෙනවා. නමුත් තියාගන්න මට තැනක් නෑනේ. ඉස්සර ‍පෝනියෝ එළවන්න මං ළමයින්ට ඉගැන්නුවා.

දවසක් මං ගියා චිත්‍රපට රූගත කිරීමකට. ‍පෝනි එළවන හන්දා මට බය වගේ අවස්ථා එනවා. බෝපිටියේ මුහුදු වෙරළේ තමා දර්ශනය තිබ්බේ. පික්චර් එක ගහන්නේ ඩී.ජී.අයි. ගාමන්ට් එක ගහන්නේ ඩී.ජී.අයි. ගාමන්ට් එකේ ලොක්කා.

සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග හිටියේ ඒකේ. කුසලා පෙරේරා කියන දුවෙක් ජීවන්ගේ දුවට රඟපෑවේ. මම ජීවන්ගේ සුදු අශ්වයා අල්ලන් හිටියා. කුසලා පෙරේරා හිටියේ වේගෙන් දුවන සතෙක්ගේ (ඩ්චපඤ ඡඥචබ) පිට උඩ.

එයාගේ තාත්තත් කැමරා ශිල්පියෙක්. මං ජීවන් කුමාරතුංග එක්ක කතාවට වැටිලා හිටියේ. නොදැනුවත්කමින් දුව වාඩිවෙලා හිටිය අස්සයාගේ පටිය අර කොල්ලා අතින් අතහැරුණා. ජීවන්ට සතාව පාලනය කරන්න පුළුවන් හින්දා අර ඉස්සරහ යන සතාගේ ඇඟට දුවලා දුවලා ගිහින් පැන්නා. පස්සේ ළමයත් එක්ක මං බිමට වැටුණා. මාව පාගාගෙන සතා දිව්වා. පස්සෙ ආයෙමත් නගින්න හදද්දි ළමයාට බෑ කිව්වා. එයා දන්නවා නම් මේ කතා කරන්නේ ඒ ෂෙල්ටන් කියලා එයා ඒවි රාමනායක මාවතේ සියඹලා ගහ යටට. ඊට පස්සේ ඩී.ජී.අයි. ගාමන්ට් එකේ ලොක්කා මං ගාවට ඇවිත් ස්තුති කළා. මට රුපියල් 3000කුත් දුන්නා.

මෙවන් ත්‍රාසජනක අත්දැකීම්ද මිල්ටන්ගේ ජීවිතයේ නැතුවාම නොවේ.
රාමනායක මාවතේ සියඹලා ගහ යට අප පැයක් පමණ බයිසිකල් ආලෝකයෙන් කතා කෙරුවෙමු. ෂෙල්ටන්, විජයට තැබූ මල් කමෛන් කමෛන් අවපැහැ වී යයි. අපි වෙන්වන්නට කලියෙන් අප හදවත් තදින් ගැටෙන අයුරින් ඔහුව වැලඳ ගත්තෙමි. නැවත ඔහුව හමුවීමට පිළිනදී මිනිසුන් සොයා අපි බයිසිකලයෙන් ඉගිලුණෙමු.

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු
ඡුායාරූප – සජීව චින්තක කහඳගමගේ